අප කවුරුත් අසා තිබෙන මොකක්ද මේ VPN?
මෙදිනවල නිතර නිතර ඇසෙන මාතෘකාවක් වන්නේ VPN ය. VPN පිළිබඳව කතාවට ලක්වුවද VPN යනු කුමක්ද හා එහි කෘත්‍යය පිළිබඳව ඔබට හොඳ දැනුවත්භාවයක් තිබේද? මේ ඒ පිළිබඳවයි.
VPN යන අකුරු තුනේ තේරුම වනුයේ Virtual Private Network. VPN ඉතිහාසයේ සමාරම්භය සිදු වුයේ 1996 දීය. මෙහි අරමුණ වූයේ එය පරිශීලකයාට ආරක්ෂිතව අන්තර්ජාලයේ සැරිසැරීමට සැලැස්වීමය. මුල් කාලයේදී VPN භාවිතා කරන ලද්දේ තමන්ගේ තොරතුරු ආරක්ෂා කිරීමට උත්සහ දරන විශාල ව්‍යාපාර හෝ සංවිධාන වේ. එනමුත් වර්තමානයේ මිනිසුන් තමන්ගේ නිර්නාමිකත්වය ආරක්ෂා කරගැනීමට VPN භාවිතා කරයි. වර්තමානයේ ලෝකයේ අන්තර්ජාල පහසුව අත්විදින පුද්ගලයන් 4 දෙනෙකුගෙන් 1 අයෙකු VPN භාවිතා කරන බව සොයාගෙන ඇත. මෙහිදී VPN භාවිතා කරන රටවල් අතරින් වියට්නාමය, සෞදි අරාබිය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා තායිලන්තය ඉදිරියෙන් සිටී.
ඔබ මෙම බ්ලොග් පිටුව කියවීමට උත්සහ දරනවා යැයි සිතන්න. එ සදහා මෙහි IP Address එක ඔබ ඇතුලත් කළ යුතුය. එනමුත් සාමාන්‍යයෙන් ඔබට මෙලෙස අංක මතක තබාගැනීම අපහසු බැවින් ඔබ මෙම පිටුවේ ඩොමේන් නම ඇතුලත් කරයි. මෙම බ්ලොග් පිටුවේ එම නම http://blog.vidunenahawula.com/ වේ. මෙහිදී ඔබ මෙම පිටුවේ ඩොමේන් නම ඇතුලත් කරන විට එම ඉල්ලීම විශේෂ Server පරිගණක වෙතට යැවේ. මෙම විශේෂ Server පරිගණක DNS හෙවත් Domain Name Server ලෙස හැදින්වෙනවා. මෙම server පරිගණක මගින් අප යවන ඩොමේන් නමට අදාල IP address එක අපට නැවත එවීම සිදු කරයි. මෙම ක්‍රියාවලිය ඉතා කෙටි කාලයක් ඇතුලත සිදුවේ. එනමුත් මෙලෙස අප වෙබ් අඩවියට පිවිසීමට ඉල්ලීම යැවූ විට එ සමගම අපේ IP address එක Operating System එක, Device එකේ වර්ගය වැනි තොරතුරු රැසක්ද අපට නොදැනුවත්ව යැවීම සිදුවෙනවා.මෙලෙස යැවෙන IP address එක තුලින් ඔබ භාවිතා කරන උපාංගයේ පිහිටීම සොයාගත හැක. මෙම යැවෙන තොරතුරු බොහොමයක් යැවෙන්නේ ඔබට එම පිටුවේ ඇති තොරතුරු ලබා ගැනීම පහසු කිරීමටය. වෙබ් අඩවියේ භාෂාව ඔබට ගැලපීමටත්, ඔබේ පරිගණකයට අදාලව ගැළපෙන පරිදී දිස්වීමටත් මෙම තොරතුරු භාවිතා කෙරේ.
දැන් VPN එකකින් කුමක් සිදුවේද යන්න සොයාබලමු. ඔබ VPN පරිගණක මෘදුකාංග භාවිතා කරනවා යැයි සිතන්න. ඔබ යම් වෙබ් අඩවියකට පිවිසෙන විට ඔබේ තොරතුරු DNS එකෙන් යෑමට පෙර VPN මෘදුකාංගයේ server වෙතට ගමන් කෙරේ. ඉන්පසු මෙම තොරතුරු VPN server වල සිට DNS servers වලට යොමු වේ. එවිට DNS servers මගින් එම ඩොමේන් නමට අදාල IP address එකට අදාල වෙබ් අඩවිය VPN servers වෙතට යොමු කරයි. VPN servers මගින් එම තොරතුරු නැවත අපට එවීම සිදුකරයි. ඊට අමතරව මෙයින් වන වාසිය වන්නේ DNS සමග තොරතුරු හුවමාරු කරගන්නේ VPN servers මගිනි. එවිට DNS servers මගින් ලබගන්නා තොරතුරු වලදී අප සිටින ස්ථානය ලෙස ලබාගන්නේ VPN servers තියෙන ස්ථානයේ පිහිටීමයි. මෙනිසා අප එම රටේ සිටින ලෙස අන්තර්ජාලයට එක් විය හැක.
VPN ක්රියාකරනුයේ කෙලෙසදැයි ඔබට දැන් යම් හැඟිමක් පවතිනවා යැයි මා සිතනවා. එවිට නැගෙන ඉලඟ ගැටළුව වන්නේ VPN වල ප්‍රයෝජන කුමක්ද යන්නය. VPN වල ඇති මුල්ම ප්‍රයෝජනය වන්නේ ඔබට ඔබේ අනන්‍යතාවය සුරක්ෂිතව පවත්වා ගැනීමට හැකිවීමයි. ඔබ යම් වෙබ් අඩවියකට පිවිසිමේදී ඔබ පිළිබඳව තොරතුරු රැසක් ලබාගන්නා බව ඔබට මතක ඇති. VPN මගින් මෙය වැලැක්වීම සිදුවේ. මෙම ප්‍රයෝජනයට අමතරව හැකර්ස්ලාගෙන් යම් තාක් දුරට ආරක්ෂාවක්ද ලැබේ. ඔබ යම් පොදු WiFi එකකට සම්බන්ධ වී අන්තර්ජාලයෙන් ඔන්ලයින් ගණුදෙනු කරන විට ඔබේ තොරතුරු පහසුවෙන් හැකර්ස්ලා අතට පත්විය හැක. එනමුත් ඔබ VPN මෘදුකාංගයක් භාවිතා කලහොත් VPN මගින් ඔබ යවන තොරතුරු encrypt කරන බැවින් හැකර්ස්ලාට මෙය වඩාත් අපහසු වේ.
ඊට අමතරව යම් රටක රජයකට එම රටේ ඇති ඔබට අන්තර්ජාල පහසුකම් සපයන ISP සමග එක්වී යම් යම් වෙබ් අඩවිවලට ඇතුල් වීම තහනම් කිරීම සිදුකර හැක. ඔබ VPN මෘදුකාංගයක් භාවිතා කලහොත් ඔබේ පිහිටීම ලෙස ගැනෙනුයේ VPN servers හි පිහිටීම බැවින් ඔබට එවැනි තහනම් කරන ලද වෙබ් අඩවිවලටද ප්‍රවේශ වීමට හැකියාව ඇත.
දැනට පවතින වෙබ් අඩවි අතරින් සමහර වෙබ් අඩවි යම් යම් රටවලට පමනක් සීමා කර ඇත. මෙම වෙබ් අඩවි වෙනත් රටක සිටින මිනිසුන්ට භාවිතා කළ නොහැකි අතර එවැනි පුද්ගලයන්ට VPN භාවිතා කර මෙවැනි වෙබ් අඩවි වලටද පිවිසිය හැක. Netflix, Hulu, Spotify, වැනි වෙබ් අඩවි මෙලෙස යම් රටවලට සීමා කර ඇති සමහර වෙබ් අඩවි වේ.
මෙලෙසින් VPN මගින් අන්තර්ජාලයට සම්බන්ධ වීමෙන් පවතින වාසි අතර අවාසිද නැතුවම නොවේ. VPN භාවිත කිරිමේ එක් අවාසියක් වන්නේ ඔබට වැඩි මුදලක් ලබා දීමට සිදුවීමයි. ඔබ නොමිලේ VPN සේවාව ලබාදෙන මෘදුකාංගයක් භාවිතා කලහොත් ඔබේ අන්තර්ජාල වේගය අඩුවිය හැකි අතර විවිධ ප්රචාරක නැරඹීමට සිදුවේ.
මෙලෙසින් දිග හැරීමට ලක්වූයේ VPN යනු කුමක්ද, එහි කාර්යභාරය හා එහි වාසි අවාසිය.
සැකසුම -
සඳරුවන් මානවඩුගේ
කනිෂ්ඨ පර්යේෂණ සහකරු,
ජාතික මුලික අධ්‍යයන ආයතනය
කනිෂ්ඨ පර්යේෂණ සහකරු,
ජාතික මුලික අධ්‍යයන ආයතනය
Subscribe to:
Posts
(
Atom
)
No comments :
Post a Comment