අවදානම පිණිසයි, දියවැඩියා රකුසාගේ මීළඟ ගොදුර ඔබ විය හැක.
සීනි වැඩිය කන්න එපා දියවැඩියාව හැදෙයි යන ප්‍රකාශය ඉතාමත් ජනප්‍රිය වේ. ලෝකයේ ජීවත් වන ජනතාවගෙන් මිලියන 400 කටත් වැඩි පිරිසක් දියවැඩියාව මගින් පීඩා විදී. දියවැඩියාව හේතුවෙන් හෘද රෝග, වකුගඩු රෝග, අන්ධභාවය ඇතිවිය හැකිය. මිනිසුන් විශාල පිරිසකගේ අවධානමට ලක්වු දියවැඩියාව පිළිබඳව ඔබේ දැනුවත් භාවය කෙලෙසද?
ඔබ ආහාරයට ගන්නා පිෂ්ට සහිත ආහාර(උදා- බත්,පාන්,) මෙන්ම සිනී සහිත ආහාර (උදා- පැණි රස ) මගින් ඔබේ ග්ලුකෝස් මට්ටම ඉහල
යාහැක. මෙලෙසින් ඔබ දිනපතා සුළු ආහාර ප්‍රමාණයක් ගත් විටද තමාගේ ග්ලුකෝස් මට්ටම
ඉහල ගොස් දියවැඩියා ඇතිවිය හැකි බව ඔබ සිතනවා ඇති. එනමුත් ඔබේ රුධිර ග්ලුකෝස්
මට්ටම පාලනයට අග්න්‍යාශයෙන් සහයක් ලැබෙනවා.
අග්න්‍යාශය තුල ඉන්සුලින් හා ග්ලුකගන් නම් හොමෝන දෙකක් නිපදවෙනවා. මෙම
හොමෝන දෙකෙන්ම රුධිර ග්ලුකෝස් මට්ටම පාලනය කෙරේ. රුධිර ග්ලුකෝස් මට්ටම නියමිත අගයට
වඩා අඩු වූ විට ග්ලුකගන් මගින් රුධිර ග්ලුකෝස් මට්ටම නියමිත අගයට රැගෙන එනවා.
එමෙන්ම රුධිර ග්ලුකෝස් මට්ටම වැඩි වූ විට ඉන්සියුලින් මගින් වැඩි ග්ලුකෝස් අක්මාව
තුල ග්ලයිකොජන් ලෙස තැන්පත් කර නැවත ඔබේ රුධිර ග්ලුකෝස් මට්ටම නැවත නියමිත මට්ටමට
අඩු කරනවා. 

Type 1 Diabetes හා Type 2 Diabetes ලෙස දොස්තරවරු කියනවා ඔබ සමහරවිට අසා තිබෙනවා ඇති.
Type 1 Diabetes හා Type 2
Diabetes යනු කුමක්ද?
Type 1 Diabetes හි සිදුවනුයේ අග්න්‍යාශය මගින් ඉන්සුලින් නිපදවීම
අඩුවීම හෝ නිපදවීමක් නොමැති වීමය. බොහෝ විට මෙම තත්වය ඇති වන්නේ කුඩා දරුවන්ට හෝ
තරුණ අයටය. Type 1 Diabetes ඇතීවීමට බොහෝවිට
ජාන විකෘති, Type 1 Diabetes සහිත පවුලේ
සාමාජිකයින් සිටීම වැනි හේතු බලපායි. Type 1 Diabetes හි සිදුවනුයේ ඇඟ මගින් ඉන්සියුලින් නිපදවීමක්
නොමැති වීමයි. මෙයට ප්‍රතිකාර ලෙස බොහෝවිට සිදු කරනුයේ පිටින් ඉන්සුලින් සැපයීමයි.

දියවැඩියාවෙන් පෙලෙන රෝගීන් බොහෝදෙනෙකුට පවතිනුයේ Type 2 Diabetes වේ. Type 2 Diabetes යනු ඉන්සුලින් ශරීරයේ නිපදනු ලැබුවද සෛල
මගින් නිසියාකාරව භාවිතා නොකිරීමය. Type 2 Diabetes ඇතිවීමට බලපානුයේ අපට එදිනෙදා ජිවීතයේදී
පාලනය කර ගත හැකි සාධකය. තරබාරුකම, ව්‍යායාම වලින් තොර කායිකව අක්‍රීය පුද්ගලයකු වීම, අධික වශයෙන් ආහාර පරිභෝජනය වැනි සාධක Type
2 Diabetes සදහා හේතු වේ.
දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීම මගින් ශරීරයට සිදුවන හානිය ඉමහත්ය.
හෘදයාබාධ ඇතිවීම, අංශභාගය ඇතිවීම,
ඇසේ සුද ඇතිවීම, වකුගඩු අක්‍රීය වීම, දෙපා වල ඇති වන තුවාල වැඩි දියුණු වී, ඇඟිලි සහ දෙපා කපා දැමීමට සිදු වීම,
ස්නායු දුර්වලතා ඇතිවීම වැනි රෝග එම
සිදුවන හානි වලින් කිහිපයකි.එනම් දියවැඩියාව යනු ඔබේ සිරුර තවදුරටත් භාවිතා කිරීමට නොහැකි වන පරිදි සියලුම අවයව වල මෙන් ලෙඩ ඇතිකරයි.
පිෂ්ඨ සහිත ආහාර ගැනීමේදි සැලකිලිමත් විය යුතු තවත් කරුණක් වන්නේ එහි
අඩංගු සරල සීනි ප්‍රමාණයයි. පිෂ්ඨ සහිත ආහාරයක පවතින ග්ලුකෝස්/ සරල සීනි ප්‍රමාණය Glycemic
Index නම් ඒකකයකින් මැනේ. Glycemic Index
අගය වැඩි වන විට එහි අඩංගු සරල සීනි ප්‍රමාණය
වැඩිවන අතර, Glycemic Index අගය අඩුවන විට
අඩංගු සරල සීනි ප්‍රමාණය අඩුවේ. පාන්, සුදු බත්, පාන් පිටි සහිත
ආහාර, වල ඉහල Glycemic
Index අගයක් ඇත. නාඩු සහල්,ආටා පිටි,කුරක්කන් පිටි සහිත ආහාරවල පහල Glycemic
Index අගයක් ඇත.
ආහාර පාලනයක් සිදුකරනුයේ කෙසේද? අපට නිතර දෙවේලේ ඇසෙන එනමුත් බොහෝ පිරිස් අනුගමනය
නොකරන පිළිවෙතකට මාරුවිය යුතුය. එනම් සමබල ආහාර වේලක් ගත යුතුය.මෙම ආහාර වෙලෙහි
පිෂ්ඨය, ප්‍රෝටීන, මේදය,ඛනිජ ලවණ , විටමින අඩංගු විය යුතුය. එහිදීද සමබල ආහාර වේලෙහි
ප්‍රධාන අංගය වන පිෂ්ඨ ආහාර ගැනීමේදී කෙදි සහිත ආහාර වන නිවුඩු හාල්, කුරක්කන් තිබීම වඩාත් වැදගත්ය.
මෙහිදී එක් ආහාර වේලකට අධික පිටි ගැනීමෙන්ද වැලකිය යුතුය. පිෂ්ඨ ආහාර අඩු
කිරීමෙන් ආහාර පිඟානේ ඇතිවන ඉඩ ප්‍රෝටීන මගින් පිරවිය යුතුය. මුං ඇට, කඩල කව්පි, පරිප්පු, මාළු වැනි ආහාර වලින් ඔබේ ප්‍රෝටීන අවශ්‍යතාවය
සපුරා ගත හැක. මේද ආහාර සැලකුවහොත් ඔබ දිනකට ලබා ගන්නා මේද ප්‍රමාණය මෙන්ම මේද
වර්ගයද පිලිබඳව සැලකිලිමත් විය යුතුය. මෙහිදි එලවළු තෙල්, සුරියකාන්ත තෙල් වැනි තෙල් භාවිතා කිරීම
සුදුසුය. පොල් තෙල් භාවිතය සුදුසු නමුත් එය භාවිතා කළ යුත්තේ අඩු ප්‍රමාණ වලිනි.
දියවැඩියා රකුසාව පරාජය කිරීමට ආහාර පාලනය මගින් පමණක් සිදු කළ නොහැක. ඊට හොඳ ශාරිරික සුවතාවයක් හා මානසික යහ පැවැත්මද තිබිය යුතුය. තමන්ට ගැලපෙන තමන් කැමැති ව්‍යායාමයක් දිනකට මිනිත්තු 20ක් කිරීමෙන් දියවැඩියාවෙන් මිදීමේ මග පාදා ගත හැක. වේගයෙන් ඇවිදීම, දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම් වල යෙදිය හැක. මෙහිදි හෘදයාබාධ හෝ වෙනත් අනතුරු වලට ගොදුරු වීමේ අවදානමක් ඇත්නම් වෛද්‍ය උපදෙස් මත මෙම ක්‍රියාකාරකම් වල යෙදීම වඩාත් සුදුසුය.
දියවැඩියා රකුසාව පරාජය කිරීමට ආහාර පාලනය මගින් පමණක් සිදු කළ නොහැක. ඊට හොඳ ශාරිරික සුවතාවයක් හා මානසික යහ පැවැත්මද තිබිය යුතුය. තමන්ට ගැලපෙන තමන් කැමැති ව්‍යායාමයක් දිනකට මිනිත්තු 20ක් කිරීමෙන් දියවැඩියාවෙන් මිදීමේ මග පාදා ගත හැක. වේගයෙන් ඇවිදීම, දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම් වල යෙදිය හැක. මෙහිදි හෘදයාබාධ හෝ වෙනත් අනතුරු වලට ගොදුරු වීමේ අවදානමක් ඇත්නම් වෛද්‍ය උපදෙස් මත මෙම ක්‍රියාකාරකම් වල යෙදීම වඩාත් සුදුසුය.
ලෝකයේ ජීවත් වන මිනිසුන් ලෙස ඔබලාට කාලය සමග තරගයක් පවතී. එබැවින් ඔබට
විවේකයකට වෙලාවක් නොමැති තරම්ය. මෙයද දියවැඩියාව ඇතිවීම සදහා වක්රාකාර බලපායි.මෙනිසා
ඔබ හැකි පමණ මානසික පීඩා ගෙන දෙන කටයුතු වලින් ඉවත්වීම සිදු කළ යුතුය. ඔබට පවතින
පීඩාකාරී ගැටළු සමීපතම මිතුරෙකු සමග සාකච්ඡා කිරීම වඩාත් සුදුසුය. එමෙන්ම එදිනෙදා
කටයුතු එදිනම සිදු කර අනවශ්‍ය අවිවේකී බවින් මිදී වැඩ කිරීම වඩාත් සුදුසුය.
![]() |
Photo Credit- https://www.israel21c.org/israel-launches-social-impact-bond-to-prevent-diabetes/ |
මෙලෙසින් දිගහැරුණු ලැබුවේ දියවැඩියාව පිළිබඳ තතු හා එයින් වැලකෙන
ආකාරයයි. මෙහි දක්වන ලද තොරතුරු භාවිතා කර තමන්ගේ සෞඛ්‍ය පවත්වාගැනීම ඔබ සතු
කාර්යභාරයකි.
සැකසුම -
සඳරුවන් මානවඩුගේ
කනිෂ්ඨ පර්යේෂණ සහකරු,
ජාතික මුලික අධ්‍යයන ආයතනය
කනිෂ්ඨ පර්යේෂණ සහකරු,
ජාතික මුලික අධ්‍යයන ආයතනය
Subscribe to:
Posts
(
Atom
)
No comments :
Post a Comment