නිදාගැනීමේ ශිල්පය ප්‍රගුණ කරගත් සත්ව ලොවේ සාමාජිකයන්

No comments
වර්තමානයේ පවතින කාර්යබහුල ජීවිතයත් සමග උරෙන් උර ගැටෙන මිනිසුන් තමන්ගේ නින්ද පිළිබඳව අඩු සැලකිල්ලක් දක්වයි.සාමාන්‍යයෙන් මිනිසුන් දිනකට පැය 8ක් පමණ කාලයක් සුව නින්දක පහස අත්විඳී. ඒ අනුව අප අපගේ ජීවිත කාලයෙන් තුනෙන් එකක කාලයක් නිදාගනී.



Credit- https://www.barzellette.net/f2657-gatto-dorme-pancia.html
එනමුත් සමහර සත්වයන්ට මෙලෙසින් සුව පහසු නින්දක් ලබා ගැනීමට ඉඩ කඩ නැත. සත්වයන්ටද ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ඇත. ඔවුන්ට දෛනික ජිවිතය පවත්වාගැනීමට ආහාර සොයාගත යුතුය. එමෙන්ම ඔවුන්ගේ විලෝපිකයන්ගෙන් බේරී තමන්ගේ දිවි රැක ගත යුතුය. මේ අනුව මෙමගින් ඔබ හමුවට ගෙන එන්නේ සත්ව ලෝකයේ සත්වයන් දක්වන සිත්ගන්නා සුළු නිදාගැනීමේ උපක්‍රමය.  
අප සැවොම අශ්වයන්ට කැමැත්තක් දක්වයි. මිනිසුන් අශ්වයන්ව හීලෑ කිරීමට පෙර ඔවුන් වනයේ ජිවත් විය. මෙහිදි අශ්වයන්ට කොටියන්, වෘකයන් වැනි විලෝපිකයන්ගෙන් ආරක්ෂා විය යුතු විය.අශ්වයන් විවෘත තැනිතලා වල ගැවසුන බැවින් ඔවුන් ඔවුන්ගේ විලෝපිකයන්ට දෘශ්‍යමාන විය. එබැවින් ඔවුන් නිදාගන්නා විට විලෝපිකයන්ගේ පහසු ගොදුරු බවට පත්විය. එනිසා අශ්වයන්ට හිටගෙන නිදාගැනීමේ හැකියාව ලැබී ඇත. මෙය සිදුකල හැක්කේ ඔවුන්ගේ ශක්තිමත් කකුල් නිසාය.අශ්වයන්ට ඔවුන්ගේ දණහිස් අගුලු යොදා නිදා ගැනීමට හැක. අශ්වයන් රංචු ගැසී වාසය කරන නිසා සමහර අශ්වයන් දිගාවි සුව නින්දක්(REM Sleep) ලබන අතර අනෙක් අශ්වයන් හිටගෙන නිදාගනී. මෙනිසා ඔවුන් විලෝපිකයන්ට ගොදුරු විමේ අවදානම අඩුවේ.
Credit- https://wonderopolis.org/wonder/do-horses-sleep-standing-up
මුහුද හරහා මහද්වීපයකින් මහද්වීපයකට පර්යටනය  කරන පක්ෂීන් ඇත. මොවුන් නිදාගන්නේ කෙසේද? නැත්නම් මෙම පක්ෂීන් ඔවුන්ගේ ගමන අවසන් වන තුරු නිදාගන්නේ නැද්ද? මෙම පක්ෂීන් නිදාගන්නේ යැයි පැවසු විට ඔබලාට නැගෙන අනෙක් ගැටලුව වන්නේ මෙම පක්ෂීන් නිදාගන්නේ මුහුදේදිද කියාය. නැත, මෙම පක්ෂීන්ට නිදාගනීමට අරුම පුදුම ක්‍රමවේදයක් ඇත.ඔවුන් පියාඹන විටදීම නිදාගැනීමද සිදුකරයි. මෙහිදි ඔවුන් වෙනත් පක්ෂීන්ගේ හෝ ගල් පර්වතවල හැප්පීම වැලැක්වීමට ඔවුන් ඔවුන්ගේ මොලයේ එක් අර්ධ ගෝලයක් අවදියෙන් තබාගනී. මේ අනුව ඔවුන් වෙනත් පක්ෂීන්ගේ හෝ ගල් පර්වතවල හැප්පීම වැලැක්වීමට ඔවුන් ඔවුන්ගේ මොලයේ එක් අර්ධ ගෝලයක් අවදියෙන් තබාගනී. මේ අනුව මාරුවෙන් මාරුවට එක් එක් අර්ධ ගෝලය විවේකයක් ලබාගනී. ෆ්‍රිගේට් කුරුල්ලා හා ඇල්බට්‍රොස් කුරුල්ලා මීට උදාහරණය.
Credit- https://www.treehugger.com/animals/new-study-proves-birds-can-sleep-while-flying.html
                පක්ෂීන් මෙන්ම ඩොල්ෆින්ද මෙලෙසින් වරකට එක් අර්ධ ගෝලයකට පමනක් විවේකය ලබා දේ. ඩොල්ෆින් මෙලෙසින් කරන්නේ ඇයි? ඩොල්ෆින් මාලුවෙකු නොවේ ඔවුන් ක්ෂීරපායීන් ගණයට අයත්වේ. එබැවින් හුස්ම ගැනීමට ජලයේ O2 භාවිතා කල නොහැක. එබැවින් හුස්ම ගැනීමට සෑම මිනිත්තු 2-3 වරක්ම මතුපිටට පැමිණිය යුතුය.මෙලෙසින් මතුපිටට පැමිණීම නිදාගැනීමට බාධාවකි. ඩොල්ෆින් එක් අර්ධ ගෝලයක් අවදිව තබාගනිමින් නිදාගැනීමට අමතරව හුස්ම ගැනීමේ කාර්යයේද නිරත වේ.
Credit - https://animalsake.com/interesting-facts-about-sleeping-habits-of-dolphins
ඔබලා බොහෝදෙනෙකු රෑ නිදාගන්නා විට ඔබ මදුරු දැලක් භාවිතා කරනව ඇති. මදුරු දැලක් භාවිතා කරන්නේ ඇයි? මදුරුවන් වැනි පරපෝෂිතයන්ගෙන් බේරීමට නේද. එලෙසින්ම සත්ව ලෝකයේද පරපෝෂිතයකුගෙන් බේරීමට මදුරු දැල් වල කෘතයට ආසන්න දෙයක් සමහර සතුන් භාවිතා කරයි. පරපෝෂිතයන්ගෙන් මෙම ආකාරයට ආරක්ෂා වන්නේ පැරට් ෆිශ්ය.මිනිසුන් දැලක් භාවිතා කරනවා මෙන් මොවුන් දැලක් තමන් විසින්ම සාදා ගනී.එහෙත් දැල සාදා ගැනීමට භාවිතා කරනුයේ රෙදි හෝ කෝටු නොවේ,ඔවුන්ගේම සොටුය. පැරට් ෆිශ්ගේ කරමල් ආසන්නයේ ඇති විශේෂිත ග්‍රන්ථියක් මගින් සොටු බෝලයක් සාදාගෙන එය තුල නිදාගනී. මෙලෙසින් ඔවුන්ට සොටු බෝලයක් තුල නිදාගැනීමට අවශ්‍ය වන්නේ Gnathiidae නම් ලේ උරා බොන පරපෝෂිතයන්ගෙන් ආරක්ෂා වීමටය.
                Credit - http://ruh8.org/how-do-parrot-fish-protect-themselves/
සත්ව ලෝකයේදි සතුන් නිදාගන්නා වේලාව මිනිත්තු 30 සිට පැය 20 පමණ කාලයකට පැතිරී යයි. ජිරාෆ් ඉතා විශාල සතෙකු නිසා විලෝපිකයන්ට ජිරාෆ්ව පැහැදිලිව දැකගත හැක. එනිසා ජිරාෆ් දිනකට මිනිත්තු 30 පමණ කාලයක් පමණක් නිදාගනී. සමහර ළමුන් මෙන් නිදාගැනීම ජීවිතය කරගත් සතුන්ද සිටී. කුඩා දුඹුරු වවුලා මින් කෙනෙකි. ඔවුන් දිනකට පැය 20ක පමණ කාලයක් නිදාගනී. මොවුන් නිශාචර බැවින් රාත්‍රී කාලයේ පැය 4 ක් පමණක් දඩයම් කිරීමට යොදාගෙන ඉතිරිය නිදාගැනීමට භාවිතා කරයි.
Credit- http://www.macmillanhighered.com/BrainHoney/Resource/22292/digital_first_content/trunk/test/schacter3e/asset/img_ch5/c05_fig11.html
 නිදාගැනීමද ආහාර ගැනීම මෙන් අනිවර්යෙන් සිදුකල යුතු වැදගත් කාර්යයකි.එනිසා කුමන විශාල වැඩක් තිබුනද පැය 6 වත් නිදාගැනීම අත්‍යවශ්‍යය. එමෙන්ම අධික ලෙස නිදාගැනීමද සිදු නොකල යුතුය.

සැකසුම - සඳරුවන් මානවඩුගේ
                         කනිෂ්ඨ පර්යේෂණ සහකරු,
                         ජාතික මුලික අධ්‍යාපන ආයතනය

No comments :

Post a Comment