ක්‍රිකට් ලොව හෙල්ලු නවීන තාක්ෂණික මෙවලම්.
ලංකාවාසි අපට ක්‍රිකට් විස්මයජනක ක්‍රීඩාවකි. ශ්‍රි ලංකාව ක්‍රීඩාකරන තරග
ක්‍රිකට් නරඹන්නන් ලෙස අපි ඉතා උද්වේගි අන්දමින් නරඹයි. ජාතික තරඟාවලි මෙන්ම
අන්තර්ජාතික තරඟාවලි නැරඹීමටද ක්‍රීඩාලෝලීන් පුරුදු වී ඇත. World Cup, Asia
Cup, IPL, SLPL වැනි තරඟාවලි ශ්‍රිලංකා
ක්‍රීඩාලොලීන්ගේ ප්‍රියතම තරඟාවලි අතර වේ.
![]() |
Credit - https://www.sportskeeda.com/cricket/stats-kumar-sangakkara-12000-runs-odis |
කාලයත් සමග ලෝකයා හා තාක්ෂණය
දියුණු විය. එලෙසින්ම ක්‍රිකට් ක්‍රීඩාවට භාවිතා වන තාක්ෂණයද දියුණු වි ඇත. දශක කිහිපයකට
පෙර සියලු තීරණවල බර විනිසුරුකරුවන්ගේ හිස මත පැටවිණි. එනමුත් දැන් නවීන තාක්ෂණයේ
දියුණුවත් සමග තීරණ ගැනීමේ කාර්යය ඉතා පහසු වී ඇත. මෙලෙසින් අප සලකා බලන්නුයේ ක්‍රිකට් වලට මුසුවු තාක්ෂණික උපාංගය ගැනයි.
Decision Review System යනු වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවට නැතුවම
බැරි තාක්ෂණයකි. DRS ගොඩනැංවී ඇත්තේ Hawk
eye, Hot Spot, Snickometer යන උපාංග මගිනි.
Hawk eye ඔබ දැකලා තියෙනවනේ. එත් ඔබ එම තාක්ෂණය ක්‍රියාකරන
අන්දම පිළිබදව දැනුවත්ද? මෙම තාක්ෂණය ක්‍රියාකිරීමට
ඉතා අධි තාක්ෂණික කැමරා 6 හෝ 7 ක පද්ධතියක් භාවිතා කෙරේ. මෙම කැමරා
පද්ධතිය ක්‍රීඩාංගන වහලේ යටිපැත්තේ සවි කර ඇති අතර විවිධ කෝණවලින් බෝලයේ ගමන් පථය
පිළිබඳ දත්ත ලබාගනී. මෙලෙසින් කැමරා 6 න් ලැබෙන දත්ත භාවිතයෙන් බෝලය පන්දු යවන්නාගේ අතින් නික්මුනු මොහොතේ සිට
අවසානය දක්වා බෝලයේ ගමන් පථය ත්‍රිමානීයව සකස් කරයි.
![]() |
Credit - https://www.docsity.com/en/news/sports/technological-advancements-in-cricket/ |
Hot Spot මගින් බෝලය වදින ස්ථානය නිර්නය කරයි. මෙයට අධෝරක්ත
කිරණ(Infra-red) භාවිතා කෙරේ. බෝලය
පාදයේ හෝ පිත්තේ වැදුන විට එම ස්ථානයේ ඝර්ෂණ තාපය උත්පාදනය වි ඌෂ්ණත්වය ඉහල යයි.
මෙම උත්පාදනය වන තාපය සටහන් කිරීමට තාප සංවේදි
කැමරා 2ක් ක්‍රීඩාංගනයේ
දෙපස සවි කර ඇත. එමගින් බෝලය වැදුනු තැන ඉතා දීප්තිමත්ව සටහන් වේ.
![]() |
Credit - https://www.docsity.com/en/news/sports/technological-advancements-in-cricket/ |
Snickometer භාවිතා කරනුයේ බෝලය පිත්තේ හෝ පාදයේ වැදුනු විට
නිකුත්වන ශබ්ධ හදුනගැනීමටය. මෙහිදි Snickometer මගින් පරිසර ශබ්ධ පෙරීම හා අදාල සංඥාව වර්ධනය
කිරීම සිදුකරයි. දෝලනේක්ෂයක් භාවිතා කර තරංග හැඩය පිලිබඳව අවබෝධයක් ලබාදේ. බෝලය
පිත්තේ හෝ පාදයේ වැදුනු විට තරංග හැඩය උස් වු ආකාරයෙන් දිස්වේ. පිත්තේ නොවැදී බෝලය
ගමන් කර ඇත්නම් පැතැලි තරංග රටාවක් නිරූපනය කෙරේ.
![]() |
Credit - https://www.docsity.com/en/news/sports/technological-advancements-in-cricket/ |
ඔබ ක්‍රිකට් තරඟයක් නරඹන විටදි, පන්දු යවන්නා පන්දුව නිදහස් කල පසු පන්දුවේ වේගය තිරයේ
දිස්වන බව දැක තිබේද? මෙලෙසින් ඔවුන්
පන්දුවේ වේගය ගණනය කිරීමට Speed Gun භාවිතා කෙරේ. වේගයකින් ගමන් කරන වස්තුවකට ක්ෂුද්‍ර තරංග එල්ල කල විට එම
වස්තුවේ ගැටී නැවත පරාවර්තනය වන ක්ෂුද්‍ර තරංගයේ සංඛ්‍යාතය ආරම්භක ක්ෂුද්‍ර තරංගයේ
සංඛ්‍යාතයට වඩා වෙනස් වේ. මෙය ඩොප්ලර් ආචරණය නම් වේ. පොලීසිය වාහනවල වේගය
නිරීක්ෂණය කිරීමටත්, ක්‍රිකට් වල බෝලයේ
වේගය ගණනය කිරීමටත් ඩොප්ලර් ආචරණය භාවිතා කෙරේ.Speed Gun මගින් යම් නියත සංඛ්‍යාතයකින් ක්ෂුද්‍ර තරංග
නිකුත් කර බෝලයේ වැදී පරාවර්තනය වන ක්ෂුද්‍ර තරංගයේ වෙනස් වු සංඛ්‍යාතයෙන් බෝලයේ
වේගය ගණනය කරයි.
![]() |
Credit - https://face2faceafrica.com/article/speed-gun-the-south-african-invention-that-changed-global-sports-since-1999 |
ඉදිරියකට පැන පහර දීමක දී සිදු කරන දවා ගැනීමකදි(Stumping) හෝ දුවද්දි දැවී යාමදී ක්‍රිකට් බේල්ස්(Bails)
වර්ණවත් වනවා ඔබ දැක තිබේ. එහෙත් එය එලෙස
සිදුවෙන්නේ කෙසේද? මෙම බේල්ස්(Bails)
තුල අඩු වොල්ටීයතාවයකින් යුත් වියලි කෝෂ
ඇත. එමෙන්ම බේල්ස්(Bails) එකක් ක්‍රිකට් පොලු
මතින් ගැලවී යාම සංවේදනය කරන ක්ෂුද්‍ර සකසනයක්(Microprocessor) ඇත.
![]() |
Credit - https://www.docsity.com/en/news/sports/technological-advancements-in-cricket/ |
මෙලෙසින් ඔබ හමුවට ගෙන ආවේ ක්‍රිකට් ක්‍රිඩාවට ශක්තියක් වු තාක්ෂණික
මෙවලම් වලින් කිහිපයකි. අනාගතයේදි ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් නිරවද්‍යව ක්‍රීඩා
කිරීමටත් තාක්ෂණයේ දියුණුව පිටුවහලක් වන බව නිසැකය.
සැකසුම -
සඳරුවන් මානවඩුගේ
කනිෂ්ඨ පර්යේෂණ සහකරු,
ජාතික මුලික අධ්‍යාපන ආයතනය
කනිෂ්ඨ පර්යේෂණ සහකරු,
ජාතික මුලික අධ්‍යාපන ආයතනය
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment