හැමදාම අපි බොන ජලයට වඩා Alkaline Water වල ඇති අරුමය
අද වන විට ලොව පුරා විවිධ සමාගම් නානාප්‍රකාර රසායනික ක්‍රම භාවිතා කර පානීය ජලය නිෂ්පාදනය කරයි. ඒත් කණගාටුවට කරුණ වන්නේ මේ ක්‍රම වලදී ජලයට හිමි සමහර අද්විතීය ගුණ අභාවයට ලක්වෙන එකයි. ඒ නිසාම අපි හැමදාම බොන සාමාන්‍ය ජලය, අයනීකරණ ක්‍රියාවලියකට ලක් කරලා සාදන “Alkaline Water” වඩාත් සෞඛ්යාරක්ෂිත ජල මාදිලියක් විදිහට දැන් දැන් ජනප්‍රිය වෙමින් පවතිනවා.මොනවද ඇත්තටම මේ Alkaline Water කියන්නේ?
සරලවම කිව්වොත් Alkaline water කියන්නේ ක්ෂාරීය ජලය. සාමාන්‍ය ජලය නම් උදාසීනයි. ඒ කියන්නේ pH අගය 7ක් වගේ. නමුත් උල්පත් වලින් පැන නගින ජලය නම් බොහෝ වෙලාවට ස්වභාවිකවම ක්ෂාරීයයි. ක්ෂාරීය ජලයේ pH අගය 9ක් පමණ වේ. තවද කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම් හා සෝඩියම් වැනි ක්ෂාරීය අයන වලින් පොහොසත්. එ්ත් මෙම උල්පත් ජලය ගංගා දිගේ පහළට ගලාගෙන යනකොට ක්ෂාරීය ගුණ නෂ්ට වෙලා ආම්ලිකතාව වැඩි වෙනවා.
ඒ නිසා ස්වභාවික ක්ෂාරීය ජලය සොයාගන්න එක නම් ගොඩාක් අමාරු දෙයක්. එහෙනම් අපි කොහොමද කෘත්‍රිමව ක්ෂාරීය ජලය නිපදවා ගන්නේ? ඒකට භාවිතා කරන්නේ අයනීකාරක යන්ත්‍රයක්. සාමාන්‍ය ජලය මෙම යන්ත්‍රයට ඇතුළු කරලා විද්‍යුත් විච්ඡේදනයට ලක් කරනවා. මෙහිදී ආම්ලික හා ක්ෂාරීය ලෙසට ජලය ප්‍රවාහ දෙකකට වෙන්වනවා.
මෙම ක්‍රියාවලියේදී සිදුවෙන තවත් අපූරු සිදුවීමක් තමයි micro-clustering හෙවත් ක්ෂුද්‍ර ජල පොකුරු සෑදීම. ජලය කියනකොට අපි හැමෝටම මතක් වෙන්නේ H2O. ඔව් ජලයේ රසායනික සූත්‍රය H2O. ඒ වුණත් ලුණු ස්ඵටික ආකාරයටත්, දියමන්ති දැලිස් ආකාරයටත් පවතිනවා වගේ ජලයත් පවතින විශේෂ ආකාරයක් තිබෙනවා. එනම් පොකුරු ලෙස. සාමාන්‍යයෙන් ජලය පවතින්නේ අණු 13-16ක් අතර ප්‍රමාණයකින් වටවී පවතින විශාල ජල පොකුරු විදිහට. micro-clustering වලදී සිදුවන්නේ මේ විශාල ජල පොකුරු, අණු 6කින් පමණ යුත් ක්ෂුද්‍ර ජල පොකුරු බවට පත්වීම. මේ ක්ෂුද්‍ර ජල පොකුරු සෛල හා පටක මගින් අවශෝෂණය කරගැනීමේ හැකියාව සාමාන්‍ය ජලයට වඩා වැඩියි.
Alkaline water අපේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද කියලා දැනගන්න කැමතියි නේද? පිරිසිදු කළ ක්ෂාරීය ජලය පානය කිරීම සෞඛ්‍යමත් ජීවිතයකට අවැසි වාසි රැසක් ගෙන දෙනවා. මේවාට තිබෙන ප්‍රතිඔක්සිකාරක ගුණ, වියපත්වීම ප්‍රමාද කරයි. සම රැලි වැටීම, හිස කෙස් පැසීම වාගේ අපි කවුරුත් පතන්නේ නැති වියපත්වීමේ ලක්ෂණ පහළ වන්නේ කාබනික අම්ල හා සක්‍රිය ඔක්සිජන් ඇතුළු මුක්ත ඛණ්ඩක මගින් ශරීරයේ පටක වලට හානි කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. මේ කාබනික අම්ල උදාසීන කිරීමටත්, හානිකර මුක්ත ඛණ්ඩක ඉවත් කිරීමටත් ක්ෂාරීය ජලය සමත්.
වර්තමානයේ අප හුරුවී සිටින මස්, මාළු, පැණි බීම ආදියෙන් පොහොසත් නවීන ආහාර සංස්කෘතිය නිසාම සිරුරට ඇතුළු වන අම්ල ප්‍රමාණය අධිකයි. මෙම අධික ආම්ලිකතාව හමුවේ නිරෝගී පටක විනාශ වී යාමේ ඉඩකඩ වැඩියි. ඒ නිසාවෙන්ම එය මැඩපවත්වන්නට ඝන මේද තට්ටුවක් තැන්පත් කර ගන්නට අපේ සිරුර පෙළඹෙනවා. මෙහි අත්‍යන්ත ඵලය වන්නේ ශරීරයේ මේද සංචිතය උග්‍ර වෙලා තරබාරු වෙන එක! ක්ෂාරීය ජලය, අතිරික්ත අම්ල උදාසීන කරලා සංචිත වෙලා තිබෙන වැඩිපුර මේදය මුදා හරිමින් ඉහත තත්ව වලින් අපව ආරක්ෂා කරනවා.
එමෙන්ම ඔස්ටියෝපොරෝසිස්, පර්වදාහය හා දියවැඩියාව වැනි රෝග වලට ගොදුරු වීමේ අවදානමත් අවම කරයි. රුධිර පීඩනය යාමනයට හා විෂ හරණයටද ඉවහල් වේ.
මුළුතැන්ගෙයි කටයුතු වලට ද ක්ෂාරීය ජලය ඉස්තරම්. පිසීමට පැය බාගයකට පමණ කලින් මස්, මාළු හා එළවලු ක්ෂාරීය ජලයේ ගිල්වා තැබීම ඒවායේ ඇති අප්‍රසන්න දුර්ගන්ධයන් දුරුකරලා නියම රසය ඉස්මතු කරවනවා. තවද එළවලු හා පලතුරුවල ස්වභාවික දිදුලන කොළ පැහැයත් රැකදේ. කොටින්ම කිව්වොත් ක්ෂාරීය ජලය ආහාර වල රස ගුණ හා පෙනුම ද ආරක්ෂා කර සෞඛ්යාරක්ෂිත බව තහවුරු කරයි.
කෙසේ වෙතත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැති බව ඔබ අසා ඇති. එපරිදිම ක්ෂාරීය ජලය ද ප්‍රමාණය ඉක්මවා පානය කිරීම ශරීරයේ pH අගය ඕනෑවට වඩා ඉහළ නංවා පරිවෘත්තීය ක්‍රියා සඳහා අහිතකර තත්ව ඇති කරන්න පුළුවන්. ඒ නිසා පුරුද්දක් ලෙස Alkaline Water පානය කරනවා නම් නිරතුරුවම දේහ pH අගය ගැන සැලකිලිමත්වීම නුවණට හුරුය.
සචිනි හෙට්ටිආරච්චි,
කනිෂ්ඨ පර්යේෂණ සහකාර,
ජාතික මූලික අධ්‍යයන ආයතනය.
Benefits of Alkaline Water by Dr Peter. L. Kopko, D.C., and other contributors ඇසුරින් සැකසූ ලිපියකි.
විශේෂ ස්තූතිය - ආචාර්ය මෙතිකා විතානගේ.
Subscribe to:
Posts
(
Atom
)
No comments :
Post a Comment