පෙරලිකාර ජාන තාක්ෂණයේ නවතම සොයාගැනීම, “ඩිසයිනර් දරුවන්”!

ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් පුළුල්
පරාසයක ප්‍රයෝජන ලැබිය හැකිවේ. වැඩි අස්වැන්නක් හා වැඩි පෝෂ්‍ය ගුණයක් ලබාදෙන බෝග
ලබා ගැනීම,වැඩි කිරි ප්‍රමාණයක් දෙන එළදෙනුන් ලබා ගැනීම, විවිධ රෝගවලට ප්‍රතිරෝධී
ශාක ලබා ගැනීම, ජාන විකරණය කරන ලද බැක්ටීරියා යොදාගෙන මානව ඉන්සියුලින් සංස්ලේෂණය
ඒවායින් කීපයක් පමණි.
![]() | |
රන්වන් පාටින් දිස්වන්නේ පෝෂ්‍ය ගුණය වැඩි “රන් සහල්“වේ. |
ජාන ඉංජිනේරු තාක්ෂණයේ පෙරළියක් සිදුකිරීමට ජාන විකරණය කරන නව ක්‍රමය
වන ක්‍රිස්පර්(CRISPR) තාක්ෂණය සමත්ව තිබේ. ක්‍රිස්පර් තාක්ෂණය මගින් ඕනෑම
ජීවියෙකුගේ ඕනෑම ජානයක් පෙර ක්‍රමවලට වැඩි නිරවද්‍යතාවකින් හා අඩු කාලයකින්
විකරණය කළ හැකිය.මෙහිදී විද්‍යාඥයන් විසින් අදාළ ජානයට බැදීමට හැකි RNA අණුවක්
නිපදවනු ලබයි.මෙම RNA අණුව Cas9 නම් එන්සයිමය
අදාළ ජානයට යොමුකරයි. එවිට
Cas9
එන්සයිමය
මගින් ජානය කපා දමයි. අරමුණ අනුව ජානය ඉවත් කිරීම,ප්‍රතිස්ථාපනය කිරීම හෝ නව
ජානයක් බද්ධ කිරීම සිදුකෙරේ.පෙර ක්‍රමවලට මෙම කාර්යය කිරීමට සති ගණනක් හෝ මාස
ගණනක් ගත වුවද CRISPR ක්‍රමයට ගතවන්නේ දින කීපයක් පමණි.
![]() | |
විකරණය කළ DNA අණුවක් සිත්තරෙකුගේ ඇසින් |
ජාන තාක්ෂණයෙන්
ලබාදෙන නව බලපොරොත්තුවක් වන්නේ ජාන විකෘති මගින් ඇතිවන රෝගවලට තිත තැබීමයි.කලල
අවස්ථාවේ දී ම මාරාන්තික විකෘති ජානය ඉවත්කර නිරෝගි ජානය ඇතුල් කිරීම මගින් රෝගී
දෙමාපියන්ට ද නිරෝගි දරුවන් ලැබිය හැකිවේ. ජාන සංයුතිය බැලූ විට මෙම වාසනාවන්ත දරුවන්ට
දෙමාපියන් තිදෙනෙකි! හේතුව දරුවාට මවගේ,පියාගේ ජාන මෙන්ම තෙවැනි පාර්ශවයෙන් ලැබුණු
නිරෝගි ජානය ද පිහිටන බැවිනි. කෙසේ වෙතත් ක්‍රියාවලිය අතරතුර කලලයට හානි සිදුවීමේ
අවධානමක් ද පවතියි.
ඉහත මානව කලල
වෙනස් කිරීමේ උත්සහය සමග “ඩිසයිනර්” දරුවන්(designer
babies) යන සංකල්පය බිහිවී තිබේ. “ඩිසයිනර්” දරුවන් යනු
කලල අවස්ථාවේ දී දෙමාපියන්ගේ අභිමතය පරිදි ජාන වෙනස් කරන ලද දරුවන්ය. තාක්ෂණයේ
දියුණුව නිසා දෙමාපියන්ගේ රුචිකත්වය අනුව දරුවාගේ හිසකෙස්වල වර්ණයේ සිට පයේ මහපට
ඇගිල්ලට වඩා පයේ දෙවැනි ඇගිල්ල දිග වේද යන්න දක්වා සිරුරේ අංග ලක්ෂණ වෙනස් කළ හැකි
අතර ස්ත්‍රී පුරුෂ භාවය,බුද්ධි මට්ටම,පෞරුෂය ආදිය ද තීරණය කළ හැකිවේ.මෙමගින්
දෙමාපියන්ට නොමැති ජාන දරුවාට ලබාදිය හැකිවීම,දරුවාට ජීවිතය ජය ගැනීම පහසු
කිරීම,දරුවාගේ ආයු කාලය වැඩි කිරීම ආදි ප්‍රයෝජන ලබාගත හැකිවේ.
කෙසේ වෙතත්
මෙම සංකල්පය විද්වතුන් අතර මහත් ආන්දෝලනයට ලක්වී තිබේ.ඊට හේතු ගණනාවකි. මෙහි දී ද කලලයට
හානි සිදුවිය හැකිවීම හා මිනිස් කලල වෙනස් කිරීමේ සදාචාරාත්මක බව පිළිබද ගැටලු
පැනනගියි.තවත් ගැටලුවක් වන්නේ ස්වභාවික ජාන සංචිතයෙන් කෘතීමව ජාන ඉවත් කිරීම මානව
සංහතියට අවාසිදායක වේදැයි සැකසංකා මතුවීමයි. බොහෝ අවස්ථාවල දී එක් ජානයකට කාර්යයන්
කීපයක් ඇති බැවින් වටිනා කාර්යයන් සිදුකරන ජාන මගහැරීයාමට ඉඩ තිබේ. ඩිසයිනර්
දරුවන් නිර්මාණය සදහා වැයවන අධික පිරිවැය සැපයීමට මූල්‍යමය පහසුකම් ධනපති පන්තියට
පමණක් ඇති බැවින් සමාජ විෂමත්වය වැඩිවීම ද ප්‍රධාන ගැටලුවකි.දරුවාගේ කැමැත්ත
විමසා බැලීමට නොහැකි වීම ද තරමක් ගැටලුකාරිය.පුද්ගල අනන්‍යතාවය නැතිවීම ද සිදුවේ.

මානව සංහතියේ
උන්නතිය උදෙසා ජාන තාක්ෂණය මහගු සේවයක් කරයි. නමුත් එහි ඉදිරි පිමි පනින්න පෙර
සිතා බැලිය යුතුවේ.
විනුරි ආටිගල
අන්තර්ජාලය ඇසුරින් සැකසූ ලිපියකි
Subscribe to:
Post Comments
(
Atom
)
Loveed reading this thanks
ReplyDelete