වයසට යන විට සෑදෙන බෝනොවන රෝග වල මුල උපතට පෙර...!
දියවැඩියාවෙන් පෙලෙන අයෙකු ඔබට හමුවුනහොත් ඔබට හැගෙන්නේ ඔහු හෝ ඇය අධික ලෙස පැණිරස කෑමට හුරුවූ අයෙක් ලෙසනේද? නමුත් එසේ අධික ලෙස පැණිරස කෑමට හුරුනොවූ සමහර පුද්ගලයන්ටත් දියවැඩියාව වැළදෙනබව ඔබ දන්නවාද? වර්ෂ 1990 දී බ්‍රිතාන්‍ය ජාතික වසංගත රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය ඞේවිඩ් බාකර් මහතා ඉතා වැදගත් සංකල්පයක් ලොවට හදුන්වා දෙනලදි. එනම් කළල අවදියේදී කළලයට ඇතිවන විවිධ අහිතකර බලපෑම් නිසා එම කළලයේ යලි වෙනස් නොවන ආකාරයේ වෙනස්කම් ඇතිවන බවත් එම වෙනස්කම් නිසා ඡීවිතයේ පසු කාලයේදි දියවැඩියාව. අධි රැධිර පීඩනය, පිලිකා ආදී බෝනොවන රෝග සදහා අවදානම වැඩිවන බවත්ය.
![]() |
ඹහු මෙම සංකල්පය ඉදිරිපත් කිරීම සදහා පාදක කරගත්තේ ඔහු සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම සිදුකල නිරීක්ෂණ කිහිපයකි. 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී එංගලන්තයේ අඩු බර උපත් (උපතේදී බර 2.5 කි.ග්‍රෑ ට වඩා අඩු) ඉහල අගයක් ගත් ප්‍රදේශම දශක කීපයකට පසු කිරීටක ධමණි හෘදයාභාද (Coronary Heart Diseases) වැඩිම ප්‍රදේශ විය. එමනිසා පර්යේෂණ කණ්ඩායමේ නිගමනය වූයේ උපත් බර අඩු වීම වැඩිහිටි වියේදි කිරීටක ධමණි හෘදයාභාද වැළදීමට අවධානම් සාධකයක් බවයි.
එම කාලයේදීම එංගලන්තයේ වැඩිහිටි පිරිමින් සහභාගීකරගනිමින් සිදුකල අධ්‍යයන දෙකකින් උපත් බර අඩු වීම සහා කිරීටක ධමණි හෘදයාභාද වැළදීම අතර ශක්තිමත් සබඳතාවයක් ඇතිබව තහවුරු විය.පසුව විවිධ රටවලදී සිදුකල අධ්‍යයන මගින් මෙම සබදතාවය ගැහණු පිරිමි දෙපිරිසම අතර ඇති බව නැවත නැවතත් තහවුරු වී ඇත.
වර්ථමානය වනවිට උපත් බර අඩු වීම සහ වෙනත් විවිධ බෝනොවන රෝග (දියවැඩියාව. තරබාරැකම. අධි රැධිර පීඩනය, පිලිකා සහ අධික කොලෙස්ටරෝල් ආදී ) අතර සබදතාවය විවිධ පර්යේෂණ මගින් තහවුරුවී ඇත.මෑතකදී සිදුකල පර්යේෂණ සමාලෝචනයකින් වාර්තාවන අන්දමට උපත් බරහි වැඩිවන සෑම 1 කි.ග්‍රෑ ටම රුධිර පීඩනය 2 mmHg බැගින් අඩුවේ. උපත් බර අඩු වීම නිසා වැඩිහිටි වියේදී සෛලවල ඉන්සියුලින් ප්‍රතිරෝධය (Insulin Resistance) ඉහළයාම සහ නිරාහාර රුධිරගත ග්ලුකෝස් ( Fasting Blood Glucose) මට්ටම ඉහළයාම නිසා දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetes) සදහා අවධානම ඉහළ යනබව හෙලිවී ඇත.පසුකාලීනව ලෝකයේ විවිධ රටවලදී සිදුකරන ලද විවිධ පර්යේෂණ සහ දීර්ඝකාලීන අධ්‍යන මගින් අඝාතය (Stroke), පලමු වර්ගයේ දියවැඩියාව,විශාදය, පියයුරු පිලිකා, පුරස්ථිති ග්‍රන්ථි පිලිකා,ලියුකේමියාව වැනි බෝනොවන රෝග සහ උපත් බර අඩු වීම අතර සබදතාවයන් පැහැදිළිව හදුනාගෙන ඇත.
වර්තමානය වනවිට උපත් බර අඩු වීම සහ බෝනොවන රෝග අතර සබදතාවය විස්තර කිරීමට විද්‍යඥයින්ට හැකිවී ඇත.එහිදී ප්‍රධන ලෙස යාන්ත්‍රණ දෙකක් හදුනාගෙන ඇත. ඉන් පළමුවැන්න කළලයට ලැබෙන පෝෂණය අඩුවීමයි. උපත් බර සහ කළල අවධියේදී මවගේ පෝෂණ තත්වය අතර ඍජු සබදතාවයක් පවතී. ගර්භණී අවධියේදී ගන්නා ආහාර වල කාබෝහයිඩ්ඩ්‍රේට් සහ ප්‍රෝටීන් අතර අනුපාතය අසමබර වීම සහ ක්ෂද්‍ර පෝෂක ( micro nutrients) අඩුවීම මෙහිදී කැපීපෙනේ. ඉන්දියාවේ සිදුකල පර්යේෂණයකින් හෙලිවී ඇත්තේ ගර්භණී අවධියේදී පළතුරු සහා කොළ පැහැති එළවලු අහාරයට එක්කරගැනීම සහ දරුවාගේ උපත් බර හා ග්ලූකෝස් ජීර්ණය කිරීමේ හැකියාව අතර හිතකර සබදතාවයක් ඇතිබවයි. තවද ගර්භණී අවධියේදී ප්‍රමාණවත් තරම් ඉහල කැල්සියම් ප්‍රමාණයක් ශරීරයට ලැබීම දරුවාගේ වැඩිහිටි වියේදී රුධිර පීඩනය අඩුවීමට හේතු වනබව සොයාගෙන ඇත.පොදුවේ ගත් විට කළලයට ලැබෙන පෝෂණය අහිතකර ලෙස වෙනස් වීම ඍජු හා වක්‍ර ලෙස කළලයට බලපාන අයුරු පහත සටහනේ පරිදි විස්තර කලහැකිය.
දෙවන යාන්ත්‍රණය මගින් කළල අවධියේදී ග්ලූකෝස් ඌනතාවයට ( Hypoglycemia) භාජනය වූ දරුවන් හට පසු කාලයේදී දියවැඩියාව වැළදීම විස්තර කිරීමට හැකිවිය. ඉන්සියුලින් යනු සෛල තුලට ග්ලූකෝස් ඇතුලුකිරීමට උපකාරීවන ප්‍රධාන හෝර්මෝනයයි.ගර්භණී අවධියේදී කළලයට නිසි පොෂණයක් නොලැබෙන විටදී කළලය ඉන්සියුලින් හෝමෝනය ස්‍රාවය අඩුකර ඉන්සියුලින් සදහා ප්‍රතිරෝධීතාව වැඩිකරගනී. එමගින් ඉතිරිකරගන්නා ග්ලූකෝස් ඉතා වැදගත් ඉන්ද්‍රියන් වන මොළය සහ හදවතට ළබාදීම එහි අරමුණයි. උපතෙන් පසු ජීවිතයේදී මනා පෝෂණයක් ලැබෙනාවිටදී කළලයේ ඇතිවූ ඉන්සියුලින් සදහා ප්‍රතිරෝධීතාව නිසා දියවැඩියාව වැළදීමේ අවධානමට ගොදුරුවේ.
මෙසේ කළලයේ පරිසරය අහිතකර ලෙස වෙනස් වීමේදී ( නිසි පොෂණයක් නොලැබීම ,දුම් පානය ,මවගේ මානසික ආතතිය ආදී) කළලය තම පැවත්ම උදෙසා විවිධ වෙනස්වීම් සිදුකරගනුලබයි. ආරම්භයේදී මෙම වෙනස්වීම් තාවකාලික වූවත් පරිසරයේ එම අහිතකර වෙනස දීර්ඝකාලීනව පවතීනම් කළලයේ ඇතිවෙන එම වෙනස යලි යථා තත්වයට පත්නොවේ.
මෙස් වැඩිහිටි වියේදී සෑදෙන බෝනොවන රෝග බොහෝමයක මූලාරම්භය උපතට පෙර කළල අවධියේ සිදුවන බව බාකර් විසින් ලොවට හෙලිකිරීම බෝනොවන රෝග නිවාරණයේ නව මන්පෙත් විවර කරදී ඇත.බාකර් ගේ මෙම සොයාගැනීම් තුලින් ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටවල් වල ජීවන රටාව වෙනස් වීම,ආහාර රටාව බටහිරකරණය වීම, මත් පැන් සහ දුම් වැටි භාවිතය ඉහළයාම, ශාරීරික ක්‍රියාකාරකම් අඩු වීම සහ ගර්භනී අවධියේදී නිසි පෝෂණයක් නොලැබීම සහ බෝනොවන රෝග ව්‍යාප්තිය ඉහල යෑම අතර සබදතාවය මනාව විස්තර කරනබව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇත.දරුවෙකු කුස පිළිසිදගත් දා සිට මව නිසි පෝෂණයනින්, නිසි මානසික සහ කායික ස්‍යෙඛයකින් යුක්තවීම දරුවාගේ ළමා කාළයේ වර්ධනය සදහා පමනක් නොව වැඩිහිටි වියේදී දියවැඩියාව. අධි රැධිර පීඩනය, පිලිකා ආදී බෝනොවන රෝග වලින් වැළකීම සදහාද බෙහෙවින් උපකාරීවන බව අප සියලුදෙනාම මතක තබාගැනීම වටී.
ප්‍රදීප් පියතිලක,
සන්නිවේදන සහ මාධ්‍ය නිලධාරී,
විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ති අංශය,
ජාතික මූලික අධ්‍යයන ආයතනය,
මහනුවර.
ක්ෂණික නූඩ්ල්ස් ගැන ඔබ නොදත් දේ........
![]() |
ක්ෂණික නූඩ්ල්ස් කියන්නේ අපි හැමෝම ගොඩක් ආසාවෙන් කන්න කැමති දෙයක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ප්‍රධාන ආහාරයක් බවටත් අද වෙනකොට මේ ක්ෂණික නූඩ්ල්ස් පත්වෙලා ඉවරයි. විවිධ රස වලින් වෙළදපොළේ තියන මෙම ක්ෂණික නූඩ්ල්ස් වලට කුඩා දරුවන් වගේම කාර්ය බහුල වැඩිහිටියනුත් ගොඩදෙනෙක් අද වෙනකොට ඇබ්බැහි වෙලා ඉවරයි. අද මම කියන්න හදන්නේ ක්ෂණික නූඩ්ල්ස් වල ගොඩාක් අය නොදැකපු පැත්තක් ගැන.
සාමාන්‍ය නූඩ්ල්ස් වලින් ක්ෂණික නූඩ්ල්ස් වෙනස් වන ප්‍රධාන සාධකය තමයි ඒවාගෙ අඩංගු වෙන රස කාරක පැකට්. ක්ෂණික නූඩ්ල්ස්වල රස කාරක පැකට් 2ක් හෝ කිහිපයක් අඩංගුවෙනවා. ක්ෂණික නූඩ්ල්ස් වල අලුත්ම සාමාජිකයා තමා කප් නූඩ්ල්ස් කියන්නේ. කාර්ය බහුල ගෘහණියන් බොහෝ වෙලාවට කුඩා පාසල් දරුවගේ කෑම පෙට්ටියට පිසින ලද ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක් දාන්න පුරුදු වෙලා තියෙනනේ උදේට ගෘහණියන්ගේ කාර්යබහුලත්වය නිසා වගේම කුඩා ලමුන් ක්ෂණික නූඩ්ල්ස් වලට දක්වන දැඩි කැමත්ත නිසා.
ක්ෂණික නූඩ්ල්ස් මේතරමටම අපේ ජීවිත වලට සමීප වුන නිසා නොදැනුවත්වම අපිට සමීප වුන නරක ප්‍රතිඵළත් එමටයි. අද වෙනකොට විවිධ රට වල සිදුකල පර්යේෂණ වලින් අපි මේතරම් සමීප කරගත්ත ක්ෂණික නූඩ්ල්ස් අපිට කොච්චර කරදර ගේනවද කියල ඔප්පු කරල තියනවා. පෝෂණවේදීන් ක්ෂණික නූඩ්ල්ස් හදුන්වන්නේ බාල තත්වයේ ආහාරයක් ( junk food ) විදිහට. ඒකට හේතුව ක්ෂණික නූඩ්ල්ස් වල තියන අධික පිටි ගතිය , ලුණු ගතිය , තෙල් ගතිය සහ විවිධ ආකලන වර්ග ( additives ).
අපි ගන්න ක්ෂණික නූඩ්ල්ස් වලට අම්ල යාමක ( acid regulators) , රස උත්දීපක ( flavor enhances) , ආහාර පරිරක්ෂක ( preservatives) , ප්‍රති කැටිකාරක (anticaking agents) වැනි කෘතිම ආකලන එකතුකරනවා. මෙම ආකලන බොහෝමයක සෝඩියම් අඩංගුවෙනවා. ලංකාවේ වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට ගතහැකි උපරිම සෝඩියම් ප්‍රමාණය 2000 mg ( එක තේ හැන්දක්) වුනාට සමහර ක්ෂණික නූඩ්ල්ස් එක පැකට් එකක සෝඩියම් 2000 mg ට වඩා තියෙනවා. කප් නූඩ්ල්ස් වල තියන සුප් ගතිය නිසා ඒවගේ තියන සෝඩියම් ප්‍රමාණය නූඩ්ල්ස් පැකට් වල තියන ප්‍රමාණයට වඩා වැඩියි. මේ විදිහට අධික ලෙස සෝඩියම් පරිභෝජනය කලාම අධි රෑධිර පීඩනය , ආඝාතය , වකුගඩු නරක් වීම සහ පිලිකා වගේ දරැණු රෝගවලට තියන අවදානම වැඩිවෙනවා. විශේෂයෙන්ම වකුගඩු වර්ධනය වෙම්න් පවතින අවධියේ ඉන්න කුඩා ලමයින්ට වකුගඩු රෝග වැළදෙන්න ලොකුම හේතුවක් තමා මේ ක්ෂණික නූඩ්ල්ස්.
ක්ෂණික නූඩ්ල්ස් වල රැලි එකිනෙක ඇලෙන එක වැලක්වීමට වැක්ස් වර්ගයක් භාවිතාකරනවා. ඒ වැක්ස් තමා ක්ෂණික නූඩ්ල්ස් වලට උණු වතුර දැම්මාම තෙල් තට්ටුවක් පාවෙනවා වගේ අපිට පේන්නේ .ඒ වැක්ස් වර්ග ක්ෂණික නූඩ්ල්ස් හදනකොට උණු වතුර දැම්මාම උණු වතුරේ දියවෙලා අපේ ශරීරයට උරාගැනීමට ලේසි තත්වයකට පත්වෙනවා.මෙම වැක්ස් වර්ග අපේ ශරීරයට උරාගෙන අක්මාව සහ වකුගඩු වල තැන්පත්වෙලා එම අවයව වලට හානි කරනවා.
ක්ෂණික නූඩ්ල්ස්වල රස වැඩි කරන්න මෙනොසෝඩියම් ග්ලූටාමේට් ( monosodium glutamate ) නැතහොත් MSG බහුලව භාවිතාකරනවා. MSG වලින් කුකුලු මස් රස නූඩ්ල්ස් වල රස වඩා කුකුලු මස් රස කරනවා. ඉස්සෝ රස ක්ෂණික නූඩ්ල්ස්වල රස වඩා ඉස්සෝ රස කරනවා. ආහාර වලින් දීර්ඝකාලීනව MSG ශරීරයට ලැබුනාම විවිධ ආසාද්මිකතා වලට , පපුව දැවිල්ලට , හිසරදය සෑදීමට , මතක ශක්තිය අඩුවෙන්න වගේම ක්ෂණික නූඩ්ල්ස් කෑවට පස්සේ අධික පිපාසයටත් හේතු වෙනවා. ලංකාවේ දැනට තියන නීතියට අනුව අවුරුදු 3ට අඩු ලමයි වෙනුවෙන් සකස් කරලතියන ආහාර වලට MSG දානඑක තහනම්. ඒතරම් MSG දරුවන්ට අහිතකර වුනාට ලංකාවේ ගොඩක් අම්මලා තමන්ගේ දරුවට අවුරුද්දක් සම්පූර්ණ වුනගමන් ක්ෂණික නූඩ්ල්ස් කවනවා. ඒවගේම ලංකාවේ නීතිය අනුව වියලි නූඩ්ල්ස්වලට MSG දානඑක තහනම්. ඒ හින්ද තමයි නූඩ්ල්ස් පැකට් ඇතුලේ වෙනමම තියන රසකාරක පැකට් එකේ MSG අඩංගුවෙන්නේ.
කප් නූඩ්ල්ස් සෑදීමේදී උණු ජලය ප්ලාස්ටික් භාජනයට දැම්මහම ඒ තුනී ප්ලාස්ටික් භාජනයේ අඩංගු පිලිකා කාරක සංඝටක උණු ජලයේ දියවෙලා නූඩ්ල්ස්වලට මිශ්‍ර වෙනව කියල නිරීක්ෂණය කරල තියනවා. එම පිළිකා කාරක නිසා විශේෂයෙන්ම ආහාර ජීරණ පද්ධතිය අශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවධානම වැඩිවෙනවා. ආසියාවේ රටවල්වල ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය ගොඩක් වැඩී. ඒක නිසා ක්ෂණික නූඩ්ල්ස්වල අහිතකර බලපෑමත් අපේ රටවල්වලට ගොඩක් වැඩී. ඒවගේම ක්ෂණික නූඩ්ල්ස්වල අහිතකර බලපෑම් වැඩිපුරම එල්ලවෙන්නේ කාන්තාවන්ට කියලත් විද්‍යාඥයින් සොයාගෙන තියනවා. ඔවුන් කියන විදිහට සතියකට දෙපාරක් හෝ ඊට වැඩි වාර ගානක් ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගැනීම හෘද රෝග සහ පිළිකා සදහා අවධානම් සාධකයක්.
ක්ෂණික නූඩ්ල්ස්වල තියන තෙල් දීර්ඝ කාලයක් නරක් නොවි තියාගන්න එම තෙල් හයිඞ්‍රජනීකරනය කියන ක්‍රියාවලියට ලක්කරනවා. එම ක්‍රියාවලියේදී හැදෙන ට්‍රාන්ස් මේදය ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්න හේතුවෙනවා. මෙම තෙල් නිසා ක්ෂණික නූඩ්ල්ස්වල ශක්ති ප්‍රමානය අධික වෙලා දීර්ඝකාලීන ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය තරබාරු වීමටද හේතු වෙනවා. ක්ෂණික නූඩ්ල්ස් වල තියන අධික ආහාර ආකලන ප්‍රමානය කුඩා ලමයින්ගේ ශරීරවල තැන්පත්වීම හින්දා, ක්ෂණික නූඩ්ල්ස් නිතර ආහාරයට ගන්න අවුරුදු 5 ට අඩු කුඩා ලමයින්ගේ විටමින් සහ ඛනිජ ලවන උරාගැනීමේ හැකියාව අඩුවෙනවා කියලා තහවුරු වෙලා තියනවා. එය දරුවන්ගේ බුද්ධි වර්ධනය අඩාල වෙන්න වගේම ඇස් පෙනීම දුර්වල වීමටද හේතු වෙනවා.
දැන් ඔබට තේරෙනවා ඇති අපි කොච්චර ආසාවෙන් ක්ෂණික නූඩ්ල්ස් කෑවත් ඒවා හරිම ලේසියෙන් පිළියෙල කරන්න පුලුවන් වුනත් ඒවගේ තියන භයානක ප්‍රතිපල අති විශාලයි කියලා. ලංකාව වගේ දියුණුවෙමින් පවතින රටවල් වල ආහාර රටාව වේගයෙන් බටහිරකරනය වෙනවා. ඒකනිසා දවසින් දවස ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය වැඩිවෙනවා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ කුඩා දරුවන්ගේ පොෂණ මට්ටම සහ ස්‍යෙඛ්‍යය මට්ටම පිරිහෙන එක. එහෙම වුනාම ඉස්සරහට අපේ රටේ පිලිකා රෝගීන්, දියවැඩියා රෝගීන් , හෘද රෝගීන් සහ තරබාරැ පුද්ගලයන්ගෙ ගණන තව තවත් වැඩිවෙනවා. මේ භයානක තත්වය තේරැම් අරගෙන අපි උත්සාහ කරන්න ඔනේ මේ ක්ෂණික නූඩ්ල්ස් කියන භායානක හතුරගෙන් ගැලවෙන්න.
ඒසදහා පෝෂණවේදීන් ක්‍රම 2ක් යෝජනා කරල තියනවා. පළෙවෙනි එක තමයි ක්ෂණික නූඩ්ල්ස් වෙනුවට තමන්ගේ ගෙදර දි රස කාරක අඩංගු නැති සාමන්‍ය නූඩ්ල්ස් පිළියෙල කරන එක. එතකොට අපිට පුලුවන් තෙල් අඩුවෙන් , රස කාරක නැතිව , එළවලු වැඩිපුර එකතුකරලා , කුඩා ළමයින්ටනම් බිත්තරයක් හරි මස් හරි මාළු එකතුකරල පෝෂණ ගුණය වැඩිකරලා පිලියෙල කරන්න. ඉලග යොජනාව තමයි ක්ෂණික නූඩ්ල්ස් කනකොට ප්‍රමාණය පාලනය කරනඑක. ඔබ වෙනදට ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක් තනියම කනවනම් අද ඉදන් කාත් එක්කහරි බෙදාගෙන කන්න පුරුදුවෙන්න.
මේ ලිපිය කියවන ඔබත් අනිවාර්යයෙන් ක්ෂණික ක්ෂණික නූඩ්ල්ස්වලට ආස කරන කෙනෙක් වෙන්න ඇති. දැන් ඔබත් කල්පනා කරන්න ක්ෂණික නූඩ්ල්ස්වල රස බලලා ඡීවිතේ ලෙඩරෝග වලට බිලිදෙනවද නැතිනම් ක්ෂණික නූඩ්ල්ස්වලින් ඈත් වෙලා බොහෝ කාලයක් නිරෝගීව සතුටින් ජීවත්වෙනවද කියලා. ඔබ හොදින් මතක තියාගන්න අපි ගන්න ආහාරයක් ක්ෂණික වෙන තරමට එකෙන් ශරීරයට තියන අහිතකර බලපෑමත් වැඩිවෙනව කියලා.
ප්‍රදීප් පියතිලක,
සන්නිවේදන සහ මාධ්‍ය නිලධාරී,
ජාතික මූලික අධ්‍යයන ආයතනය.
Subscribe to:
Posts
(
Atom
)
No comments :
Post a Comment