මොකක්ද මේ Ebola?

මේ සිදුවීම සිදුවී මසක කාලයක් ගත වීමටත් පෙර Mabalo මියගියා. ඔවුන්ගේ ප්‍රදේශයේ පැවති
චාරිත්‍ර වලට අනුකුලව ඔහුගේ අවමංගල්‍ය කටයුතු නෑදෑ හිත මිත්‍රයන්ගේ සහභාගිත්වයෙන්
සිදුවුනා. මෙම චාරිත්‍ර වලට අනුව Mabalo ගේ දේහයෙහි තිබු සියළුම ආහාර හා අපද්‍රව්‍ය
ඔවුන්ගේ දෑත් වලින්ම ඉවත් කරනු ලැබුවා. මින් සති කිහිපයකට පසුව Mabalo ගේ අවමංගල්‍ය චාරිත්‍ර වලට සහභාගී වුනු
පුද්ගලයින් 18 දෙනෙකු මියගිය අතර Mabalo ට එන්නත් කල කටුවෙන් ප්‍රතිකාර කරනු
ලබූ අනෙක් රෝගීන් විශාල සංඛ්‍යාවක්ද එම
රෝග ලක්ෂණම පෙන්වූවා. වඩා දරුණු රෝග ලක්ෂණ
පෙන්වූ මෙම හදිසි වසංගත තත්වය , ඒ වන විට සුඩානයේද පැතිරෙමින් තිබු Ebola නැමැති වෛරසය බව අවසානයේදී හඳුනාගැනුණා.Ebola වෛරසයට ගොදුරු වූ Zaire හි ජනගහනයෙන් 91% පමණ මියගිය අතර සුඩානයේද ඉතා විශාල
පිරිසක් මෙම රෝගී තත්වය නිසා දැඩි ලෙස පීඩා වින්දා .
1976 සිට මේ වන තෙක් Ebola වෛරසය 20 වතාවක් පමණ පැතිර ගොස් ඇති අතර මෙය බොහෝ විට
පැතිරී ඇත්තේ අප්‍රිකානු රටවලය.
මොකක්ද මේ Ebola
වෛරසය
?
Ebola කියන්නේ වෛරස ලෝකයේ සිටින දරුණුතම වෛරස
අතුරින් එකක්. මේ වෛරසය ගැන තොරතුරු පරතෙරටම මෙතෙක් අනාවරණය වී නැහැ . දැනට
අනාවරණය වී ඇති පරිදි Ebola
වෛරසය, සරම්ප හා කම්මුල්ගායට හේතුවන වෛරසවලට
නෑදෑකම් දක්වනවා.
අපි මුලින්ම බලමු Ebola වෛරසය පැතිරෙන්නේ කොහොමද කියලා?
ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට මේ වෛරසය ශ්ලේෂ්මල පටල,හානි වූ සම,
රුධිරය, හෝ වෙනත් ශරීරයෙන් පිටවන ශ්‍රාවයන්
ඔස්සේත්, මේවා මගින් අපවිත්‍ර වූ පෘෂ්ඨ (ඇඳ ඇතිරිලි, ඇඳුම් වැනි) ආදිය මගිනුත් පැතිරෙන්නට පුළුවන්.
Ebola වෛරසයට අපේ ශරීරයේ ඇති විවිධාකාර සෛල වර්ග ආසාදනය කල හැකි වුවත් ප්‍රධාන
වශයෙන් මෙමගින් පීඩා ලබන්නේ ප්‍රතිශක්තීකරණ පද්ධතියයි . ඉන්පසුව වෛරසය රුධිරය හරහා
,වසා ගැටිති ,
ප්ලීහාව
මෙන්ම අක්මාවටද පැතිරේ .
Ebola වෛරසය මිනිස් ශරීරයකට ඇතුළු වී දින 2-21 (සාමාන්‍යයෙන් දින 4-10) පමණ ගතවන තුරු කිසිඳු රෝග ලක්ෂණයක්
පෙන්නුම් කරන්නේ නැහැ . පළමුවෙන්ම ඇතිවන රෝග ලක්ෂණයන් වන්නේ උණ , හිසරදය පේශි හා සන්ධි වල වේදනා යනාදිය
නිසා බොහෝ විට මෙය වෙනත් රෝගයක් ලෙස නිර්ණය කරනු ලබනවා . නමුත් ඉන් කෙටි කලකට පසු
රෝගය දරුණු අතට හැරෙමින් bloody
diarrhoea , උගුරේ ආබාධ ,
සෙංගමාලය
, කෑම අරුචිය වැනි තත්වයන් ඇති කරනවා . මෙම රෝග ලක්ෂණ දින 5ක් පමණ පැවතිය පසු ebola ආසාදිතයින්ගෙන් 50% ගේ පමණ කඳ හා උරහිස්වල කුෂ්ට වර්ධනය වීම ආරම්භ වෙනවා .
මෙම රෝගයේ වඩාත් දරුණු රෝග ලක්ෂණයන් වන්නේ මෙහි රක්තපාත තත්වයයි . මෙහිදී රෝගියාගේ රුධිරය ශරීරය පුරාම තැනින් තැන කැටි ගැසීමට පටන්ගන්නා නිසා සුළු කාලයකදී ශරීරයේ ඇති රුධිර කැටිගැසීමට අවශ්‍ය ප්‍රෝටීන සියල්ල අවසන් වේ .
එනම් ශරීරයේ වෙනත් කොටසක පටක හානියක් සිදුවුවහොත් රුධිරය කැටි ගැසීමට
ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන ශරීරයේ අඩංගු නොවන නිසා අඛණ්ඩව රුධිර වහනය සිදු වන අතර
බොහෝ විට මෙය ශරීර අභ්‍යන්තරයේ සිදු වේ . නමුත් මෙසේ රුධිරය වහනය වන අවස්ථාවන් ඉතා දුර්ලභ වන අතර ebola ආසාදනයෙන් මරණයට පත් වන බොහෝ පුද්ගලයන්ගේ
මරණයට හේතු වන්නේ අධික රුධිර වහනය නොව අවයව කිහිපයක්ම අකර්මණ්‍ය වීම හෝ කම්පන
තත්වයන්ය .

Ebola කියන්නේ zoonotic රෝගයක් . ඒ කියන්නේ එය ස්වාභාවිකවම
සතුන් තුල තිබෙන, මිනිසාට සම්ප්‍රේෂණය විය හැකි රෝගයක් . හැබැයි
කවරෙක් හෝ මේ රෝගය සම්ප්‍රේෂණය කරන සත්වයා තුල මෙය දීර්ඝ කාලයක් පැවතිය යුතු වෙනවා
. ඒ කියන්නේ වඳුරන් නම් කෙසේවත් රෝග වාහකයින් වෙන්නට බැහැ . මොකද වඳුරන් කියන්නේ
බොහොම පහසුවෙන් රෝග වලට භාජනය වන සත්ව විශේෂයක් වන නිසා.මේ හේතුව නිසා විද්‍යාඥයින් මදුරුවන් , වවුලන් හා පක්ෂීන් වැනි වෙනත් සත්ව
කාණ්ඩ දෙසට හැරුණා . ඒ විතරක් නෙවෙයි , ශාක වලිනුත් මේ වෛරසය පැතිරෙන්නට පුලුවන්ද කියලා පරීක්ෂණ සිදු කළා.
නමුත් මේ වෛරසය සංචිත කරගෙන සිටින ජීවී කාණ්ඩය කුමක්ද කියලා . තවමත්
විද්‍යාඥයින්ට අනාවරණය කරගැනීමට නොහැකිවී තිබෙන්නේ මේ ජීවී කාණ්ඩය සාපේක්ෂව
දුර්ලභ කණ්ඩයක් නිසා බව ඔවුන් විශ්වාස කරනවා.
වසර ගණනාවක් පුරාවට විවිධාකාර සත්වයින් යොදාගෙන
සිදු කරනු ලැබූ පර්යේෂණවලින් අනතුරුව විද්‍යාඥයින් ගේ නවතම උපකල්පනය වනුයේ මේ
වෛරසය වවුලන් මගින් සම්ප්‍රේෂණය වන බව වුවත් එය වවුලන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය
වන්නේ කෙසේදැයි යන්න තවමත් ගැටළුවක්.
සැකසුම - දිනේශි තලකිරියාව