පමණට වඩා ජලය බොන්නේ බලාගෙනයි.
ජලය කියන්නේ අපේ හුස්ම පොද වගේම අපේ ජීවය පවත්වා ගැනීමට අපට අත්‍යාවශ්‍යම වන දෙයක් . කුඩා අවධියේ පටන් අපි ජලයේ ප්‍රයෝජන හා අපේ ශරීරයට ජලයේ ඇති වැදගත්කම ගැන බොහෝ දෑ ඉගෙනගෙන තිබෙනවා . අප දිනකදී පරිභෝජනය කල යුතු ජල ප්‍රමාණයත් , ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම නිසා ලක්වීමට සිදු වන විවිධ රෝගී තත්ත්ව ගැනත් ඔබ හොඳින්ම දැනුවත් ඇති .
නමුත් ඔබ අසා
නැතිව ඇති පමණට වඩා ජලය පානය කිරීම නිසා ලක්වීමට සිදු වන රෝගී තත්ත්ව පිළිබඳව.
මේ කියන්නට
යන්නේ එවන් රෝගී තත්ත්වයක් වන water Intoxication ගැනයි.
සරලවම පැවසුවොත් water intoxication කියන්නේ යම් පුද්ගලයෙකු, බොහෝ විට
විජලනයට ලක් වූ අයෙකු
කෙටි වේලාවක් ඇතුලත විශාල ජල ප්‍රමාණයක් පානය කිරීම නිසා ඔහුගේ ශරීරයේ සෛලවල අඩංගු පෝෂක
(Na+ වැනි අයන) වල
සාන්ද්‍රණය සෛල වල ක්‍රියාකාරිත්වය අඩාල වීමට තරම් අඩු තත්වයකට පත් වීමයි.
දැනගන්න කැමතිද
මෙය සිදුවන්නේ කොහොමද කියලා ?
උදාහරණයක්
විදිහට දැඩි ලෙස වෙහෙසට පත්වුණු ක්‍රීඩකයෙක්
සලකමු . දහඩිය හරහා මොහුගේ ශරීරයේ ජලය මෙන්ම අයනද විශාල ප්‍රමාණයක් පිටව ගොස් ඇති
නිසා මොහු දැඩි ලෙස විජලනයට ලක්වෙනවා . මෙවැනි පුද්ගලයෙකු ජලය වැනි පෝෂක (Na+ වැනි අයන ,
ග්ලුකෝස්) අඩංගු නොවන පානයකින් විශාල ප්‍රමාණයක් කෙටි වේලාවක් ඇතුලත පානය කළහොත්, ටික වේලාවකින් මොහුගේ
ශරීරයේ,සෛල වලට පිටතින් පවතින තරලයෙහි ඇති Na+ සාන්ද්‍රණය, සෛල තුල Na+
සාන්ද්‍රණයට
වඩා අඩු වීම නිසා සෛල
තුල පවතින Na+ ,පිටත ඇති තරලයට ගමන් කරයි .
තවදුරටත් ජලය
ශරීරගත වුවහොත් මෙම තරලයෙහි Na+ සාන්ද්‍රණය තවත් අඩුවෙමින් hyponatremia
ලෙස හදුන්වන තත්වයක්
ඇති වේ.මේ සමඟම සෛල අතර පවතින තරලය, ආසෘතියෙන් සෛල
තුලට ඇතුළුවේ.
තරලය ඇතුළු වීම නිසා සෛල ඉදිමි ප්‍රමාණයෙන් විශාල වේ .
මෙම ක්‍රියාවලිය මොලයේ සෛල තුල
සිදු වන විට, හිස් කබල තුල පීඩනය
ඉහළ යන අතර
මෙවිට water
intoxication හි ප්‍රථම රෝග
ලක්ෂණයන් වන හිසරදය , හැසිරීමේ
වෙනස්කම් , පේශි දුර්වල වීම , හා මානසික ව්‍යාකුලතා මෙන්ම සමහර
අවස්ථාවන්වලදී හුස්ම ගැනීමේ අපහසුතා , වමනය , හා සංවේදන
දුර්වලතා ද ඇති විය හැක . නිසි ප්‍රතිකාර නොලැබුණහොත් ,රුධිර සැපයුම
අඩාල වීමට තරම් මොලයේ සෛල ඉදිමී මධ්‍ය ස්නායු පද්ධතියටම හානි සිදුවිය හැකි අතර මෙහි ප්‍රථිපලයක් ලෙස මොළයට හානි සිදුවීම , කෝමා තත්වයන් මෙන්ම මරණයද සිදුවිය හැක
.
Water
intoxication තත්වයට හේතුවන
නිශ්චිත ජල ප්‍රමාණය කොපමණදැයි
මෙතෙක් අනාවරණය කර නැහැ . එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි බවයි විද්‍යාඥයන්
විශ්වාස කරන්නේ.
කෙසේ වෙතත්
සාමාන්‍ය අවස්ථාවලදී
අධික ලෙස ජලය පානය කිරීම නිසා මෙම තත්වයට මුහුණදුන් පුද්ගලයන් ගැන නම් මෙතෙක්
වාර්තා වී නොමැති තරම් .
බොහෝ විට මෙම
තත්වය වාර්තා වන්නේ,
- මාස 6 ට වඩා අඩු වයසැති ළදරුවන්
- දීර්ඝ ලෙස සිදු කරන ව්‍යායාම් සැසි ,දිගු දුර ධාවන ක්‍රීඩා ආදියෙහිදී ධාවනය සිදු කරන අතරතුරදී නිසි ප්‍රමාණයට අවශ්‍ය අයන අඩංගු නොවන පානයන් අධික ලෙස පරිභෝජනය කරන ලද අවස්ථාවලදී ය.
ඒ නිසා එවැනි දැඩි
ලෙස වෙහෙස කර ක්‍රියාකාරකම් වල නිරතවීමෙන් අනතුරුව, සෝඩියම් හෝ වෙනත් අයන හෝ සීනි
අඩංගු වන පානයන් (තැඹිලි,sports drinks) පානය කිරීම සුදුසු යැයි පැවසේ.

අවසාන වශයෙන් ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ අප මෙතෙක් විස්තර කල water Intoxication තත්ත්වය, මැරතන් ධාවකයින් හා ළදරුවන් හැරුණු කොට වෙනත් පුද්ගලයින් තුල ඇතිවීම ඉතාමත් දුර්ලභ බවයි.
සැකසුම :දිනේශි තලකිරියාව.
www.howstuffworks.com හා Scientific American ඇසුරෙනි.
Subscribe to:
Posts
(
Atom
)