සාගරයෙන් උගත් සබ්මැරීනය
අම්මා කියන්නේ අපි ඉපදුනු දා පටන් අපිව
රැකබලාගෙන ජීවිතය පිළීබඳව අපට උගන්වන අපේ මුල්ම ගුරුවරියද වන අති උතුම් චරිතයක්.
අපට ජීවය ලබා දුන්, මේ තරම් විශ්මිත හා සුක්ෂ්ම විදිහට
පරිසරයේ සියලුම අංගයන් නිර්මාණය කල සොබාදහම , අපි සොබාදහම් මෑණියන් විදිහට
හඳුන්වන්නෙත් ඇයත්
අම්මා කෙනෙක් වගේම අපිට බොහෝ දෑ උගන්වන අති විශ්මිත කෙනෙක් වන නිසා වන්නට ඇති.
කෙසේ වෙතත් එදා මෙදා අතරතුර
ගෙවුණු සියවස් ගණන තුල අපි පරිසරයෙන් උගත්
දේවල් බොහෝමයි. මෙසේ සොබාදහම විසින්
නිර්මාණය කොට ඇති දෑවල පවතින අති සුක්ෂම ස්ථාන ග්‍රහණයෙන්, ඒවායෙහි භාවිතා වී ඇති සංකල්ප වලට අනුකුලව මිනිසාට ප්‍රයෝජනවත් වන
නව නිර්මාණ බිහිකිරීම ජෛවාණුකරණය ලෙසයි හඳුන්වන්නේ.
ජෛවානුකරණය සම්බන්ධ තවත් එක් අපූරු උදාහරණයක් ගැන තමයි මේ කියන්න යන්නේ .ඔබ අසා තිබෙනවා ඇති ගැඹුරු මුහුදේ ජීවත්වන Nautilus නම් මොලස්කාවා පිළිබඳව.මේ රුපයේ ඉන්න Nautilus හරිම දැකුම්කලු සත්වයෙක්. කැමතිද දැනගන්න මේ පුංචි සත්වයා ජලයේ එහා මෙහා ගමන් කරන්නේ කොහොමද කියලා?
අනෙක් මොලස්කාවන් ට සමාන රූපාකාරයක් දක්වන මොවුන්ගේ කටුව තුල 19cm පමණ දිගින් යුත් සර්පිලාකාර ව්‍යුහයක් පවතිනවා.මේ තුල එකිනෙක හා සම්බන්ධ වුනු කුඩා කිමිදුම් කුටීර 38 ක් පවතිනවා.මේ කුටීර තුලට පේශීමය නලයකින් ඇදගන්නා ජලය, ජෙට් යානයක වාතය පිටවන ආකාරයට එක්වරම පිටතට විදීමෙන් තමයි මේ පුංචි nautilus ජලයේ එහා මෙහා ගමන් කරන්නේ.
ඊටත් වඩා අපූරුයි nautilus ජලයේ කිමිදෙන ආකාරය.
ඔබ දන්නවා ඇතිනේ යම් වස්තුවක් ජලයේ ගිලෙන්නට නම් එම වස්තුවේ සඵල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි හෝ ඊට සමාන විය යුතු බව? අපි මේ කතාකරමින් ඉන්න nautilus ජලයේ කිමිදෙන්නට භාවිතා කරන්නෙත් මේ භෞතික විද්‍යාත්මක සංසිද්ධියම තමයි.නමුත් කොහොමද මොහු මේ කාර්ය සිදුකරන්නේ?
Nautilus ට හැකියාව තිබෙනවා ජෛව රසායනික ක්‍රම මගින් විශේෂ වායුවක් නිපදවන්න. මෙම වායුව ඉන්පසුව nautilus ගේ කටුවේ තිබෙන කුටීර වලට ගමන් කිරීමට සැලැස්වීම මගින් එහි පවතින ජලය ඉවත්කෙරෙනවා. Nautilus තම කුටීර තුලට මොහුගේ පේශිමය නලයක් තුල ඇති රුධිරයේ අඩංගු ජලය ආස්‍රැතිය මගින් ගමන් කිරීමට සැලැස්වීම මගින් මෙම කුටීර පිරවීම සිදුකරනවා.Nautilus ගේ කුටීර තුල අඩංගු වන ජල ප්‍රමාණය අනුව ඔවුන්ගේ සඵල ඝනත්වය අඩු වැඩි වන නිසා, ඒ අනුව Nautilusට ජලයේ විවිධ ගැඹුරුවල කිමිදීමේ හැකියාව තිබෙනවා.
ඔබ අහල ඇති සබ්මැරීන ගැන, ගැඹුරු මුහුදේ නිදහසේ කිමිදී ගමන්කළ හැකි වන ලෙස මිනිසා විසින්
නිමැවුණු මේ අපූරු නිර්මාණය සිදු කරලා තියෙන්නේ
අපි කලින් සඳහන් කල Nautilus
භාවිතා කරන මූලධර්මය භාවිතා කරමින්.
සබ්මැරීනයට හැකියාව තිබෙනවා එයට අභිමත පරිදි ජලයේ කිමිදෙන්නටත් අවශ්‍ය විටෙක ජලයේ මතුපිටට පැමිණෙන්නටත්. මෙය මෙසේ සිදු කරන්නේ කලින් Nautilus ගැන අපි සඳහන් කලා වගේම ඉපිලුම භාවිතා කරමින්
සබ්මැරීනයක අවශ්‍ය විටෙක ජලයෙන් හෝ වාතයෙන් පිරවිය හැකි ටැංකි ආකාර දෙකක් තිබෙනවා.සබ්මැරීනය ජලයේ මතුපිට පවතින විට මෙම ටැංකි වාතයෙන් පිරී පවතින අතර සබ්මැරීනයේ සඵල ඝනත්වය එහි අවට පවතින ජලයේ ඝනත්වයට වඩා අඩු නිසා එය ජලයේ පාවෙයි.
සබ්මැරීනය ජලයේ කිමිදෙන විට මෙම ටැංකි ක්‍රමයෙන් ජලයෙන් පුරවනු ලබන අතර එහි පවතින වාතය පිටකර හරිනු ලබනවා. මෙවිට සබ්මැරීනයේ සඵල ඝනත්වය ක්‍රමයෙන් ජලයේ ඝනත්වයට වඩා වැඩිවෙමින් එය ජලයේ කිමිදීම ආරම්භ කරනු ලබනවා. මෙහිදී ජලයෙන් පුරවනු ලබන ටැංකි ප්‍රමාණය මගින් සබ්මැරීනය ජලයේ කෙතරම් ගැඹුරකට ගමන් කරන්නේදැයි නිර්ණය කරනු ලබනවා
මීට අමතරව සබ්මැරීනය තුල ගබඩා කර පවතින
සම්පීඩිත වාතය මගින් සබ්මැරීනය තුල ගමන් කරන පුද්ගලයින්ට ශ්වසනය සඳහා අවශ්‍ය වාතය
සපයනවා.
මේ තරම් සංකීර්ණ නිරමාණයක ඒ තරම් පුංචි
සොබාදහමේ නිමැවුමක අඩි සලකුණු සටහන් වී තිබෙනවා කියන එක අදහන්නත් අමාරුයි නේද ?
අපි ඒ කතාකලේ දහස් සංඛ්‍යාත වූ සොබාදහම
පසුබිම් වූ නිර්මාණ අතුරින් එකක් පමණයි. ඉදිරි අනාගතයේ බිහිවෙන්නට තිබෙන මෙවැනි
නිර්මාණ ගණන නම් අනන්ත අප්‍රමාණයි. ඔබත් විමසිලිමත්ව සොබාදහම අධ්‍යනය කලහොත්
සොබාදම් මෑණියන්ගේ ඉතා කුඩා නිමැවුමක වුවද පවතින අති සුක්‍ෂම විද්‍යාත්මක සංකල්ප ඔබට ඔබ අතින්ම නිමවෙන නවතම
නිර්මාණයකට යොදාගෙන 'ජෛවානුකරණය ' යන්නට තව තවත් පණපොවන්නට හැකි වේවි .
සැකසුම -දිනේශි තලකිරියාව
www.howstuffworks.com හා Technology Imitates Nature - Harun Yahya ඇසුරෙනි
Subscribe to:
Posts
(
Atom
)