කිඹුල් කඳුළු
අහල තියනවද කිඹුල් කඳුළු ගැන ?
අතීතයේ සිට පැවත එන මේ යෙදුම මගින් අදහස් වන්නේ සත්‍ය වශයෙන්ම නොපවතින ශෝකයක් පවතින බවක් මවා
පෙන්වීමයි.නමුත් මෙය එසේ මෙසේ කියමනක්
නොවෙයි . සැලකිය යුතු විද්‍යාත්මකපසුබිමක් සහිත කියමනක් .
ඇත්තටම මොකක්ද මේ කිඹුල්
කඳුළු පසුපස ඇති අපි නොදුටු සත්‍ය ?
ඇත්තටම කිඹුලන්ට කඳුළු සලන්නට පුලුවන්ද ?
ඔව් .කිඹුලන්ගේ කඳුලුත් අපේ කඳුළු වගේම අශ්‍ර ග්‍රන්ථි මගින් නිපදවනු ලබනු
ඒවාය .මෙම ග්‍රන්ථිය මගින් නිපදවනු ලබන ප්‍රෝටිනමය ශ්‍රාවයන් වන මෙම කඳුළු
කිඹුලාගේ ඇසෙහි නිමිලන පටලයට පිටුපසින් ශ්‍රාවය වන අතර මෙමගින් ඇස පිරිසිදු කිරීම,
නිමීලන පටලය ඇස මතින් ගමන් කිරීම පහසු කරවීම
සඳහා ඇස ස්නේහනය කරවීම, හා ඇසෙහි bacteria වර්ධනය වීම වලක්වාලීම සිදු කරයි . නමුත් මෙම
කඳුළු පහසුවෙන් දැකගත හැක්කේ කිඹුලන් දිගු වෙලාවක් ගොඩබිම සිටීම නිසා ඔවුන්ගේ ඇස්
වියලීමට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙසය.බොහෝ විට මොවුන් ගොඩබිම සිට ගොදුරු ආහාරයට ගන්නා
අවස්ථාවල මෙසේ කඳුළු දැකගත හැකි නිසා මොවුන් ගොදුරු වූ සත්වයා පිලිබඳ ශෝකයෙන්
කඳුළු සලන්නේ යයි යන පදනම මත මෙම පැරණි
කියමන ගොඩනැගී ඇත .

කෙසේ වෙතත් මොවුන් කඳුළු සලන්නේ ඇත්තටම ශෝකයකින් නොවන බව නම්
පැහැදිලියි .
දැන් ඔබට වැටහෙනවා ඇති පුංචි
භාෂාමය යෙදුමක වුනත් සුළු හෝ විද්‍යාත්මක පසුබිමක් තිබෙන බව. හරි අපුරුයි නේද ?
මෙවැනි විද්‍යාත්මක පසුබිම් සහිත යෙදුම් නම් අනන්තවත් අපි එදිනෙදා ව්‍යවහාරයේදී භාවිතා කරනවා ඇති. මඳකට සොයා බැලුවහොත් ඔබ නොසිතු
අපූරු විද්‍යාත්මක සංසිද්ධීන් මේ පුංචි යෙදුම් පසුපස සැඟවී ඇති බව ඔබට දැනගන්නට
ලැබෙයි. එසේ ඔබ ලබාගන්නා දැනුම අප වෙත ලියා එවන්නත් අමතක කරන්න එපා .
සැකසුම- දිනේෂි තලකිරියාව