කාබන් ඩයොක්සයිඩ් අර්බුදය දිය යට සඟවමුද?
ඔබේ මෝටර් රථයෙන් දහනය වන සෑම ඉන්ධන
ගැලුමක් පාසාම CO2 රාත්තල් 20ක් නිපදවන බව ඇසුවහොත් ඔබ නිසැකයෙන්ම පුදුම වනු ඇත. මොහොතකට සිතා
බලන්න. 2002 වසර වන විටද ලොව පැවති මුළු මෝටර් රථ ප්‍රමාණය මිලියන 531ක්. ඉතින් ගතවූ දොළොස් වසර තුල එම මෝටර් රථ
ගණන කී ගුණයක් වන්නට ඇත්දැයි ඔබට සිතාගත හැකියි නේද?එසේනම් මෙම වසර වන විට මෝටර් රථවල ඉන්ධන දහනයෙන් වායුගෝලයට එක්වන CO2 ප්‍රමාණයද ඒ හා සමාන ගුණයකින් වැඩි වන්නට ඇති
.ඒ විතරක්ද එලි කරන වනාන්තර , ගල් අඟුරු බලාගාර , සත්ව ගොවිපලවල්, මේ සෑම ආකාරයකින්ම වායුගෝලයට එක් දිනකදී මුක්ත වන CO2 ප්‍රමාණය නම් සිතාගන්නටත් බැරි තරම්.
එසේනම් දිනෙන් දින වැඩිවන මෙම මුක්ත CO2 ස්කන්ධයට කුමක් කරමුද?
මෑතකදී විද්‍යාඥයින් පිරිසක් විසින්
යෝජනා කර ඇති පරිදි බලාගාර වලින් නිකුත්වන CO2 ක්‍රම කිහිපයක් මගින් එක්රැස්කරගත
හැකියි.එසේ රැස්කරගන්නා CO2
වලට ඉන්පසුව සිදු කරන්නේ කුමක්ද ?කොහේහරි ගබඩා කරමුද?ගබඩා කරනවානම් කරන්නේ කොහේද ?
ඇමෙරිකානු විද්‍යාඥයෙකු වන ආචාර්ය
මයිකල් පිල්සන් නමැත්තා විසින් මෙම CO2 සාගර පත්ලේ තැන්පත්කිරීමේ යෝජනාවක්
ඉදිරිපත් කලා .ඇසු සැනින්ම ඔබටත් මෙය කුතුහලය දනවන්නක් වන්නට ඇති.ඇත්තෙන්ම CO2 කොහොමද සාගර පතුලේ ගබඩා කරන්නේ?
මේ සඳහා ඔවුන් භාවිත කිරීමට
බලාපොරොත්තු වන්නේ ඉතා සරල මූලධර්මයක් . CO2 ද්‍රව ලෙස මෙසේ තැන්පත් කිරීමට අදහස්
කරන ඔවුන් සාගර පත්ලේ පවතින ඉතා පහළ උෂ්ණත්වය හා ඉතා ඉහළ පීඩනය නිසා නිසා මෙම CO2 ද්‍රව අවස්ථාවේම පවතිමින් පහළට කිඳා බසිතැයි
අපේක්ෂා කළා .
ඒ විතරක් නෙවෙයි. මෙම තත්ත්ව යටතේ ද්‍රව CO2 හා ජලය ප්‍රතික්‍රියා කොට Clathrate Hydrate නම් සිසිල් සංයෝගයක් බවට පත්වෙතැයි හා මෙමගින් CO2 මුහුදු ජලයට අවශෝෂණය නොවී පවතිතැයි ඔව්හු බලාපොරොත්තු වුණා.
CO2 සාගර පතුලේ කුමන ස්ථානයක තැන්පත් කරන්නේදැයි යන
ගැටළුව මීළඟට ඔවුනට මතුවුනා.
මේ සඳහා සාගර ජීවීන්ට හානියක් නොවන ප්‍රදේශයක් භාවිත කළ යුතු වූ අතර මෙම ප්‍රදේශයන්හි ආරම්භක
ගැඹුර ලෙස මුහුදු මට්ටමේ සිට 4000
m පමණ ගැඹුර ඇති මරියානා ආගාධය ආශ්‍රිත පුළුල් ප්‍රදේශ සුදුසු වෙතැයි
ඔව්හු යෝජනා කළා .මෙපමණ ගැඹුරකදී උෂ්ණත්වය 2oC පමණ වන අතර වර්ග අඟලට රාත්තල් 5880 පමණ වන පීඩනය නිසා ඔවුන් අපේක්ෂා කරන ආකාරයට CO2 අර්ධ ඝන තත්වයේ පවතිතැයි ඔව්හු බලාපොරොත්තු
වුනා.මෙහි පවතින ඉතා මද ආලෝකය හෝ සමහර ස්ථානවල ආලෝකය
නොමැති තරම්ම නිසා ප්‍රභාසංස්ලේෂණය සිදු වෙන්නේ නැහැ. මෙහි සත්ව ගහනය ඉතා විරල වන
අතර මෙහි ආහාර ලෙස පවතිනුයේ පතුලේ කිඳා බැස ඇති මියගිය ශාක හා සත්ව කොටස් .
.
20 සියවස අවසාන වන විට , මෙසේ ගැඹුරු සාගර පතුලේ CO2 තැන්පත් කිරීම ප්‍රයෝගිකව සිදුකල
හැකිදැයි පිරික්සීමට පර්යේෂණ දියත් කරන ලදී . ඔවුන් මේ සඳහා මුහුදු මට්ටමේ සිට 3600 m පහතින් තබන ලද බීකරයක ද්‍රව CO2 තැන්පත් කළා. මෙහිදී බලාපොරොත්තු නොවූ
ලෙස CO 2 පරිමාවෙන් වැඩි වී ගෝලිකා බවට කැඩී ගියා .මේ
නිසා ඔවුනට ඇති වූ ගැටලුව වූයේ CO
2 විශාල ලෙස සාගර පත්ලට මුදාහැරීම නිසා
සාගර ජලයේ රසායනික ස්වභාවයේ වෙනසක් විය හැකි යන්නයි.
නමුත් විද්‍යාඥයින් එයින් අධෛර්යමත් වුනේ නැහැ .2008 වසරේදී ඇමෙරිකානු පර්යේෂකයින් පිරිසක්
විසින් මෙම කල්පිතය තවත් පියවරකින් ඉදිරියට ගෙනයාමට කටයුතු කළා .ආචාර්ය ඩේවිඩ්
කයිත් විසින් යෝජනා කර ඇති පරිදි විශේෂ බහුඅවයවකයකින් සාදන ලද 183 m පමණ විශ්කම්භයකින් යුත් ඇසුරුම් තුල ද්‍රව CO2 තැන්පත්කිරීමට ඔවුහු සැලසුම් කළා .ද්‍රව කරන
ලද CO2 මෙම ඇසුරුම් තුලට නල මාර්ග හරහා යැවිය හැකි වන අතර එක් ඇසුරුමක් තුල , දින දෙකක් තුලදී ලොව මුක්ත වන සියලුම CO2 , එනම් CO2 metric ටොන්
මිලියන 160 පමණ ගබඩා කල හැකියි .
මේ සඳහා අවශ්‍ය තාක්ෂණයන් වන, ගැඹුරු මුහුදු පතුලට විහිදිය හැකි නල මාර්ග හා කර්මාන්ත ආදියෙන්
මුක්ත වන CO2
එක්රැස්කරගැනීමේ තාක්ෂණද දැනට ලොව
පවතියි .ද්‍රව CO2
කිඳාබසිනසුළු නිසා මෙම ඇසුරුම් ඉහලට
පැමිණීම වළකිනු ඇතැයි ඔවුහු පවසනවා .
කෙසේ වෙතත් මෙසේ CO2 සාගර පත්ලේ තැන්පත් කිරීම බරපතල ගැටළුවක් සඟවා
දැමීමක් ලෙස දිස්වුවත් මෙය එක්තරා ආකාරයක පොසිල ඉන්ධන ඇතිවීමට තුඩු දුන් ක්‍රියාවලි
ප්‍රතිනිර්මාණය කිරීමක් වැනි නිසා සමහරක් විට මෙය නුදුරු අනාගතයේ තවත් එක් ශක්ති
ප්‍රභවයක් වීමටද ඉඩ ඇත.මෙසේ CO2
එකතුකර නැවත භාවිතා කිරීමේ ක්‍රමයක් ගොඩනැගුනහොත් එය C
චක්‍රයට බලපෑමක් නොකරමින් ගෝලීය ශක්ති
අවශ්‍යතා සපුරාලිය හැකි සංවෘත පද්ධතියක් නිර්මාණය කිරීමට මග සලසනු ඇති.
අදින් සියවස් දෙක තුනකට ඔබ්බෙන් මිනිසා
කුමන ආකාරයේ තාක්ෂණික දියුණුවක් ලබා තිබෙනු ඇත්දැයි දැනට අපට නිගමනය කිරීමට හැකියාවක් නැහැ .නමුත්
ඒවනවිට මෙම අතිරික්ත CO2
සඳහා මීටත් වඩා සාර්ථක විසඳුමක්
සොයාගෙන තිබීමටද ඉඩ තිබෙනවා.
එවන් සාර්ථක මෙහෙයුමක පුරෝගාමියා ඔබ
වෙන්නටද බැරි නෑ.
Subscribe to:
Posts
(
Atom
)