ඔබත් මදුරුවන්ගේ ගොදුරක්ද?
සන්ධ්‍යා සමයේ එළිමහනේ කෙළිදෙලෙන් ඔබ මොබ දුවන ඔබට, සමහරවිටෙක ඔබටත් වඩා වේගයෙන් ඔබ පසුපස ලුහුබඳිමින් දෂ්ඨ කරන මදුරුවන් මහත් හිසරදයක් වන්නට ඇත.ඇතැම් විට ඔබ සමග සිටින අනෙකුත් අය මගහැර ,එම මදුරුවන් ඔබවම ලුහුබඳිමින් දෂ්ටකරන්නේ මන්දැයි ඔබට ගැටළුවක් වන්නට ඇත.
මදුරුවන් තම ගොදුර සොයාගනුයේ දෘෂ්ටිය හා ගන්ධය ආධාරයෙනි.ගැහැණු මදුරුවෙකුගේ ස්පර්ශකයක් තුල අඝ්‍රාන ප්‍රතිග්‍රාහක 72 පමණ පවතී .මින් 27 කට පමණ මිනිස් දහදියෙහි අඩංගු වන ඔක්ටිනොල් නම් රසායනික ද්‍රව්‍ය හඳුනාගැනීමේ හැකියාවක් ඇත .එබැවින් මෙම රසායන ද්‍රව්‍ය සාපේක්ෂව ඉහල ප්‍රමාණවලින් දහදියෙහි අඩංගු වන පුද්ගලයින් පහසුවෙන් මදුරුවන් දෂ්ට කිරීමට භාජනය වේ.
ප්‍රශ්වාස වාතයේ ඇති CO2 ප්‍රමාණයද මදුරුවන් ආකර්ෂණය කිරීමට හේතුවන සාධකයක් වේ.ප්‍රශ්වාස වාතයේ සාපේක්ෂව වැඩි ප්‍රතිශතයකින් CO2 අඩංගු වන පුද්ගලයින් , උදාහරණයක් ලෙස ,සාමාන්‍ය අවස්ථාවන්වලට වඩා 20% පමණ වැඩි CO2 ප්‍රමාණයක් ප්‍රශ්වාස වාතයෙන් පිටකරන ගර්භණී කාන්තාවන් මදුරුවන්ගේ ග්‍රහණයට පහසුවෙන් බඳුන් වන බව සොයාගෙන ඇත.
ලොව 'සර්ව දායකයින්' ලෙස
සැලකෙන O positive
රුධිර
ඝනය දරන පුද්ගලයින් මදුරුවන් සඳහාද 'දායකයින්'ලෙස ක්‍රියාකරන බව නවතම පර්යේෂණවලින් අනාවරණය වී ඇත. ජපන්
පර්යේෂකයින් පිරිසක් විසින් කරන ලද මෙම පර්යේෂණවලින් සොයාගෙන ඇති ආකාරයට O රුධිර ඝනය සහිත පුද්ගලයන්ට,A රුධිර ඝනය සහිත පුද්ගලයන්ට මෙන්
දෙගුණයක් , මදුරුවන් ආකර්ෂණය වීමේ හැකියාවක් ඇත.
මීට අමතරව වැඩි ශරීර උෂ්ණත්ව හා තද පැහැති ඇඳුම් කෙරෙහිද මදුරුවන් ආකර්ෂණය වන බව අනාවරණය වී ඇත .
සැකසුම : දිනේෂි තලකිරියාව