කොරල්පර රකින කැස්බෑවෝ
සාගර පරිසර පද්ධති ආශ්‍රිතව ඉතා පුළුල් ජෛව විද්‍යාත්මක. පාරාදීසයක් නිර්මාණය කිරීමට ප්‍රධාන ලෙසම දායක වන ජෛවීය ව්‍යුහය වන්නේ කොරල්පර ය. ඔවුන්
සමස්ථ සාගර භූමි ප්‍රමාණයෙන් 0.1% ක් පමණ වෙන්කර ගනු ලැබුවද, සාගර ජීවී විශේෂ 25% කට පමණ වාසස්ථානයක් ලෙස ක්‍රියා
කරයි.
කොරල්පර සැදෙන්නේ කෙසේදැයි ඔබ දන්නවාද? ඇත්තෙන්ම කොරල්පර ද ජීවී ව්‍යුහයකි. ලොව ඇති විශාලතම
සජීව ව්‍යුහය ලෙස ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය සැලකෙන බව ඔබ දැනටමත් දන්නවා ඇත.
කොරල්පර යනු සැබවින්ම සාගර පත්ලේ වෙසෙන ඉතා
කුඩා බුහුබා ආකාර එකයිනොඩමේටා සත්ව විශේෂ, තම ආරක්ෂාව සඳහා ශ්‍රාවය කරන පිටසැකිලි වේ. කොරල්පර ඉතා
සූක්ෂමව නිරීක්ෂණය කලවිට මෙම සතුන් දැකගැනීමට ඉඩකඩ ලැබේ. කොරල්පර තුල අන්තර්ගත ප්‍රධාන
සංයෝගය කැල්සියම් කාබනේට් වේ.
බහුලවම කොරල් පර සැදීමට දායක වන විශේෂ අතර කොරල් බුහුබාවා
( coral polyps ),
මුහුදුමල ( sea
anemone ) ප්‍රමුඛ ස්ථානයන් ගනී.
කොරල්පර වල පැවැත්ම සඳහා
කැස්බෑවන් දායක වන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකුට ගැටලුවකි. විද්‍යාඥයින්ගේ හෙළිදරව් කරගැනීම් වලට අනුව කොරල්පර මත ඉතා ශීඝ්‍රයෙන්
ව්‍යාප්ත වන ඇල්ගී විශේෂ ඇත. අධික වර්ධන වේගයක් ඇති මේවා, කොරල්පර සමඟ තරඟකර ඒවා විනාශ කර දමයි.
කොළ කැස්බෑවා නම් කැස්බෑ විශේෂය මගින් මෙවැනි ඇල්ගී ආහාරයට
ගන්නා බැවින් කොරල්පර වල පැවැත්ම ආරක්ෂා වන බව ඔවුන් අනාවරණය කරගෙන ඇත.
(මෙම සටහන විදුනැණ හවුල sms සේවාවට C දිල්හානි ශිෂ්‍යාව විසින් යොමු කල, “කොරල්පර ඇතිවන්නේ කෙසේද?ඒවා ඇතිවීමට හේතුවන ජීවීන් කවුරුද?කැස්බෑවන් වඳ වීම නිසා කොරල්පර විනාශ වේ.මෙයට විද්‍යාත්මක
හේතුව කුමක්ද?” ප්‍රශ්නය අලලා සකස් කරන ලද්දකි.)
සැකසුම - යුමාල් චතුරංග