ගින්නක් නැතිව නගින දුම
ගින්නක්
නැතිව නගින දුම
සංගීත සංදර්ශන සහ චිත්‍රපට
වල ඉතා සුලභව භාවිතා වන ෆොග් මැෂිම හෙවත් කෘත්‍රිම දුම නංවන යන්ත්‍ර අප කොතෙකුත්
දැක ඇත.
ඒවායින්
දුම ඇති කරන්නේ කෙසේද යන වග දැනගැනීමට ඔබ කැමතිද?
මෙම යන්ත්‍ර මගින් මීදුමට සමාන තරමක් ඝන දුමක් පිටතට එවනු ලබයි. මෙම
දුම සාදාගන්නා ක්‍රම කීපයක් පවතී.ඉන් බහුලව භාවිතා වන්නේ, විශේෂිත ද්‍රාවණයක් වාෂ්පීකරණය කිරීමෙන් සාදාගන්නා වාෂ්පය එකවර වාතයට
මුදාහැරීමයි.ජලය සහ ග්ලයිකොල් වල මිශ්‍රණයක් ,එසේත් නැතිනම් ග්ලිසරීන් පාදක කරගත් ද්‍රාවණයක්
මෙයට යොදාගනී.
ෆොග් යන්ත්‍රය තුල ඇති තාප
හුවමාරුකාරකයක් තුලට මෙම ද්‍රාවණය පොම්ප කෙරේ.එතුළ පවත්වාගන්නා අධික උෂ්ණත්වය හේතුවෙන් ද්‍රාවණය ඉක්මනින් වාෂ්පීකරණය
වේ. ඉන්පසු එය කුඩා වායු ක්ෂේපයක් (nozzle) හරහා බාහිර පරිසරයට නිකුත් කිරීම නිසා,
වාෂ්පය ක්ෂණිකව ප්‍රසාරණය වීමට ලක්වේ.මෙනිසා වාෂ්පයේ උෂ්ණත්වයද පහල බසී.

සාමාන්‍ය යන්ත්‍රයක දුම තත්පර 15 ක පමණ කාලයක් නොකඩවා පවත්වාගත හැකි බව අප දැක ඇත.
ඉන්පසු තාප හුවමාරුකරණය
නැවත රත් වීමට මිනිත්තුවක පමණ කාලයක් ගනියි.
වාෂ්පීකරණ ක්‍රමය සුලභව භාවිතා වන අතර ඛනිජ තෙල්,වියලි අයිස්,ද්‍රව නයිට්‍රජන්,ද්‍රව වාතය වැනි ආරම්භක ද්‍රව්‍ය යොදාගන්නා උපකරණද මහා පරිමාණ කටයුතු
සඳහා යොදාගනී.
මෙහිදී නිකුත් වන දුම නිසා විවිධ සෞඛ්‍ය ගැටළු ඇතිවන බව සිහිතබා ගත
යුතුය.කෙටිකාලීනව නිරාවරණය වීමෙන් හිසරදය,කරකැවිල්ල,වෙහෙස වැනි තත්ත්ව ඇති වන අතර, එයට දිගුකාලීනව නිරාවරණය වන
පුද්ගලයින්, දරුණු ශ්වසන රෝග තත්ත්ව වලට ගොදුරු වීමේ අවධානමක්ද පවතී.
සැකසුම - යුමාල් චතුරංග
එකමුතුකමේ අරුමය
එකමුතුකමේ අරුමය
සැන්දෑ වරුවක ඉහල අහසේ පියාඹන කුරුළු
රෑනක් දෙස මඳකට ඔබගේ අවධානය යොමු කර බලන්න.
එකම රටාවකින් එකම දිශාවකට පියාඹන
ඔවුන්ගේ එකමුතුව කෙතරම් අපූරුද?
මෙහිදී ඔවුන් පියාඹන රටාව සුවිශේෂී
වේ.බොහෝවිට V ආකාර රටාවක් ඇති මෙම එකමුතුව කියාපාන
විද්‍යාත්මක රහසක් ද නැතුවාම නොවේ.
මෙම රටාවන්ට ප්‍රධාන හේතු කාරණා 2ක්
ඇත.පළමුවැන්න ශක්තිය වැයවීම අඩුකර
ගැනීමයි.සෑම විටම ඉදිරියෙන් ගමන් කරන කුරුල්ලාට වඩා මඳක් හෝ ඉහල මට්ටමකින් පිටුපස කුරුල්ලා ගමන් කරයි.මෙහි ප්‍රතිඵලයක් ලෙස එකිනෙකාට තනිව පියාඹන විට මුහුණ දීමට සිදුවන වාත ප්‍රතිරෝධයට වඩා බෙහෙවින් අඩු ප්‍රතිරෝධයක් සමූහයක් ලෙස පියාඹන විට යෙදවේ.
ඇත.පළමුවැන්න ශක්තිය වැයවීම අඩුකර
ගැනීමයි.සෑම විටම ඉදිරියෙන් ගමන් කරන කුරුල්ලාට වඩා මඳක් හෝ ඉහල මට්ටමකින් පිටුපස කුරුල්ලා ගමන් කරයි.මෙහි ප්‍රතිඵලයක් ලෙස එකිනෙකාට තනිව පියාඹන විට මුහුණ දීමට සිදුවන වාත ප්‍රතිරෝධයට වඩා බෙහෙවින් අඩු ප්‍රතිරෝධයක් සමූහයක් ලෙස පියාඹන විට යෙදවේ.
දෙවන හේතුව වන්නේ එකිනෙකා අතර
සන්නිවේදනය නිසියාකාරව සිදු කරගත හැකි වීමයි.
කුරුළු රෑනම එකම පථයක තබාගැනීමට මෙය ප්‍රයෝජනවත්ය.
විශේෂයෙන් දිගු ගමනාන්තයන් කරා පියාසැරියේ යෙදෙන විට මෙබඳු කාර්යක්ෂම සන්නිවේදනයක් පවත්වා
ගැනීම වැදගත් වේ.
මෙහිදී ඉදිරියෙන්ම ගමන් කරන කුරුල්ලා මත අනෙක් කුරුල්ලන්ට වඩා වැඩි වාත ප්‍රතිරෝධයක් ක්‍රියාකරන නිසා ඔහුට වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ.ඔවුන් අතර පවතින සාමුහිකත්වය කෙතරම්ද යත් ඉදිරියෙන්ම ගමන් කරන කුරුල්ලා වෙහෙසට පත් ව ඇතැයි හැඟෙන විට වහාම වෙනත් පසුපස කුරුල්ලෙකු ඉදිරියට විත් අභියෝගයට මුහුණ දෙයි.
මෙම අපුර්ව ස්වභාවික රහස මිනිසුන්
භාවිතා කරන අවස්ථාවක් ලෙස, ගුවන් හමුදා වල fighter වර්ගයේ ජෙට් යානා සමූහ ගුවන්ගත කරන
රටාව දැක්වීමට පිළිවන.
Subscribe to:
Posts
(
Atom
)