අත තියන්නේ බලාගෙනයි !

මීමැසි දෂ්ඨ කිරීමකට ඔබ කෙදිනක හෝ ලක්ව තිබෙනවාද 
ඇත්තෙන්ම එය ඉතා වේදනාකාරී අත්දැකීමකි.
විශේෂයෙන්ම මීමැසි පාලනය ජීවනෝපාය කරගත් අය මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරයි. 

මීමැසි දෂ්ඨ කිරීමක් වූ සැනින් ඔබ කල යුත්තේ කුමක්ද?
මීමැස්සන් දෂ්ඨ කරන විට විෂ සමඟ එය අඩංගු කල විෂදලය ද මුදාහරි.අප පළමුව කල යුත්තේ සිරුරට විෂ ඇතුල්වීම වලක්වාලීමට,තත්පර 30ක කාලයක් ඇතුලත මෙම දලය ඉවත් කිරීමයි.ඒ සඳහා සිහින් තලයක් (පිහිදාරයක්) දෂ්ඨ වීම සිදුවූ ස්ථානය මතින් ගෙන යාම වඩාත් යෝග්‍යවේ.

වැදගත්ම කරුණ නම්, කිසිවිටෙක එම ස්ථානය මිරිකා දලය ඉවත් කිරීමට උත්සාහ නොකළ යුතු වීමයි.එසේම එම ස්ථානය අතගෑමද නුසුදුසුය.එමගින් සිදු වන්නේ විෂ තව තවත් සම තුලට කාවැදීමට ඉඩකඩ සැලසීමක් පමණි.
තවද මීමැසි විෂ ආම්ලිකය.එහි මෙලිටින් නම් පෙප්ටයිඩය අඩංගුවේ.මෙනිසා ප්‍රතිකාර කිරීමේදී සුදුළූණු,බේකින් සෝඩා වැනි භාෂ්මික ද්‍රව්‍ය යොදාගනී.

සටහන         - යුමාල් චතුරංග 
උපදෙස්        - මහාචාර්ය R.W.K පුංචිහේවා