වන සිසිලසේ රහස.




"පුදුම සීතලක්නේ", වනාන්තරයක් තුලට පිවිසෙන ඕනෑම කෙනෙකුගේ මුවින් මෙවැන්නක් අසන්නට ලැබීම අරුමයක් නම් නොවේ.ඇත්තෙන්ම වියලි දේශගුණයක් පවතින ප්‍රදේශයක පිහිටි වනාන්තරයක පවා මෙවැනි සිසිල් වටපිටාවක් නිර්මාණය වන්නේ කෙසේද?


මෙයට විශාල දායකත්වයක් දක්වන්නේ වනාන්තරය පුරා පැතිරී පවත්නා ගස්වැල් ය.

අනෙක් ස්ථාන වලදී මෙන් නොවවනාන්තරයකදී  පුළුල් ලෙස ව්‍යාප්ත වූ තුරු වියන හරහා හිරු රැස් වලට ගමන්  කිරීමට සිදුවේ. සූර්ය රශ්මිය සැදී ඇත්තේ විවිධ ශක්ති වලින් යුත් කිරණ එක් වීමෙනි.එහිදී වැඩි ශක්තියක් අඩංගු කිරණ, ශාක පත්‍ර මගින් අවශෝෂණය කරයි.සැබවින්ම මෙම කිරණ උරාගන්නේ,පත්‍ර හරිතප්‍රද මගින් ප්‍රභාසංස්ලේෂණය සිදුකර ගැනීමටයි.

මේනිසා පොලොව දෙසට එන්නේ අඩු ශක්තියක් ඇති කිරණයි.අවසානයේ ඒවා පොළොවේ වැදී පරාවර්තනය වීමෙන්  ජනනය කරන තාපයද එතරම් විශාල නොවේ.

විශාල ශාක ගහනයක් පැවතීම නිසා වනාන්තරයක් තුල වාතයේ, වැඩි ජලවාෂ්ප ප්‍රමාණයක් (අධික ආර්ද්‍රතාවක්) තිබේ.එම ජලවාෂ්ප මෙම කිරණ උරා ගත්තද, ඒවායේ අඩංගු ශක්තිය අවම වන නිසා සිසිල් වාතාශ්‍රයක් නිර්මාණය කෙරේ.

උපදෙස්:- මහාචාර්ය එස්.ඒ. කුලසූරිය 
සැකසුම :- යුමාල් චතුරංග.