ඉක්කයි මායි
ඉක්කාව දක්නට ලැබෙන්නේ ක්ෂීරපායි සතුන් තුල පමණි.මෙයට මුලිකව හේතුවන්නේ අපගේ ශ්වසන පද්ධතියේ ව්‍යුහයක් වන,මහා ප්රාචීරයේ ක්රියාවේ වෙනස් වීමකි. සාමාන්‍ය අවස්ථාවලදී මහා ප්‍රාචීරය ඉතා කාර්යක්ෂම කාර්යයක් සිදු කරයි.ආශ්වාසයේ දී පෙනහළු කරා වාතය ඇතුළු කිරීමට එය පහලට චලනය වේ.එසේම ප්රශ්වාසයේ දී එය ඉහලට චලනය වී, ප්‍රශ්වාස වාතය පිට කරයි.
මහාප්රාචීරයේ මෙවැනි හදිසි වේදනා හට ගැනීමට විවිධ හේතු ඇත.ඉතා ඉක්මනින් ආහාර ගැනීම,අමාශයේ හා උගුරේ වේදනා, ආමාශයික යුෂ ශ්‍රාවය යනාදිය ඒ අතර ප්‍රධාන වේ.
තවද ක්ෂීරපායින්ට ලඟින්ම නෑකම් කියන උභයජීවීන්, සිය ශ්වසනයේදී ජලීය මාධ්‍යයේ දියවූ ආශ්වාස වාතය ඔවුන්ගේ ජලක්ලෝම හරහා ගමන් කිරීම සහ ක්ෂීරපායි සතුන්ගේ ඉක්කාව ඇතිවීම,යම් පරිනාමික බන්දුතාවක් ඉස්මතු වන අවස්ථාවක් ලෙස කැනේඩියානු විද්‍යාඥයින් විශ්වාස කරයි.
සැකසුම - යුමාල් චතුරංග
Subscribe to:
Posts
(
Atom
)