රස කෙරෙහි බලපාන ආහාර වල උෂ්ණත්වය
මේ සදහා හේතු වන්නේ අපගේ දිවේ පවතින රසාංකුරයි. රසාංකුර කියල
හදුන්වන්නේ අපට රස දැනීම සඳහා හේතුවන සංවේදකයන්ට. ආහාරයක රසෙහි ස්වභාවය පිළිබඳව
අපට හඟවන මෙම රසාංකුර
ඇසට නොපෙනෙන ඉතා සියුම් නාලිකා වලින් සමන්විත වේ.
එවැනි අවස්ථා වලදී අදාල ආහාරවලට ආවේනික රසය උච්ච තත්වයට
පත් කර මෙම TRPM5 මගින්
මොලයට යවනු ලබන පණිවිඩ නිසා, උෂ්ණත්වය වැඩි වූ විට ආහාර වල
ස්වභාවික රසය තරමක් දුරට වෙනස් වී අපට දැනේ.
මේ අනුව ආහාර පිළිබඳව පර්යේෂණ පවත්වන පර්යේෂකයන්ගේ මතයට අනුව
පැණිරස ආහාරයක් වඩා පැණිරස විය
හැකි අතර තිත්ත ආහාරයක් වඩා තිත්ත විය
හැක.
වර්තමානයේ මෙම සංසිද්ධිය ප්‍රයෝජනයට ගනිමින් විවිධ ආහාර වර්ග
නිෂ්පාදකයන් ඔවුන්ගේ ආහාර වල පවතින
රසය අඩු ස්වභාවය අවම කර ගැනීමට විවිධ ක්‍රම භාවිතා කිරීමට පවා පටන් ගෙන ඇත.
ඔබ දන්නවා ඇති කිසියම් උත්තේජයක් දිගින් දිගටම ලැබෙනකොට ඒ
උත්තේජය සදහා ඇති සංවේදීතාව තාවකාලිකව අඩු වන බව. මේ නිසා ඇතැම්
විටදී එකම ආහාරය දිගින් දිගටම ලබා ගැනීම නිසා මෙම TRPM5 නාලිකා වල
ක්‍රියාකාරීත්වයත් තරමක් දුරට අඩාල වීම සිදු
වනවා. එනිසා සමහර ආහාර වර්ග පමණක් අනුභව කිරීමට පුරුදු වී ඇති කුඩා
ළමුන් වැනි අයට එම ආහාරය ටික කලක් යාමේදී නීරස වීම නිසා කුසගින්නේ සිටින අවස්ථා පවා ඇති වී තිබෙනවා. නමුත් ආහාරයේ උෂ්ණත්වය වෙනස් කිරීම
මගින් ආහාර වල රසය
තරමක් දුරට වෙනස් වන නිසා, මෙම TRPM5 නාලිකා උෂ්ණත්වය අනුව ක්‍රියා කරන ආකාරය වෙනස් වීම මෙවැනි
අවස්ථා වලදී ප්‍රයෝජනවත් වෙනවා.
නමුත් ආහාරයක උෂ්ණත්වය වෙනස් වීමේදී රසය වෙනස් වීමට එකම හේතුව
මෙම TRPM5 නාලිකා වල ක්‍රියාකාරීත්වය පමණක්ම නොවෙයි. ආහාරයක් සැදිලා
තියෙන්නේ විවිධ කාබනික සංයෝග වල එකතුවෙන්. ඒවායෙන් ප්‍රධානතම කාබනික සංයෝග තමයි
කාබෝහයිඩ්රේට්, ලිපිඩ, ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ල කියන්නේ. මෙන්න මේ කාබනික සංයෝග වල
ගතිගුණත් උස්ණත්වය අනුව වෙනස්වෙනවා. විශේෂයෙන්ම ප්‍රෝටීන වගේ සංයෝග තාපය හමුවේ විකරණය වෙනවා. මේ නිසාත් ආහාරයේ රසය වෙනස් වෙනවා.
චතුර
නානායක්කාර