අහම්බෙන් සොයාගත් විශ්මකර්ම ඖෂධය
අපි ජීවත්වෙන්නේ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් පිරුණු
ලෝකයක් තුල. අපේ ශරීරයේ තියෙන සෛල ප්‍රමාණයට වඩා වැඩි ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමානයක්
අපේ ඇඟේ ජීවත් වෙනවා කියල ඇහුවොත් ඔබට පුදුම හිතෙනවා නේද? ඒත් ඒක තමයි ඇත්ත. මේ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් බොහොමයක් අපට හානිකර නැති වුනාට
ලෝකයේ තියෙන ගොඩක් භයානක ලෙඩ රෝග වලට මුල් වෙලා තියෙන්නෙත් මේ ක්ෂුද්‍ර
ජීවීන්ගෙන්ම කොටසක් තමයි.
මේ ක්ෂුද්‍ර ජීවින්ගෙනුත් වැඩිපුරම ලෙඩ රෝග
හදන්න දායක වෙලා තියෙන්නේ බැක්ටීරියාවන්. අපි හැමෝම බැක්ටීරියා ගැන අහල තියෙනවනේ.
ඉස්සර කාලේ මිනිස්සුන්ට හොයාගන්න බැරි ලෙඩක් හැදුනොත් පැරණි අය හිතුවේ ඒ ලෙඩ රෝග
වලට හේතුව දෙවියන් හෝ නොපෙනෙන බලවේගයන් කියල. ඒත් විද්‍යාව ලෝකය තුල ක්‍රමයෙන් දියුණු
වෙනකොට මිනිස්සු තේරුන් ගන්න පටන්ගත්ත මේ වගේ ලෙඩ රෝග වලට මුල දෙවියන්වත් අත්භූත
බලවේගයන්වත් නොවන බව. මුලදී ඒ තරං විශ්වාස කාලේ නැති වුනත් ආලෝක අන්වීක්ෂය සොයා
ගත්තට පස්සේ පැරැණ්නන් අවබෝධ කර ගත්තා අපිට නොපෙනෙන ඉතා කුඩා ජීවීන්ගෙන් සමන්විත
ලෝකයක් පවතින බව. ඔවුන් තේරුම් ගත්තා අපිට හැදෙන සමහර ලෙඩ වලට හේතුව මේ ඇසට
නොපෙනෙන කුඩා ජීවීන් කියල. දැන් නවීන විද්‍යාව ගොඩක් දියුණුයි. ඒ නිසා ක්ෂුද්‍ර
ජීවීන් නිසා ඇතිවෙන ලෙඩ රෝග වලට දැන් නොයෙකුත් ප්‍රතිකාර වර්ග තියෙනවා. ඒ රෝගවලට
වෛද්‍ය ලෝකය සතු සාර්ථකම අවිය තමයි ප්‍රතිජීවක කියල හදුන්වන ඖෂධ වර්ගය.
එතකොට මොනවද මේ ප්‍රතිජීවක ඖෂධ කියල
හදුන්වන්නේ. ප්‍රතිජීවක කියල කියන්නේ කිසියම් ක්ෂුද්‍ර ජීවියෙකුගේ හෝ ක්ෂුද්‍ර
ජීවීන් ගහනයක වර්ධනය නිශේධනය කරන හෝ සීමා කරන ඖෂධ වර්ග වලටයි. මෙන්න මේ ප්‍රතිජීවක
වල තියෙන ප්‍රධානතම වාසිය තමයි ඉතාමත් සුළු සාන්ද්‍රණයක් යටතේ වුවත් ක්ෂුද්‍ර
ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය මර්ධනය කිරීමට ප්‍රතිජීවක සමත් වීම. එය අතිශයින්ම වැදගත්
කරුණක්. මොකද ඕනෑම ඖෂධයක් වැඩි මාත්‍රාවකින් ගන්නකොට ඒවා මිනිසාට අහිතකර බලපෑම්
ඇතිකරන්න පුළුවන්. නමුත් ප්‍රතිජීවක වල මෙන්න මේ “ඉතා
සුළු සාන්ද්‍රණ’ නිසා මිනිසාට
ඒවා අහිතකර වීමේ අවදානම ඉතා අඩුයි. ඉතින් පොඩ්ඩක් හිතල බලන්න මේ විදිහට පියවී ඇසට
නොපෙනෙන ක්ෂුද්‍ර ජීවින් ප්‍රතිජීවක ඖෂධ මඟින් මර්දනය කිරීමට හැකි බව සොයා ගැනීම
වෛද්‍ය විද්‍යාවේ ඓතිහාසික ජයග්‍රහණයක් නෙමෙයිද?
එතකොට කොහොමද ප්‍රතිජීවක කියන ඖෂද වර්ගය
මිනිසා සොයා ගත්තේ. ඇත්තටම ඒ විස්කම කරපු පර්යේෂකයා තමයි බ්‍රිතාන්‍ය ජාතික ජීව
විද්‍යාඥයෙකු වූ ශ්‍රීමත් "ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං". ඔහු සොයාගත් පෙනිසිලින්
කියන ප්‍රතිජීවකය තමයි මිනිසා විසින් සොයාගත් ප්‍රථම ප්‍රතිජීවක ඖෂධය.
ලෝකයේ අලුතින් සොයා ගැනු හුගක් දේ සොයා ගැණුනේ
අහඹු සිදුවීම් වලින් කියල ඔබ අහල ඇති. පෙනිසිලින් කියන ප‍්‍රථම ප‍්‍රතිජීවකය සොයා
ගත්තෙත් ඒ වගේම අහම්බෙන්. ඒ මීට අවුරුදු 83කට
ඉස්සර, එනම් 1928 දී. මේ විදිහට
අහඹු සිදුවීමකින් පෙනිසිලින් කියන ප්‍රතිජීවකය සොයා ගැනීමට ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ප්ලෙමින් ගේ චරිත ස්වභාවයත්
තරමක් දුරට බලපාන්න ඇති. ඔහුගේ මිතුරන්ට අනුව ඇලෙක්සැන්ඩර් ප්ලෙමින් කියන්නේ “කිසි පිළිවෙළක් නැති” ක්ෂුද්‍ර ජීවි විද්‍යාඥයෙක්.
කිළිටි පෙට්‍රිදීසි අස්පස් කර නොගෙන විද්‍යාගාර පර්යේෂණවල යෙදෙන්නෙක්. එක දවසක් ඔහු
කරමින් සිටි බැක්ටීරියා පිළිබඳ පරීක්ෂණයකදී අමතකවීමකින් බැක්ටීරියා දමා තිබුණු
පැතලි දීසියක් වසා දමා තිබුණේ නෑ. ඔහු හිටපු පරීක්ෂණාගාරයේම ඉහළ මාලයේ පරීක්ෂණ
පවත්වමින් සිටි තවත් පර්යේෂකයකුගේ නොසැලකිල්ල නිසා එයා පරීක්ෂණයට භාවිත කරමින්
සිටි දිලීරයෙන් කොටසක් සුළඟට ගසාගෙන ගිහින් ඇරලා තිබුණු ජනේලෙන් පිටතට ගියා. ඒවා
ෆ්ලෙමින්ට වහන්නට අමතක වූ පැතලි දීසියේ තිබුණු ස්ටැපිලොකොකයි කියන බැක්ටීරියා
රෝපණයක් මත වැටුණා. පසුවදා ඔහුට දැක ගන්නට ලැබුණේ එම දීසියේ බැක්ටීරියාවලින්
කොටසක් විනාශ වී ඇති බවයි. එහෙම විනාශ වුණේ ඉහළ මාලයෙන් ගසාගෙන ආ දිලීර
කොටස්වලින්. මෙන්න මේ විදිහට තමයි පෙනිසිලින් කියන ප්‍රතිජීවකය උපන්නේ.
ඉතින් පොඩ්ඩක් හිතල බලන්න. ඔබටම තේරෙනවා ඇති
නේද ප්‍රතිජීවක කියන ඖෂධ වර්ගය මිනිසාට හමු වුනේ ඉතාමත්ම පුදුමාකාර විදිහකට කියල.
ෆ්ලෙමිංට පෙට්‍රි දීසිය වහන්න අමතක වූ දවසෙම ඉහල මාලයේ සිට වෙනත් පර්යේෂකයෙකු
පෙනිසිලියම් නොටේටුම් (Penicillium notatum)
කියන දිලීරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම, ඒ
දිලීරයෙන් කොටසක් සුළගට ගසාගෙන ඇවිල්ල පහල මාලයේ තිබුණු පෙට්‍රි දීසියට වැටීම කියන
මේ හැම දේම ඉතාමත්ම අහඹු සිදුවීම් නෙමෙයිද? හරියට
බැක්ටීරියා රෝග හමුවේ අසරණ වෙලා හිටපු මිනිස් වර්ගයාව බේරා ගන්න ස්වභාවධර්මයේ
කිසියම් බලවේගයක් උදව් කරලා වගේ නේද.? නමුත් කොච්චර අහඹු
සිදු වීම් සිදු වුනත් ඒ දේවල් ගැන විමසිල්ලෙන් බැලුවේ නැත්නං කවදාවත් මේ ලෝකය
දියුණු වෙන්නේ නෑ. මොකද එදා ෆ්ලෙමිං එයාට වහන්න අමතක වෙලා ගිය පෙට්‍රි දීසිය වහන්න
බැරි වුන නිසා, ඒකෙන් වැඩක් නෑ කියල විසි කරානන් සමහර විට
අපිට ප්‍රතිජීවක කියල ඖෂද වර්ගයක් ගැන අහන්නවත් ලැබෙන එකක් නෑ. අද බැක්ටීරියා රෝග
වලට එරෙහිව මිනිසා සතුව තිබෙන ප්‍රභලතම අවිය අපිට ලබුනෙ ෆ්ලෙමිං එදා ඒ පෙට්‍රි
දීසියේ තිබුන බැක්ටීරියා නියැදිය දෙස කුතුහලයෙන් යුතුව බැලීම නිසයි. ලෝකයේ
නොයෙකුත් අහඹු පුදුමාකාර සිදුවීම් හැමතැනම සිදු වෙනවා. නමුත් ඒ සිදුවීම් ලෝකයට
වැඩදායක නව සොයාගැනීමක් වෙන්නනන් ඒ පිළිබඳව කුතුහලයෙන් හා විමසිල්ලෙන් බැලිය
යුතුයි. අද ලෝකය මේ තරං දියුණු වෙලා තියෙන්නේ මිනිසාගේ ඒ කුතුහලය නිසායි.
චතුර නානායක්කාර.