අහම්බෙන් සොයාගත් විශ්මකර්ම ඖෂධය
අපි ජීවත්වෙන්නේ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් පිරුණු
ලෝකයක් තුල. අපේ ශරීරයේ තියෙන සෛල ප්‍රමාණයට වඩා වැඩි ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමානයක්
අපේ ඇඟේ ජීවත් වෙනවා කියල ඇහුවොත් ඔබට පුදුම හිතෙනවා නේද? ඒත් ඒක තමයි ඇත්ත. මේ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් බොහොමයක් අපට හානිකර නැති වුනාට
ලෝකයේ තියෙන ගොඩක් භයානක ලෙඩ රෝග වලට මුල් වෙලා තියෙන්නෙත් මේ ක්ෂුද්‍ර
ජීවීන්ගෙන්ම කොටසක් තමයි.
මේ ක්ෂුද්‍ර ජීවින්ගෙනුත් වැඩිපුරම ලෙඩ රෝග
හදන්න දායක වෙලා තියෙන්නේ බැක්ටීරියාවන්. අපි හැමෝම බැක්ටීරියා ගැන අහල තියෙනවනේ.
ඉස්සර කාලේ මිනිස්සුන්ට හොයාගන්න බැරි ලෙඩක් හැදුනොත් පැරණි අය හිතුවේ ඒ ලෙඩ රෝග
වලට හේතුව දෙවියන් හෝ නොපෙනෙන බලවේගයන් කියල. ඒත් විද්‍යාව ලෝකය තුල ක්‍රමයෙන් දියුණු
වෙනකොට මිනිස්සු තේරුන් ගන්න පටන්ගත්ත මේ වගේ ලෙඩ රෝග වලට මුල දෙවියන්වත් අත්භූත
බලවේගයන්වත් නොවන බව. මුලදී ඒ තරං විශ්වාස කාලේ නැති වුනත් ආලෝක අන්වීක්ෂය සොයා
ගත්තට පස්සේ පැරැණ්නන් අවබෝධ කර ගත්තා අපිට නොපෙනෙන ඉතා කුඩා ජීවීන්ගෙන් සමන්විත
ලෝකයක් පවතින බව. ඔවුන් තේරුම් ගත්තා අපිට හැදෙන සමහර ලෙඩ වලට හේතුව මේ ඇසට
නොපෙනෙන කුඩා ජීවීන් කියල. දැන් නවීන විද්‍යාව ගොඩක් දියුණුයි. ඒ නිසා ක්ෂුද්‍ර
ජීවීන් නිසා ඇතිවෙන ලෙඩ රෝග වලට දැන් නොයෙකුත් ප්‍රතිකාර වර්ග තියෙනවා. ඒ රෝගවලට
වෛද්‍ය ලෝකය සතු සාර්ථකම අවිය තමයි ප්‍රතිජීවක කියල හදුන්වන ඖෂධ වර්ගය.
එතකොට මොනවද මේ ප්‍රතිජීවක ඖෂධ කියල
හදුන්වන්නේ. ප්‍රතිජීවක කියල කියන්නේ කිසියම් ක්ෂුද්‍ර ජීවියෙකුගේ හෝ ක්ෂුද්‍ර
ජීවීන් ගහනයක වර්ධනය නිශේධනය කරන හෝ සීමා කරන ඖෂධ වර්ග වලටයි. මෙන්න මේ ප්‍රතිජීවක
වල තියෙන ප්‍රධානතම වාසිය තමයි ඉතාමත් සුළු සාන්ද්‍රණයක් යටතේ වුවත් ක්ෂුද්‍ර
ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය මර්ධනය කිරීමට ප්‍රතිජීවක සමත් වීම. එය අතිශයින්ම වැදගත්
කරුණක්. මොකද ඕනෑම ඖෂධයක් වැඩි මාත්‍රාවකින් ගන්නකොට ඒවා මිනිසාට අහිතකර බලපෑම්
ඇතිකරන්න පුළුවන්. නමුත් ප්‍රතිජීවක වල මෙන්න මේ “ඉතා
සුළු සාන්ද්‍රණ’ නිසා මිනිසාට
ඒවා අහිතකර වීමේ අවදානම ඉතා අඩුයි. ඉතින් පොඩ්ඩක් හිතල බලන්න මේ විදිහට පියවී ඇසට
නොපෙනෙන ක්ෂුද්‍ර ජීවින් ප්‍රතිජීවක ඖෂධ මඟින් මර්දනය කිරීමට හැකි බව සොයා ගැනීම
වෛද්‍ය විද්‍යාවේ ඓතිහාසික ජයග්‍රහණයක් නෙමෙයිද?
එතකොට කොහොමද ප්‍රතිජීවක කියන ඖෂද වර්ගය
මිනිසා සොයා ගත්තේ. ඇත්තටම ඒ විස්කම කරපු පර්යේෂකයා තමයි බ්‍රිතාන්‍ය ජාතික ජීව
විද්‍යාඥයෙකු වූ ශ්‍රීමත් "ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං". ඔහු සොයාගත් පෙනිසිලින්
කියන ප්‍රතිජීවකය තමයි මිනිසා විසින් සොයාගත් ප්‍රථම ප්‍රතිජීවක ඖෂධය.
ලෝකයේ අලුතින් සොයා ගැනු හුගක් දේ සොයා ගැණුනේ
අහඹු සිදුවීම් වලින් කියල ඔබ අහල ඇති. පෙනිසිලින් කියන ප‍්‍රථම ප‍්‍රතිජීවකය සොයා
ගත්තෙත් ඒ වගේම අහම්බෙන්. ඒ මීට අවුරුදු 83කට
ඉස්සර, එනම් 1928 දී. මේ විදිහට
අහඹු සිදුවීමකින් පෙනිසිලින් කියන ප්‍රතිජීවකය සොයා ගැනීමට ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ප්ලෙමින් ගේ චරිත ස්වභාවයත්
තරමක් දුරට බලපාන්න ඇති. ඔහුගේ මිතුරන්ට අනුව ඇලෙක්සැන්ඩර් ප්ලෙමින් කියන්නේ “කිසි පිළිවෙළක් නැති” ක්ෂුද්‍ර ජීවි විද්‍යාඥයෙක්.
කිළිටි පෙට්‍රිදීසි අස්පස් කර නොගෙන විද්‍යාගාර පර්යේෂණවල යෙදෙන්නෙක්. එක දවසක් ඔහු
කරමින් සිටි බැක්ටීරියා පිළිබඳ පරීක්ෂණයකදී අමතකවීමකින් බැක්ටීරියා දමා තිබුණු
පැතලි දීසියක් වසා දමා තිබුණේ නෑ. ඔහු හිටපු පරීක්ෂණාගාරයේම ඉහළ මාලයේ පරීක්ෂණ
පවත්වමින් සිටි තවත් පර්යේෂකයකුගේ නොසැලකිල්ල නිසා එයා පරීක්ෂණයට භාවිත කරමින්
සිටි දිලීරයෙන් කොටසක් සුළඟට ගසාගෙන ගිහින් ඇරලා තිබුණු ජනේලෙන් පිටතට ගියා. ඒවා
ෆ්ලෙමින්ට වහන්නට අමතක වූ පැතලි දීසියේ තිබුණු ස්ටැපිලොකොකයි කියන බැක්ටීරියා
රෝපණයක් මත වැටුණා. පසුවදා ඔහුට දැක ගන්නට ලැබුණේ එම දීසියේ බැක්ටීරියාවලින්
කොටසක් විනාශ වී ඇති බවයි. එහෙම විනාශ වුණේ ඉහළ මාලයෙන් ගසාගෙන ආ දිලීර
කොටස්වලින්. මෙන්න මේ විදිහට තමයි පෙනිසිලින් කියන ප්‍රතිජීවකය උපන්නේ.
ඉතින් පොඩ්ඩක් හිතල බලන්න. ඔබටම තේරෙනවා ඇති
නේද ප්‍රතිජීවක කියන ඖෂධ වර්ගය මිනිසාට හමු වුනේ ඉතාමත්ම පුදුමාකාර විදිහකට කියල.
ෆ්ලෙමිංට පෙට්‍රි දීසිය වහන්න අමතක වූ දවසෙම ඉහල මාලයේ සිට වෙනත් පර්යේෂකයෙකු
පෙනිසිලියම් නොටේටුම් (Penicillium notatum)
කියන දිලීරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම, ඒ
දිලීරයෙන් කොටසක් සුළගට ගසාගෙන ඇවිල්ල පහල මාලයේ තිබුණු පෙට්‍රි දීසියට වැටීම කියන
මේ හැම දේම ඉතාමත්ම අහඹු සිදුවීම් නෙමෙයිද? හරියට
බැක්ටීරියා රෝග හමුවේ අසරණ වෙලා හිටපු මිනිස් වර්ගයාව බේරා ගන්න ස්වභාවධර්මයේ
කිසියම් බලවේගයක් උදව් කරලා වගේ නේද.? නමුත් කොච්චර අහඹු
සිදු වීම් සිදු වුනත් ඒ දේවල් ගැන විමසිල්ලෙන් බැලුවේ නැත්නං කවදාවත් මේ ලෝකය
දියුණු වෙන්නේ නෑ. මොකද එදා ෆ්ලෙමිං එයාට වහන්න අමතක වෙලා ගිය පෙට්‍රි දීසිය වහන්න
බැරි වුන නිසා, ඒකෙන් වැඩක් නෑ කියල විසි කරානන් සමහර විට
අපිට ප්‍රතිජීවක කියල ඖෂද වර්ගයක් ගැන අහන්නවත් ලැබෙන එකක් නෑ. අද බැක්ටීරියා රෝග
වලට එරෙහිව මිනිසා සතුව තිබෙන ප්‍රභලතම අවිය අපිට ලබුනෙ ෆ්ලෙමිං එදා ඒ පෙට්‍රි
දීසියේ තිබුන බැක්ටීරියා නියැදිය දෙස කුතුහලයෙන් යුතුව බැලීම නිසයි. ලෝකයේ
නොයෙකුත් අහඹු පුදුමාකාර සිදුවීම් හැමතැනම සිදු වෙනවා. නමුත් ඒ සිදුවීම් ලෝකයට
වැඩදායක නව සොයාගැනීමක් වෙන්නනන් ඒ පිළිබඳව කුතුහලයෙන් හා විමසිල්ලෙන් බැලිය
යුතුයි. අද ලෝකය මේ තරං දියුණු වෙලා තියෙන්නේ මිනිසාගේ ඒ කුතුහලය නිසායි.
චතුර නානායක්කාර.
HOW TO TACKLE THE G.C. E. ADVANCED LEVEL EXAMINATION
Unknown
11:26 AM
I have been in the field of learning
Bio Science since 1978. G. C. E. A/L
examination is the most difficult exam that I have done in my career.
These are few things that you should
remember when you’re in the A/L class. Those are;
- G. C. E. A/L examination is the key exam that will decide your future career.
- When considering the student population in Sri Lanka out of students who enter the year 1 class about 1% of them enter the Universities.
- Out of student population in Sri Lanka who does the G. C. E. A/L examination about9.4% enters the Universities and 90.6% of students who pass are left out.
At the same time it should be
remembered that I am not talking about the medical faculty. I would like to state that Sri Lanka with a
population of 21 million only around 1166 MBBS doctors pass – out from all the
Universities per year.
In 1979 when I did my A/L’s number of
students who sat for the exam was 2,50,000 (two hundred and fifty thousand )
out of which only 10,000 students were absorbed to all the Universities
including Medicine, Arts., Commerce, Science etc. This was the situation 34 years ago. Today the student population who does the A/L
is around 233,609 (two hundred thirty three thousand and six hundred nine) out
of which after 34 years, for all the faculties only 22,100 are taken in. This is the present situation. With all these
facts and figures, what I want to make you aware is that there is a way of
tackling this above exam. The most important thing is how you get organized
yourself. Time management is a key
factor that we have to look upon.
By experience you can see the number
of students who go for A/L Tuition classes.
In a tuition class of around three thousand student’s it’s the law of
the nature that around 10 may get three A’s and a good “Z” score who enters to
do medicine. One student for one subject
normally goes for three classes. One is
the theory class, one revision class and an individual class where the master
visit your home. At this rate for
traveling and by not considering the time you spend on the road you have only 4
hours per day to study. It is important
that you manage your time well. If you
are going to school, on a day you should spend minimum 6 hours of study. On a holiday or if you‘re not going out, you
should spent minimum 10 hours of study per day.
What is thought in the class should be
studied on the same day and you collectively prepare a short note including the
subject matter, you did with a particular reference book too. If you wish to study in the morning you
should get up at around 4 ‘o’ clock in the morning. It should be remembered, not to study for
more than one and half hours at a stretch.
After one section, you should get a break for around 30 minutes. For a day you should get a sleep of minimum 8
hours. After coming from school you may
study from around 4.00 p.m. - 5.30 p.m. again another one and hours till dinner
time. Some prefer to study in the night
rather than in the morning. That has to
be decided by you whether to study in the morning or night.
When studying there is a way of doing
it. After preparing the short notes you
may read it in whispers and try to write down that you learn on a rough
paper. Your eyes, ear’s, fingers and the
mind should be formed to focus on your study.
It’s very important that what you whisper should
be heard by your ears. Please do not
wait until the last minute to prepare short notes as well as do references at
the last minute. (Having about 2 months
for the exam)
If you do so at the end of the day you
will have heaps of notes where you do not know what is where. After studying a section and after finishing
those sections you collect pass papers running up to minimum 5 years and keep writing
the answers to remind you of what you have studied. Remember A/L syllabus is a very vast syllabus
and you will forget what you study few weeks ago.
It’s also important that you distract
your mind by engaging in some other work other that what you study. When referring a text book through it
contains lot of subject matter you need jot to through the whole book. Every book has a bibliography so you select
one or two pages when you go through.
With all these I wish you a bright
future when you will build up your career to serve mother Lanka.
Thank You,
Mr. P.S.B. Wanduragala
(B.Sc. (Hons).,M.sc.,M.Phil)
Secretary
Institute of Fundamental Studies
Kandy
පුදුමාකාර රසායනික සංයෝග
අපි ජීවත් වෙන මේ ලෝකය තුල විවිධාකාර රසායනික සංයෝග දහස් ගණනක් පවතිනවා. මේ හැම සංයෝගයක්ම හැදිලා තියෙන්නේ විවිධ මුලද්‍රව්‍යන්ගේ පරමාණු, අණු හා අයන වලින්. ඔබ අහල තියෙනවද "විසෙන් විස නසනවා" කියල පැරණි කියමනක්? මේ කියමන හැදිලා තියෙන්නේ අතීතයේදී භාවිතා කරපු ඇතැම් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම නිසා. ඇත්තටම ඉස්සර කාලේ ඇතැම් විෂ වර්ග නිසා හටගත් ලෙඩ රෝග වලට ප්‍රතිකාර කිරීමට වෙනත් විෂ වර්ග යොදාගෙන තියෙනවා. අදටත් විවිධ අවස්ථා වලදී මේ ක්‍රමය භාවිතා කරනවා. නමුත් පුදුම සහගත දේ තමයි අපි මේ කතා කරපු විසෙන් විස නසනවා කියන සංසිද්ධිය අපි අවරුදු ගණනාවක් තිස්සේ ඉගෙන ගත්ත රසායනික විද්‍යාව කියන විෂයේදීත් හමු වෙන එක.

නමුත් මෙන්න මේ O2 හා H2
වලින් හැදිලා තියෙන ජලය කියන්නේ දහන
අපෝෂකයක් නේද.? ගින්නකට ජලය දැම්මොත් ඒ ගින්නට වෙන්නේ මොකක්ද කියල මම කියන්න
ඕනේ නැනේ. ඉතින් පොඩ්ඩක්
හිතල බලන්න. ගින්නක් ඇතිවීමට හා පැතිරීමට උපකාරී වන O2 හා H2
වලින් සැදුණ ජලයම නේද මේ ගින්න නිවල
දාන්නත් දායක වෙන්නේ.
ජලය විතරක් නෙමෙයි. අපි හැමදාම ආහාර
සදහා යොදන ලුණුත් මේ සඳහා උදාහරණයක්. ඔබ දන්නවා නේද ලුණු වල පවතින්නේ NaCl කියන
රසායනික සංයෝගය කියල. ඉතින් පොඩ්ඩක් හිතල බලන්න. මතකද ඉස්සර අපි
පාසලේ විද්‍යාගාරයට වෙලා කරපු පුංචි පුංචි පරීක්ෂණ. එතකොට අම්ල භෂ්ම ප්‍රතික්‍රියා
වලට උදාහරණ විදිහට අපි සිදු කළේ සෝඩියම් හයිඩ්රොක්සයිඩ් එහෙමත්
නැත්නං කෝස්ටික් සෝඩා වලට හයිඩ්රෝක්ලොරික් අම්ලය එකතු කරපු එක.
සෝඩියම් හයිඩ්රොක්සයිඩ් කියන්නේ
ප්‍රභල භෂ්මයක් කියල මම කියන්න ඕනේ
නැනේ. එක අපි හැමෝම දන්නා දෙයක්. ඒ
විතරක් නෙමෙයි. හයිඩ්රෝක්ලොරික් අම්ලය
කියන්නේ ඉතාමත් ප්‍රභල අම්ලයක්. මේවා කොයිතරං ප්‍රභලද කියනවනං මේ අම්ලයෙන්
පොඩ්ඩක් හරි අපේ අතේ ගෑවුනොත් එහෙම අපේ හම පිච්චිලා යනවා. එත් මේ ප්‍රභල අම්ලය හා භෂ්මය එකතු වෙලා හැදෙන
NaCl එහෙමත් නැතිනම් අපි නිතර නිතර ආහාරයට ගන්න මේස
ලුණු කියන්නේ පොඩ්ඩක්වත් ආම්ලික හෝ භාෂ්මික ගුණ දරන්නේ නැති
උදාසීන සංයෝගයක්. ඉතින් මෙතැනදී වෙලා තියෙන්නෙත් NaOH හා HCL කියන
ප්‍රභල අම්ලය හා භෂ්මය එකතු වෙලා විෂෙන් විෂ නැසීමක්
නේද?.
අපි කවුරුත් දන්නවා භෂ්මයක් හා අම්ලයක්
එකතු උනාම උදසීනීකරණයක් වෙනවා කියල. ඒත් මම කලින් සදහන් කරපු කරුණු ගැන ඔබ
නිකමටවත් සිතුවාද? මේ වගේ සංසිද්ධි අප අවට පරිසරයේ ඕනේ තරම් තිබෙනවා. නමුත් වැදගත් වන්නේ ඒ සංසිද්ධි
දිහා වෙනත් කෝණයකින් බැලීමයි. ලෝකයේ ගොඩක් දේවල්
නිර්මාණය වෙලා තියෙන්නේ තමන් ඉගෙන ගත්ත කරුණු වලම එල්බගෙන ඉන්නේ
නැතුව ලෝකය දිහා වෙනස් විදිහකින් බලන්න පුරුදු වෙච්ච මිනිසුන් නිසා. අපිත්
ලෝකය දිහා මීට වඩා වෙනස් විදිහකට බැලුවොත් අපේ පුංචි රටත් ලෝකයේ ගොඩක් දියුණු තත්වයකට කවද හරි පත්
වේවි.!
චතුර නානායක්කාර.
Subscribe to:
Posts
(
Atom
)