බ්‍රහස්පතිගේ රතු ලපය.
බ්‍රහස්පති ග්‍රහයාගේ වායුගෝලයේ පවතින සුප්‍රසිද්ධ රතු ලපය මීට වසර 400 කට පමණ පෙර කාලයක සිට පවතින සුවිශාල වාසුලියකි. එහි ප්‍රමාණය කොතෙක්ද කිවහොත් පෘතුවිය වැනි ග්‍රහලෝක 3 කට වඩා ඒ තුල කිසිදු අපහසුතාවයකින් තොරව ගිල්විය හැක. මෙය සාමාන්‍ය වාසුලියකට වඩා වෙනස් වන්නේ මෙහි භ්‍රමණ දිශාව ප්‍රතිවිරුද්ධ අතට සිදුවන නිසාය. එනම් මෙය භ්‍රමණය වන්නේ වාමාවර්තවයි. මෙහි රතු පැහැයට හේතුව තවමත් සොයාගෙන නැති නමුත් ඒ සදහා කාබනික සංයෝග, රතු පොස්පරස් හා ඇතැම් සල්ෆර් සංයෝග හේතු වේ යැයි අනුමාන කෙරෙනවා. මෙම සුළි කුණාටුව පැයට සැතපුම් 270 ක පමණ වේගයෙන් ගමන් ගන්නවා. මිනිසා විසින් නිරීක්ෂණය කර ඇති විශ්වය තුල පවතින විශාලතම හා දරුණුතම වාසුලිය මෙයයි. විශාල සාගරයක් වැනි බ්‍රහස්පති ග්‍රහයාගේ වායුගෝලයේ පවතින මෙම වාසුලිය බ්‍රහස්පතිගේ මතුපිට පෘෂ්ටය සමග අසන්තතිකව පවතී.
= චතුර නානායක්කාර / මදුසංඛ බාලසූරිය
No comments :
Post a Comment