නයිට්‍රේට් වල ඔබ නොදුටු පැත්ත.
බලන්න රුපයේ ඇති පළතුරු දිහා, ඒවා ස්වභාවිකව හැදුනු ඒවා නම් කමක් නෑ. එත් ඕවා ඔහොම හැදිලා තියෙන්නේ කෘතීම රසායනික පොහොර වර්ග නිසා. මේ පොහොර වර්ග යෙදුවට නම් කමක් නෑ. එත් ඒක පාලනයක් සහිතව යෙදිය යුතුයි.සමහර ප්‍රදේශ වල මේ අවිධිමත් භාවිතය නිසා මිනිසුන් විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. සමහර නයිට්ට්‍රේට් අඩංගු පොහොර වර්ග භාවිතා කිරීම නිසා ඒ ප්‍රදේශ වල ජලයේ බහුලව නයිට්ට්‍රේට් අයන තියනවා. මේවා ශාක වලට හොද උනාට අපිට හොද නෑ. නයිට්ට්‍රේට් කියන්නේ පිලිකා සෛල උත්තේජ කාරකයක්.ඒ වගේම සමහර වකුගඩු රෝග වලට ප්‍රධාන හේතුව මේක. ගැබිණි මව්වරුන් නයිට්ට්‍රේට් අඩංගු ජලය පානය කල විට ඉපදෙන දරුවා නිල් පැහැයක් ගන්නවා මෙය මෙතොමග්ලොබියා ලෙස හදුන්වනවා. හැබැයි මේ නයිට්ට්‍රේට් තියෙන්නේ පොහොර වල විතරක් නම් නෙමෙයි. කල් තබාගන්නා මස් වර්ග වලත් මේ නයිට්ට්‍රේට් තියනවා. සොසේජස්, මීට් බෝල්ස්, හැම් බේකන් වල රතු පැහැය ආරක්ෂා කර ගැනීමට භාවිතා කරන්නේ පොටෑසියම් නයිට්ට්‍රේට් .
අපට වගේම සතුන්ටත් මේ නයිට්ට්‍රේට් වල ප්‍රශ්නෙ තියනවා. කඳුකර ප්‍රදේශ වල වගාවන් සඳහා මෙම පොහොර භාවිතා කල විට එම ප්‍රදේශ වලට වැසි ලැබීමේදී පොහොර වර්ග සෝදා ඇවිත් පහත බිම් වල ඇති ජලාශ වලට එකතු වේ. එවිට එම ජලාශ වල ජලයේ හොදින් පෝෂ්‍ය පදාර්ථ තියන නිසා හොදින් ක්ෂුද්‍ර ජීවින් වර්ධනය වේ. ඒක නිසා ජලාශය මතුපිට විවිධ ඇල්ගී වර්ග වර්ධනය වේ. එවිට ජලාශය තුලට හිරු එලිය ඇතුළු අනෙකුත් සධක නොලැබෙන නිසාත්, ජලය මතුපිට ඇති ඇල්ගී ස්ථරය හේතුවෙන් ජලය තුල සිටින ජිවින්ට ඔක්සිජන් නොලැබෙන නිසාත් ඔවුන් මරණයට පත්වේ. මේ තත්වය සුපෝෂණය ලෙස හදුන්වනවා.
-මධුසංඛ බාලසුරිය
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment