ඇතුවත් බෑ නැතුවත් බෑ

" ඕසෝන් " මේ ගැන නම් අද කාලේ නොදන්න කෙනෙක් නෑ. එත් අපි එහෙම හිතාගෙන හිටියට වැඩි දෙනෙක් මේ ගැන හරියට දන්නෙ නෑ. ඕසෝන් කියන්නේ අපි දන්නා විදියට නම් අපේ එක්තරා ජාතියක ආරක්ෂකයෙක්. ඇත්තටම ඔව්. මිලිමීටර් 3 ක් පමණ පළල ඕසෝන් ස්ථරය නිසා තමයි කිලෝමිටර් 40 ක් පමණ පළල අපගේ වායුගෝලය ආරක්ෂිතව පවතින්නේ. ඕසෝන් වායුව සෑම අකුණු ගැසිමකදිම හැදෙනවා. සුර්යාගෙන් පෘතුවියට එන අහිතකර විකිරණ සියල්ලක්ම පාහේ ආපසු හරවා අරින්නේ මේ ඕසෝන් ස්ථරයෙන්. එහෙම වුනේ නැත්තම් අපට විවිධ චර්ම රෝග, අක්ෂි රෝග, පිළිකා වැනි විවිධ රෝග තත්වයන් ඇතිවෙන්න පුළුවන්. තවද ශාක වලටත් විවිධ රෝග වැළදෙන්න පුළුවන්. එක නිසා ඕසෝන් ස්ථරය අපිට ගොඩක් වැදගත්. එත් මිනිසා විසින් කරනු ලබන කැලා ගිනි තැබීම්, අධික ලෙස ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් වායුව වායුගෝලයට නිදහස් කිරීම, විවිධ සෙන්ට් වර්ග නිසා මේ වායුගෝලයට ඉහලින් තිබෙන ඕසෝන් ස්ථරය හානි වෙනවා.


හැබැයි අපට මේ ඕසෝන් වටින්නේ වායුගෝලයට ඉහලින් තිබුනොත් විතරයි. අපගේ පහල වායුගෝලය තුල මෙම ඕසෝන් වායුව තිබුනොත් එක අපට මහා කරදරයක්. ඇයි දන්නවද ඒ ? ඕසෝන් වායුව අපට ආශ්වාස වුනොත් විවිධ ස්වසන රෝග ඇතිවෙනවා. ඒ අතරින් ප්‍රධාන එකක් තමයි ඇදුම. තවද පපුවේ අමාරුව, කැස්ස, උගුරේ අමාරුව ඇතිවෙනවා. ඒ විතරක් නම් මදිද බ්‍රෝන්කයිටිස්, එම්පසිමාව, පෙනහළු ආබාධ වැනි රෝගත් ඇති කරනවා.
ටයර් වැනි රබර් නිෂ්පාදන වල ගුණාත්මක බවද අඩුවෙනවා.එකට හේතුව තමයි රබර් වල ද්විත්ව බන්ධනය ඕසෝන් මගින් දුර්වල කිරීම. තවද රසායනික ධුමිකාව ඇති කිරීමටත් ඕසෝන් හේතු වෙනවා.
දැන් ඔබට ප්‍රශ්නයක් ඇති රසායනික ධුමිකාව කියන්නේ මොකක්ද කියල. රසායනික ධුමිකාව කියන්නේ ඝන කහ පාට දුමාරයක්. ඒක ඉතා විෂ සහිතයි. තවද ඇස් අන්ධ වීම, චර්ම පිළිකා, ස්වසන දුබලතා ඇති වෙන්නත් පුළුවන්.
කොහොමද එතකොට පහල වායුගෝලයේ ඕසෝන් ඇතිවන්නේ ? පහල වායුගෝලයේ ඕසෝන් සෑදෙන්නේ ඔක්සිජන් හා නයිට්‍රජන් වල ඔක්සයිඩ අතර සිදුවන ප්‍රතික්‍රියා හා වශ්පශීලි කාබනික සංයෝග නිසා. වාහන දුම, ගැසොලින් වාෂ්ප, සමහර කර්මාන්ත වලින් පිටවන දුම් ඒ සදහා හේතු වෙනවා. ඒ කියන්නේ ඕසෝන් වල හොද වගේම නරකත් තියනවා. ඒ වගේම ඕසෝන් ඇති කරන්නෙත් නැති කරන්නෙත් අපිමයි. ඒ කියන්නේ පරිසරයේ ගොඩක් විපර්යාස වලට හේතුව මිනිසා කියලා ඔබට අයෙත් තහවුරු වුනා.
-මධුසංඛ බාලසුරිය