සිකුරු හා යුරේනස්..........
අපගේ සූර්යග්‍රහ මණ්ඩලයේ පවතින ග්‍රහලෝක වලින් බහුතරයක්ම භ්‍රමණය වන්නේ වාමාවර්තවයි. ඒ කියන්නේ එම ග්‍රහලෝක තමන්ගේ අක්ෂය වටා කරකැවෙන්නේ වම් පැත්තටයි. නමුත් සිකුරු හා යුරේනස් කියන ග්‍රහලෝක භ්‍රමණය වෙන්නේ දක්ෂිනාවර්ත්වයි. මේකට හේතුව බොහෝ විද්වතුන්ට තවමත් ගැටළුවක්. මේ සදහා ඇතැම් මතයන් කිහිපයක් තිබුනත් ඒ කිසිවක් තවමත් පරීක්ෂනාත්මකව ඔප්පු කරලා නෑ. කිසියම් විශාල ග්‍රහ වස්තුවක් මෙම ග්‍රහලෝක වල ගැටීම නිසා මේවා භ්‍රමණය වන දිශාව වෙනස් වුණා කියලත් එක මතයක් තියෙනවා. සිකුරු ග්‍රහයාගේ සිදු වූ මෙවැනි ගැටීමක් නිසා අපගේ චන්ද්‍රයා නිර්මාණය වුණා කියල ඇතැම් විද්වතුන් අතර තර්කයක් පවා පවතිනවා. මේ සදහා ඇති තවත් මතයක් වන්නේ සිකුරු ග්‍රහයාගේ වායුගෝලයේ ඝනත්වය අධික වීම නිසා මෙසේ භ්‍රමණ දිශාව අනෙකුත් ග්‍රහලෝක වලින් වෙනස් වී ඇති බවයි. මේ ග්‍රහලෝක වල පවතින තවත් පුදුමාකාර සමානකමක් වන්නේ සිකුරු හා යුරේනස් කියන ග්‍රහලෝක වල ගුරුත්වාකර්ෂණ බලයන් එක සමාන වීමයි.
- චතුර නානායක්කාර