මේස ලුණු + ජලය
සම්පුර්ණයෙන් ජලයෙන් පිරී ඇති වතුර වීදුරුවකට මේස ලුණු කුඩු අහුරක් එක් කල විට සිදු වන්නේ කුමක්ද කියල ඔබට අනුමාන කරන්න පුලුවන්ද? ලුණු එකතු කල විට එම එකතු කරන ලද ලුණුද ජලය අඩංගු වීදුරුව තුල යම් පරිමාවක් ගන්නා නිසා වීදුරුවේ ඇති වතුර එයින් ඉවතට ගලායාවී කියල සමහර විට ඔබ සිතනවා ඇති. නමුත් මේ විදිහට වතුර පිරිච්ච කොප්පෙකට ලුණු එකතු කිරීමේදී ඇත්තටම වතුර පිටතට වැක්කෙරෙන්නේ නෑ. තරමක් පුදුම හිතුනත් එක තමයි ඇත්ත. මේක ඔයාල ඕනෙම කෙනෙක්ට ගෙදරදී කරලා බලන්න පුළුවන් පුංචි පරීක්ෂණයක්.
ඇත්තටම ලුණු එකතු කිරීමේදී එම ලුණු කුඩුත් වීදුරු භාජනයේ ඉඩක් ගන්නවා තමයි. එහෙනං ඇයි කෝප්පයේ කට ගාවට වෙනකන් පුරවල තිබිච්ච වතුර ඉවතට ගලාගෙන නොගියේ.


චතුර නානායක්කාර.
ඇතුවත් බෑ නැතුවත් බෑ
" ඕසෝන් " මේ ගැන නම් අද කාලේ නොදන්න කෙනෙක් නෑ. එත් අපි එහෙම හිතාගෙන හිටියට වැඩි දෙනෙක් මේ ගැන හරියට දන්නෙ නෑ. ඕසෝන් කියන්නේ අපි දන්නා විදියට නම් අපේ එක්තරා ජාතියක ආරක්ෂකයෙක්. ඇත්තටම ඔව්. මිලිමීටර් 3 ක් පමණ පළල ඕසෝන් ස්ථරය නිසා තමයි කිලෝමිටර් 40 ක් පමණ පළල අපගේ වායුගෝලය ආරක්ෂිතව පවතින්නේ. ඕසෝන් වායුව සෑම අකුණු ගැසිමකදිම හැදෙනවා. සුර්යාගෙන් පෘතුවියට එන අහිතකර විකිරණ සියල්ලක්ම පාහේ ආපසු හරවා අරින්නේ මේ ඕසෝන් ස්ථරයෙන්. එහෙම වුනේ නැත්තම් අපට විවිධ චර්ම රෝග, අක්ෂි රෝග, පිළිකා වැනි විවිධ රෝග තත්වයන් ඇතිවෙන්න පුළුවන්. තවද ශාක වලටත් විවිධ රෝග වැළදෙන්න පුළුවන්. එක නිසා ඕසෝන් ස්ථරය අපිට ගොඩක් වැදගත්. එත් මිනිසා විසින් කරනු ලබන කැලා ගිනි තැබීම්, අධික ලෙස ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් වායුව වායුගෝලයට නිදහස් කිරීම, විවිධ සෙන්ට් වර්ග නිසා මේ වායුගෝලයට ඉහලින් තිබෙන ඕසෝන් ස්ථරය හානි වෙනවා.හැබැයි අපට මේ ඕසෝන් වටින්නේ වායුගෝලයට ඉහලින් තිබුනොත් විතරයි. අපගේ පහල වායුගෝලය තුල මෙම ඕසෝන් වායුව තිබුනොත් එක අපට මහා කරදරයක්. ඇයි දන්නවද ඒ ? ඕසෝන් වායුව අපට ආශ්වාස වුනොත් විවිධ ස්වසන රෝග ඇතිවෙනවා. ඒ අතරින් ප්‍රධාන එකක් තමයි ඇදුම. තවද පපුවේ අමාරුව, කැස්ස, උගුරේ අමාරුව ඇතිවෙනවා. ඒ විතරක් නම් මදිද බ්‍රෝන්කයිටිස්, එම්පසිමාව, පෙනහළු ආබාධ වැනි රෝගත් ඇති කරනවා. ටයර් වැනි රබර් නිෂ්පාදන වල ගුණාත්මක බවද අඩුවෙනවා.එකට හේතුව තමයි රබර් වල ද්විත්ව බන්ධනය ඕසෝන් මගින් දුර්වල කිරීම. තවද රසායනික ධුමිකාව ඇති කිරීමටත් ඕසෝන් හේතු වෙනවා.
දැන් ඔබට ප්‍රශ්නයක් ඇති රසායනික ධුමිකාව කියන්නේ මොකක්ද කියල. රසායනික ධුමිකාව කියන්නේ ඝන කහ පාට දුමාරයක්. ඒක ඉතා විෂ සහිතයි. තවද ඇස් අන්ධ වීම, චර්ම පිළිකා, ස්වසන දුබලතා ඇති වෙන්නත් පුළුවන්.
කොහොමද එතකොට පහල වායුගෝලයේ ඕසෝන් ඇතිවන්නේ ? පහල වායුගෝලයේ ඕසෝන් සෑදෙන්නේ ඔක්සිජන් හා නයිට්‍රජන් වල ඔක්සයිඩ අතර සිදුවන ප්‍රතික්‍රියා හා වශ්පශීලි කාබනික සංයෝග නිසා. වාහන දුම, ගැසොලින් වාෂ්ප, සමහර කර්මාන්ත වලින් පිටවන දුම් ඒ සදහා හේතු වෙනවා. ඒ කියන්නේ ඕසෝන් වල හොද වගේම නරකත් තියනවා. ඒ වගේම ඕසෝන් ඇති කරන්නෙත් නැති කරන්නෙත් අපිමයි. ඒ කියන්නේ පරිසරයේ ගොඩක් විපර්යාස වලට හේතුව මිනිසා කියලා ඔබට අයෙත් තහවුරු වුනා.
-මධුසංඛ බාලසුරිය
නයිට්‍රේට් වල ඔබ නොදුටු පැත්ත.
බලන්න රුපයේ ඇති පළතුරු දිහා, ඒවා ස්වභාවිකව හැදුනු ඒවා නම් කමක් නෑ. එත් ඕවා ඔහොම හැදිලා තියෙන්නේ කෘතීම රසායනික පොහොර වර්ග නිසා. මේ පොහොර වර්ග යෙදුවට නම් කමක් නෑ. එත් ඒක පාලනයක් සහිතව යෙදිය යුතුයි.සමහර ප්‍රදේශ වල මේ අවිධිමත් භාවිතය නිසා මිනිසුන් විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. සමහර නයිට්ට්‍රේට් අඩංගු පොහොර වර්ග භාවිතා කිරීම නිසා ඒ ප්‍රදේශ වල ජලයේ බහුලව නයිට්ට්‍රේට් අයන තියනවා. මේවා ශාක වලට හොද උනාට අපිට හොද නෑ. නයිට්ට්‍රේට් කියන්නේ පිලිකා සෛල උත්තේජ කාරකයක්.ඒ වගේම සමහර වකුගඩු රෝග වලට ප්‍රධාන හේතුව මේක. ගැබිණි මව්වරුන් නයිට්ට්‍රේට් අඩංගු ජලය පානය කල විට ඉපදෙන දරුවා නිල් පැහැයක් ගන්නවා මෙය මෙතොමග්ලොබියා ලෙස හදුන්වනවා. හැබැයි මේ නයිට්ට්‍රේට් තියෙන්නේ පොහොර වල විතරක් නම් නෙමෙයි. කල් තබාගන්නා මස් වර්ග වලත් මේ නයිට්ට්‍රේට් තියනවා. සොසේජස්, මීට් බෝල්ස්, හැම් බේකන් වල රතු පැහැය ආරක්ෂා කර ගැනීමට භාවිතා කරන්නේ පොටෑසියම් නයිට්ට්‍රේට් .
අපට වගේම සතුන්ටත් මේ නයිට්ට්‍රේට් වල ප්‍රශ්නෙ තියනවා. කඳුකර ප්‍රදේශ වල වගාවන් සඳහා මෙම පොහොර භාවිතා කල විට එම ප්‍රදේශ වලට වැසි ලැබීමේදී පොහොර වර්ග සෝදා ඇවිත් පහත බිම් වල ඇති ජලාශ වලට එකතු වේ. එවිට එම ජලාශ වල ජලයේ හොදින් පෝෂ්‍ය පදාර්ථ තියන නිසා හොදින් ක්ෂුද්‍ර ජීවින් වර්ධනය වේ. ඒක නිසා ජලාශය මතුපිට විවිධ ඇල්ගී වර්ග වර්ධනය වේ. එවිට ජලාශය තුලට හිරු එලිය ඇතුළු අනෙකුත් සධක නොලැබෙන නිසාත්, ජලය මතුපිට ඇති ඇල්ගී ස්ථරය හේතුවෙන් ජලය තුල සිටින ජිවින්ට ඔක්සිජන් නොලැබෙන නිසාත් ඔවුන් මරණයට පත්වේ. මේ තත්වය සුපෝෂණය ලෙස හදුන්වනවා.
-මධුසංඛ බාලසුරිය
අපි හිතන්නේ නැති පැත්තක්
-මධුසංඛ බාලසුරිය
බ්‍රහස්පතිගේ රතු ලපය.

= චතුර නානායක්කාර / මදුසංඛ බාලසූරිය
සුළඟට එරෙහිව ඉටිපන්දම හා ලිප.

නමුත් ඉටි පන්දම දැල්වීමට දහන පෝෂක වන්නේ ඉටි වාෂ්ප හා ඔක්සිජන්ය. අපි ඉටි පන්දමේ දැල්ලට පිම්බ විට ඉටි වාෂ්ප හා ඒ අවට ඇති ඔක්සිජන් වායුව ඉවත්වන නිසා දල්ල නිවී යයි .
= මධුසංඛ බාලසූරිය / චතුර නානායක්කාර
= මධුසංඛ බාලසූරිය / චතුර නානායක්කාර
සිකුරු හා යුරේනස්..........
අපගේ සූර්යග්‍රහ මණ්ඩලයේ පවතින ග්‍රහලෝක වලින් බහුතරයක්ම භ්‍රමණය වන්නේ වාමාවර්තවයි. ඒ කියන්නේ එම ග්‍රහලෝක තමන්ගේ අක්ෂය වටා කරකැවෙන්නේ වම් පැත්තටයි. නමුත් සිකුරු හා යුරේනස් කියන ග්‍රහලෝක භ්‍රමණය වෙන්නේ දක්ෂිනාවර්ත්වයි. මේකට හේතුව බොහෝ විද්වතුන්ට තවමත් ගැටළුවක්. මේ සදහා ඇතැම් මතයන් කිහිපයක් තිබුනත් ඒ කිසිවක් තවමත් පරීක්ෂනාත්මකව ඔප්පු කරලා නෑ. කිසියම් විශාල ග්‍රහ වස්තුවක් මෙම ග්‍රහලෝක වල ගැටීම නිසා මේවා භ්‍රමණය වන දිශාව වෙනස් වුණා කියලත් එක මතයක් තියෙනවා. සිකුරු ග්‍රහයාගේ සිදු වූ මෙවැනි ගැටීමක් නිසා අපගේ චන්ද්‍රයා නිර්මාණය වුණා කියල ඇතැම් විද්වතුන් අතර තර්කයක් පවා පවතිනවා. මේ සදහා ඇති තවත් මතයක් වන්නේ සිකුරු ග්‍රහයාගේ වායුගෝලයේ ඝනත්වය අධික වීම නිසා මෙසේ භ්‍රමණ දිශාව අනෙකුත් ග්‍රහලෝක වලින් වෙනස් වී ඇති බවයි. මේ ග්‍රහලෝක වල පවතින තවත් පුදුමාකාර සමානකමක් වන්නේ සිකුරු හා යුරේනස් කියන ග්‍රහලෝක වල ගුරුත්වාකර්ෂණ බලයන් එක සමාන වීමයි.
- චතුර නානායක්කාර
ඇස්ටටින් ගැන ඔබ නොදත් දේ
"ඇස්ටටීන්" මේක ග්‍රීක වචනයක්, එකේ තේරුම තමයි අස්ථායි යන අදහස. ඇස්ටටීන් මුලද්‍රව්‍ය සෑදී ඇත්තේ යුරේනියම් හා තෝරියම් මුලද්‍රව්‍ය ක්ෂය වීමෙන්. ඇස්ටටීන් මුලද්‍රව්‍ය කවදාවත්ම අපට පියවි ඇසින් බලාගැනීමට අමාරුයි . ඒකට හේතුව තමයි ඒ මුලද්‍රව්‍ය තමාගේ ස්වයං විකිරණ ශක්තියෙන් වාෂ්ප වී යාමයි.මෙහි අර්ධ ආයු කාලය පැය කිහිපයයි. ඇස්ටටීන් ක්ෂය වෙන ආකාර 2 ක් තියනවා. 1 ක්‍රමයක් තමයි ඇල්ෆා අංශුවක් විමෝචනය කරමින් බිස්මත් බවට පරිවර්තනය වෙනවා. අනෙක තමයි ඉලෙක්ට්‍රෝන 2 ක් අත් පත් කර ගනිමින් පොලෝනියම් බවට පරිවර්තනය වෙන එක. මේ මුලද්‍රව්‍ය පෘතුවියේ දුලබම ද්‍රව්‍යයයි. ඇස්ටටීන් මුලද්‍රව්‍ය මොහොතින් මොහොත බිස්මත් හා පොලොනියම් බවට ක්ෂය වන අතරම නැවත යුරේනියම් හා තෝරියම් ක්ෂය වීමෙන් සැදෙනවා. පෘතුවියේ ඇස්ටටීන් මුලද්‍රව්‍ය පවතින්නේ ග්රෑම් 28 -30 ත් අතර ප්‍රමාණයක්. ඇස්ටටීන් මුලද්‍රව්‍ය අඳුරු පැහැයක් ගන්නවා යැයි සැක කරනවා . ඒ වගේම මේක අර්ධ සන්නායකයක් හා අර්ධ ලෙස ලෝහ ගුණත් දක්වනවා.
මධුසංඛ බාලසුරිය
මධුසංඛ බාලසුරිය
Subscribe to:
Posts
(
Atom
)