දොඩම් වීදුරුවේ ආශ්චර්ය

No comments



දොඩම් වීදුරුවක් සාදන විට දොඩම් ඇට පතුලේ තිබී සිනි දමා දිය කරන විට ඇට
පාවීමට පටන් ගනී මෙයට හේතුව කුමක්ද ?මෙසේ වන්නේ ඇයි දැයි ඔබට සිතුනද ? ඝනත්වයෙන් වැඩි ද්‍රව්‍ය ඝනත්වයෙන් අඩු ද්‍රව්‍ය තුල ගිලෙන බව ඔබ මුල සිටම දන්නවා නේද ? ඉතින් හිතල බලන්නකෝ එතකොට දොඩම් ඇට ජලයට වඩා ඝනත්වයෙන් වැඩි නිසා දොඩම් ඇට ජලය තුල ගිලෙනවා .දැන් සිනි දිය කරපුවහම ජලයේ ඝනත්වය වැඩි වෙනවා.ඒ වැඩි වන ප්‍රමාණය කොච්චරද කිව්වොත් දොඩම් ඇට වල ඝනත්වයට වඩා එම ද්‍රවනයේ ඝනත්වය වැඩි වෙනවා.එතකොට මම මුලින් කියපු විදිහට සිනි ද්‍රවණය මත දොඩම් ඇට පා වීම සිදු වෙනවා.




වස්තුවක් ජලය මත පාවීමටනම් එහි ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු විය යුතුයි කියල මම කලින් සදහන් කළා නේද? අපි දැන් බලමු කොහොමද එහෙම වෙන්නේ කියල. මොකක් හරි වස්තුවක් ජලය තුල හෝ ජලය මත පාවෙනවා නම් එම වස්තුව මත බලයන් 2 ක් ක්‍රියා කරනවා. ඒ තමයි උඩුකුරු තෙරපුම හා වස්තුවේ බර. එම වස්තුව මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම වස්තුවේ බරට වඩා වැඩි උනාම තමයි වස්තුවක් ජලය මත පාවීම සිදු වන්නේ.


= මධුසංඛ බාලසූරිය / චතුර නානායක්කාර

No comments :

Post a Comment