දොඩම් වීදුරුවේ ආශ්චර්ය

No comments



දොඩම් වීදුරුවක් සාදන විට දොඩම් ඇට පතුලේ තිබී සිනි දමා දිය කරන විට ඇට
පාවීමට පටන් ගනී මෙයට හේතුව කුමක්ද ?මෙසේ වන්නේ ඇයි දැයි ඔබට සිතුනද ? ඝනත්වයෙන් වැඩි ද්‍රව්‍ය ඝනත්වයෙන් අඩු ද්‍රව්‍ය තුල ගිලෙන බව ඔබ මුල සිටම දන්නවා නේද ? ඉතින් හිතල බලන්නකෝ එතකොට දොඩම් ඇට ජලයට වඩා ඝනත්වයෙන් වැඩි නිසා දොඩම් ඇට ජලය තුල ගිලෙනවා .දැන් සිනි දිය කරපුවහම ජලයේ ඝනත්වය වැඩි වෙනවා.ඒ වැඩි වන ප්‍රමාණය කොච්චරද කිව්වොත් දොඩම් ඇට වල ඝනත්වයට වඩා එම ද්‍රවනයේ ඝනත්වය වැඩි වෙනවා.එතකොට මම මුලින් කියපු විදිහට සිනි ද්‍රවණය මත දොඩම් ඇට පා වීම සිදු වෙනවා.




වස්තුවක් ජලය මත පාවීමටනම් එහි ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු විය යුතුයි කියල මම කලින් සදහන් කළා නේද? අපි දැන් බලමු කොහොමද එහෙම වෙන්නේ කියල. මොකක් හරි වස්තුවක් ජලය තුල හෝ ජලය මත පාවෙනවා නම් එම වස්තුව මත බලයන් 2 ක් ක්‍රියා කරනවා. ඒ තමයි උඩුකුරු තෙරපුම හා වස්තුවේ බර. එම වස්තුව මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම වස්තුවේ බරට වඩා වැඩි උනාම තමයි වස්තුවක් ජලය මත පාවීම සිදු වන්නේ.


= මධුසංඛ බාලසූරිය / චතුර නානායක්කාර

No comments :

Post a Comment

ලිතියම් මෙච්චර වැදගත්ද ?

1 comment

ලිතියම් මුලද්‍රව්‍යට පුළුවන් අපි හිතන විදිහ වෙනස් කරන්න. එයට මානසික රෝග වලට එරෙහිව ක්‍රියා කරන්න හැකියාව තියනවා. අපට වැදගත් ඖෂද නිෂ්පාදනය සදහා ලිතියම්  යොදා ගන්නවා කියල ඔබ දන්නවද? ඒ විතරක්ද මේ වන විට 90%ක් ජංගම දුරකථන බැටරි නිපදවීමටත්, මුළුමනින්ම පාහේ ලැප්ටොප් බැටරි නිෂ්පාදනයටත් මෙම මුලද්‍රව්‍ය යොදා ගන්නවා. ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් තෙල් සමග නටවා සබන් වැනි ද්‍රව්‍යක් නිපදවනවා, ඒක ගොඩක් උකු තෙල් වැනි ද්‍රව්‍යක්. ඒකෙන් තමයි ග්‍රීස් නිපදවන්නේ. විදුරු හා සෙරමික් කර්මාන්තය සදහා මුළුමනින්ම පාහේ යොදාගන්නේ ලිතියම්. කෘතීම රබර් හා අලුමිනියම් නිෂ්පාදනයටත්   ලිතියම් මුලද්‍රව්‍ය යොදාගන්නවා.    

මධුසංඛ බාලසූරිය


1 comment :

Post a Comment

ඔන්චිල්ලාවේ සංසිද්ධීන්.

No comments






අප කව්රුත් කුඩා කාලයේදී ඔන්චිල්ලා පැදලා තියෙනවා. එත් ඔබ මොහොතකට හරි සිතුවාද කොහොමද මේ ඔන්චිල්ලාව ක්‍රියාත්මක වෙන්නේ කියල. පෙනුමෙන් බොහොම සරල වුනාට ඔන්චිල්ලාවක් ක්‍රියාත්මක වෙන්නේ විද්‍යාත්මක සංසිද්ධීන් රාශියක උදව්වෙන්. අපි දැන් බලමු ඔන්චිල්ලාවක් ක්‍රියාත්මක වීම සදහා හේතු වන විද්‍යාත්මක සංකල්ප මොනවද කියල. ඒවා තමයි,
(01)
බල සමතුලිතතාවය.
(02)
ශක්ති සංස්ථිතිය.
(03)
දෝලන.
(04)
කෝණික චලිතය.
(05)
ඝර්ෂණ බලය හා ප්‍රතිරෝධය.
අපි හැමෝම දන්නා දෙයක් තමයි කිසියම් වස්තුවක් චලනය වෙන්නනන් එයට බාහිර අසන්තුලිත බලයක් දෙන්න ඕනේ කියන එක.
ඔන්චිල්ලාවක් නිශ්චලව තිබෙන විටදී එය පවතින්නේ බල 3ක් යටතේ සමතුලිතවයි. එනම් ඔන්චිල්ලාවේ බර පහලට ක්‍රියා කරන අතර ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ සම්ප්‍රයුක්ත බලයක් ඔන්චිල්ලාවේ තන්තු 2ක ඔස්සේ ඉහලට ක්‍රියා කරනවා. මෙසේ සමතුලිතව පවතින ඔන්චිල්ලාවක් කිසියම් පුද්ගලයෙක් තල්ලු කිරීමෙන් සිදු වන්නේ එයට බාහිර බලයක් ලබා දීමයි. නිව්ටන්ගේ පළමු නියමයට අනුව නිශ්චලව පවතින වස්තුවක් මතට බාහිර අසන්තුලිත බලයක් යෙදූ විට එම වස්තුව චලනය වීමට පටන් ගන්නවා.මේ නිසා තමය ඔන්චිල්ලාව චලනය වීම ආරම්භ කරන්නේ. නමුත් අපි කව්රුත් එක දිගට බලය සැපයීමක් කරන්නේ නෑ නේද?
අපි ඔන්චිල්ලවට තල්ලුවක් දැම්මට පසුව එය චලනය වෙලා නැවත අපි සිටින තැනටම පැමිණෙනවා කියල ඔබ දන්නවා. ඔන්චිල්ලාව මත වාත ප්‍රතිරෝධී බල හා ඝර්ෂණ බල ක්‍රියා කරන්නේ නැත්නන් එය නැවතත් චලිතය ආරම්භ කල ස්ථානයටම පැමිණෙනවා. මොහොතක් සිතන්න කොහොමද එහෙම දෙයක් සිදු වුනේ කියලා. ඔබ අහල ඇති කිසියම් සංවෘත පද්ධතියක් තුල තියෙන මුළු ශක්තිය නියතයක් කියල. අන්න ඒ ශක්ති සංස්ථිති නියමය තමයි මේ සංසිද්ධියට හේතු වෙන්නේ. අපි ඔන්චිල්ලාවට බලයක් දීල එහි ගැබ් වෙලා තියෙන ශක්තිය වැඩි කරනවා. වාත ප්‍රතිරෝධී බල හා ඝර්ෂණ බල නොමැතිනම් මේ ඔන්චිල්ලාව කියන පද්ධතියෙන් ශක්තිය හානි වෙන්නේ නෑ නේද? ඒ නිසා එහෙම වුනොත් ඔන්චිල්ලාවේ තියෙන ශක්තිය නියතයි. අන්න ඒ නිසා තමයි ඔන්චිල්ලාව බාහිර ප්‍රතිරෝධී බල නොමැති අවස්ථාවකනන් චලිතය ආරම්භ කල ස්ථානයටම නැවත පැමිණෙන්නේ. මෙවැනි ඔන්චිල්ලාවක් ඒ මත වෙනත් බාහිර බලයක් යෙදෙන තාක්කල් අවරුදු ගණනාවක් වුනත් චලනය වෙමින් පවතීවි. එත් අපි කුඩා කල පැදපු ඔන්චිල්ලා මතනම් වාත ප්‍රතිරෝධී බල හා ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා.
මේ නිසා තමයි ඒ ඔන්චිල්ලවන් ටිකක් වෙලා දෙපසට පැද්දිලා අවසානයේදී නිශ්චල වෙන්නේ. අපි ඔන්චිල්ලාවක් පිටු පසට ඇදල අත හැරීමෙන් හෝ එයට තල්ලුවක් දීමෙන් නේද ඔන්චිලාවක් චලනය කරන්නේ? ඔන්චිල්ලාව පිටු පසට ඇදීමෙන් අපි කරන්නේ එහි ගැබ්වෙලා තියෙන විභව ශක්තිය වැඩි කිරීමයි. ඔන්චිල්ලාවට තල්ලුවක් දැමීමෙන් කරන්නේ එහි චාලක ශක්තිය වැඩි කිරීමයි. මේ අතර දෙකෙන් කවර අන්දමින් හෝ අප විසින් ඔන්චිල්ලාවේ ගැබ් වෙලා පවතින යාන්ත්‍රික ශක්තිය වැඩි කිරීම සිදු කරනවා. මෙන්න මේ අමතර ශක්තිය නිසා මෙතෙක් වෙලා නිශ්චලව තිබුන ඔන්චිල්ලාව චලනය වීමට පටන් ගන්නවා.
ඔන්චිල්ලාව චලනය වන්නේ අර්ධ වෘර්තාකාර ගමන් මාර්ගයක. මේ පථයේ ඉහලම ලක්ෂයේදී එහි චාලක ශක්තිය ශුන්‍ය වන අතර එහි විභව ශක්තිය උපරිමයි. ඒ වගේම පථයේ පහලම ලක්ෂයේදී විභව ශක්තිය ශුන්‍ය මට්ටම ලෙස අපි සැලකුවොත් එහිදී ඔන්චිල්ලාවේ චාලක ශක්තිය උපරිම වෙනවා.
ඔන්චිල්ලාව පහලට ගමන් කරන විට පථයේ ඉහල ලක්ෂ වලදී ඔන්චිල්ලාව සතුව පවතින විභව ශක්තිය කාලයත් සමග ක්‍රමයෙන් චාලක ශක්තිය බවට පරිවර්තනය වනවා. මේ චාලක ශක්තිය නිසා තමයි ඊළඟට ඔන්චිල්ලාව ඉහලට ගමන් කරන්නේ. ඔන්චිල්ලාවේ සිදුවන්නේ දෝලන චලිතයක්. අනෙක් දෝලන චලිත වගේම ඔන්චිල්ලාවෙත් පහලම ලක්ෂයේදී එහි ප්‍රවේගය උපරිමයි. ඒ වගේම තමයි ඉහලම ලක්ෂයෙදී එහි ප්‍රවේගය ශුන්‍ය වෙනවා. හරියට ඔරලෝසුවක බට්ටෙකුගේ චලිතය වගේ.

- චතුර නානායක්කාර

No comments :

Post a Comment