මකුළුවන් හා කෘමීන් යනු එකම සත්ව කොට්ටාශයක්ද. ..?

මකුළුවන්ට පාද 8 ක් තිබෙනවා. නමුත් කෘමීන්ට තිබෙන්නේ
පාද 6 ක් පමනයි. මකුළුවන්ගේ දේහයේ පැහැදිලි ලෙස විභේදනය
වූ දේහ කණ්ඩ (ටැග්මා) 2 ක් තියෙනවා. ඒවා තමයි ඒකාබද්ධ හිස
(ශීර්ෂවුරසය) හා උදරය. නමුත් කෘමීන්ට හිස, උරස, උදරය කියල ඒ වගේ දේහ කණ්ඩ (ටැග්මා) 3 ක්ම පවතිනවා.
ඒ වගේම මොවුන් අතර පවතින තවත්
ආකර්ශනීය වෙනස්කමක් වන්නේ ඔවුන්ගේ ඇස්. මකුළුවන්ට සරල ඇස් පැවතියත් කෘමීන්ට පවතින්නේ
සංයුක්ත ඇස්. එපමණක් නොවෙයි,
සෑම මකුළුවෙකුටම සිහින් සේදමය තන්තු (මකුළු දැල්) නිපදවීමට හැකි
අතර කෘමීන්ට මේ හැකියාව නෑ. ඒ උනාට මකුළුවන් සතුව නැති හැකියාවන් රාශියක් කෘමීන්
සතුව පවතිනවා. මකුළුවන්ට පියාසර කිරීමට නොහැකි උනාට බොහෝ කෘමීන්ට පියාසර කිරීම
සඳහා පියාපත් පිහිටලා තියෙනවා.
දැන් ඔබට තේරෙනවා නේද? බැලූ බැල්මට මකුළුවන් හා
කෘමීන් එකම සත්ව කොට්ටාශයක් වගේ පෙනුනට අපි හොදින් බැලුවොත් ඔවුන් අතර වෙනස්කම්
රාශියක් පවතිනවා කියලා.
චතුර නානායක්කාර
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment