ජලයේ ඝනත්වයට සමාන වස්තුවක්, විවිධ ගැඹුරු මට්ටම් වල පා වීමට හේතුව.


ප්‍රශ්නය

ජලය තුල සම්පූර්ණයෙන් ගිලී පාවීමටනන් යම් වස්තුවක ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන විය යුතු වේ. එසේ ඝනත්වයෙන් සමාන වස්තුවක් ජලය තුල විවිධ ගැඹුරු මට්ටම් වල පා වීමට හේතුව කුමක්ද?
-තාරුකී ද සිල්වා

පිළිතුර

ජලයේ ඝනත්වය හා වස්තුවක ඝනත්වය සමාන වන විට වස්තුවක් ජලය තුල ගිලී පාවෙන බව ඇත්තද? පළමුව අපි සම්පූර්ණයෙන්ම ජලය තුල ගිලී පාවෙන වස්තුවක් මත ක්‍රියා කරන බලයන් මොනවාද යන්න සොයා බලමු.

වස්තුව මත ක්‍රියාත්මක වන උඩුකුරු තෙරපුම වස්තුවේ බරට සමාන වූ විට වස්තුව සමතුලිත වේ. එනම් වස්තුව ජලය තුල ගිලී පාවේ.
එනිසා ජලය තුල සම්පූර්ණයෙන් ගිලී පාවෙන වස්තුවක,

දැන් අපි මේ ගැන පොඩ්ඩකට අමතක කරමු. ඔබට මතකද ආර්කිමිඩිස් කියන ග්‍රීක දාර්ශනිකයා ඉදිරිපත් කරපු ආර්කිමිඩිස් නියමය. එයා කිව්වා ජලය තුල සම්පූර්ණයෙන් ගිලී ඇති වස්තුවක් මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම එම වස්තුව මගින් විස්ථාපනය කරන ලද ජල පරිමාවේ බරට සමාන වෙනවා කියලා.

දැන් ඉහත සමීකරණ දිහා පොඩ්ඩක් බලන්න. (2)වැනි සමීකරණයට අනුව උඩුකුරු තෙරපුම විස්ථාපිත තරල පරිමාවට සමානයි නේද? ඒ නිසා (3)න් වැනි හා (5)ස් වැනි සමීකරණ සමාන වෙනවා නේද?
එනිසා,    
එහෙනම් ජලයේ ඝනත්වයට සමාන වස්තුන් සම්පුර්ණයෙන්ම ජලය තුල ගිලී පාවෙන බව දැන් ඔබට තේරෙනවා නේද? හැබයි මෙහෙම වෙන්න නම් ඒ වස්තුව ඝන වස්තුවක් වෙන්නම ඕනේ. එහෙමනම් එම වස්තු ජලය තුල විවිධ මට්ටම් වල පාවෙන්නේ කොහොමද?
ජලයේ ඝනත්වයට සමාන වස්තු ජලය තුල සම්පුර්ණයෙන් ගිලි පා වෙද්දී ඒ මත සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වෙනවා. ඒ නිසා ඒ වස්තු ජලය තුල  ගිලිලා එම පිහිටීමෙම නිශ්චලව පවතිනවා. මෙවැනි වස්තුවක පිහිටීම වෙනස් කල හැක්කේ එය මත බාහිර අසන්තුලිත බලයක් යෙදීම මගිනි. එහෙනම් අපි මෙවැනි වස්තුවක් ජලය තුල විවිධ ගැඹුරු මට්ටම් වල තිබ්බොත් ඒ තැන් වලම ඒ වස්තු නිශ්චලව තියෙනවා. මේ නිශ්චලතාවය වෙනස් කරන්න පුළුවන් ඒ මත බාහිර අසන්තුලිත බලයක් යෙදීම මගින්. එතකොට ඔයාලට මතක් වෙන්න ඇති නේද සර් අයිසෙක් නිව්ටන් එයාගේ 3න් වෙනි නියමයෙන් කිව්වෙත් මේ දේම තමයි කියල?

චතුර නානායක්කාර