ජලයේ ඝනත්වයට සමාන වස්තුවක්, විවිධ ගැඹුරු මට්ටම් වල පා වීමට හේතුව.


ප්‍රශ්නය

ජලය තුල සම්පූර්ණයෙන් ගිලී පාවීමටනන් යම් වස්තුවක ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන විය යුතු වේ. එසේ ඝනත්වයෙන් සමාන වස්තුවක් ජලය තුල විවිධ ගැඹුරු මට්ටම් වල පා වීමට හේතුව කුමක්ද?
-තාරුකී ද සිල්වා

පිළිතුර

ජලයේ ඝනත්වය හා වස්තුවක ඝනත්වය සමාන වන විට වස්තුවක් ජලය තුල ගිලී පාවෙන බව ඇත්තද? පළමුව අපි සම්පූර්ණයෙන්ම ජලය තුල ගිලී පාවෙන වස්තුවක් මත ක්‍රියා කරන බලයන් මොනවාද යන්න සොයා බලමු.

වස්තුව මත ක්‍රියාත්මක වන උඩුකුරු තෙරපුම වස්තුවේ බරට සමාන වූ විට වස්තුව සමතුලිත වේ. එනම් වස්තුව ජලය තුල ගිලී පාවේ.
එනිසා ජලය තුල සම්පූර්ණයෙන් ගිලී පාවෙන වස්තුවක,

දැන් අපි මේ ගැන පොඩ්ඩකට අමතක කරමු. ඔබට මතකද ආර්කිමිඩිස් කියන ග්‍රීක දාර්ශනිකයා ඉදිරිපත් කරපු ආර්කිමිඩිස් නියමය. එයා කිව්වා ජලය තුල සම්පූර්ණයෙන් ගිලී ඇති වස්තුවක් මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම එම වස්තුව මගින් විස්ථාපනය කරන ලද ජල පරිමාවේ බරට සමාන වෙනවා කියලා.

දැන් ඉහත සමීකරණ දිහා පොඩ්ඩක් බලන්න. (2)වැනි සමීකරණයට අනුව උඩුකුරු තෙරපුම විස්ථාපිත තරල පරිමාවට සමානයි නේද? ඒ නිසා (3)න් වැනි හා (5)ස් වැනි සමීකරණ සමාන වෙනවා නේද?
එනිසා,    
එහෙනම් ජලයේ ඝනත්වයට සමාන වස්තුන් සම්පුර්ණයෙන්ම ජලය තුල ගිලී පාවෙන බව දැන් ඔබට තේරෙනවා නේද? හැබයි මෙහෙම වෙන්න නම් ඒ වස්තුව ඝන වස්තුවක් වෙන්නම ඕනේ. එහෙමනම් එම වස්තු ජලය තුල විවිධ මට්ටම් වල පාවෙන්නේ කොහොමද?
ජලයේ ඝනත්වයට සමාන වස්තු ජලය තුල සම්පුර්ණයෙන් ගිලි පා වෙද්දී ඒ මත සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වෙනවා. ඒ නිසා ඒ වස්තු ජලය තුල  ගිලිලා එම පිහිටීමෙම නිශ්චලව පවතිනවා. මෙවැනි වස්තුවක පිහිටීම වෙනස් කල හැක්කේ එය මත බාහිර අසන්තුලිත බලයක් යෙදීම මගිනි. එහෙනම් අපි මෙවැනි වස්තුවක් ජලය තුල විවිධ ගැඹුරු මට්ටම් වල තිබ්බොත් ඒ තැන් වලම ඒ වස්තු නිශ්චලව තියෙනවා. මේ නිශ්චලතාවය වෙනස් කරන්න පුළුවන් ඒ මත බාහිර අසන්තුලිත බලයක් යෙදීම මගින්. එතකොට ඔයාලට මතක් වෙන්න ඇති නේද සර් අයිසෙක් නිව්ටන් එයාගේ 3න් වෙනි නියමයෙන් කිව්වෙත් මේ දේම තමයි කියල?

චතුර නානායක්කාර

විශ්මිත හොඬවැල

No comments
Elephant Cartoon

සොබා දහමේ අපූරු නිමවුම් අපට නිතර දකින්න ලැබෙනවා. ඒවා අතරින් එකක් තමයි අලියාගේ හොඬවැල. පේෂීන් හා ඛන්ඩරා දස දහස් ගණනකින් සෑදී පවතින මෙහි කිසිදු අස්ථියක් අන්තර්ගත නෑ. පුදුමයි නේදඅපගේ මුළු ශරීරයේම තියෙන්නේත් පේශීන් 639 ක් පමණයි. අලියාගේ හොඩවැලේ අස්ථි නැති වුනාට ඒකත් හරියට අපේ අතක් වගේ ක්‍රියා කරනවා.


ආසියානු අලියාඅප්‍රිකානු අලියාමේ හොඬවැල මගින් කිලෝ ග්රෑම් 270ක ට වඩා විශාල බරක් වුනත් ඔසවන්න පුලුවන්. එය ඔවුන්ගේ දේහ බරෙන් 4.5% ක ප්‍රමාණයක්. හොඩවැලේ අග්‍රය ඉතා සියුම් හා සංවේදීයි. මේ නිසා පොලව මත පවතින කාසි කිහිපයක් උනත් අලියෙකුට විශාලත්වය අනුව වෙන් කරලා ගන්න පුළුවන්. හොඩවැලේ කෙලවර තියෙන සියුම් ඇගිලි වැනි නෙරුම් මගින් තමයි ඔවුන්ට මේ හපන්කම දක්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. අප්‍රිකානු අලින්ට මේ වගේ නෙරුම් දෙකක් තියෙනවා. එත් ආසියානු අලින්ට තියෙන්නේ ඒ වගේ නෙරුම් එකයි. මිනිසුන්ගේ නහයට සාපේක්ෂව තමයි අලින්ගේ හොඬවැල පිහිටලා තියෙන්නේ. අලින්ගේ නාස් කුහරයන් දෙකනාස් මාර්ගය හා උඩු තොල අන්තර්ගත වන්නේ හොඬවැලේ. අලීන් තමන්ගේ හොඬය ආශ්වාස ප්‍රාශ්වාස කිරීම සදහා පමණක් නොව ඇතැම් විට ජලය ගබඩා කිරීමටත් යොදා ගන්නවා. සාමාන්‍යයෙන් අලියෙකුගේ හොඬවැල තුල ජලය ලීටර් 4 ක් පමණ රඳවා ගන්න පුළුවන්. ඒ ප්‍රමාණය සාමාන්‍යයෙන් මිනිසෙක් දිනකට පානය කරන ජල ප්‍රමාණය වගේ දෙගුණයක්. අපේ නහයෙන් අපි කරන්නේ හුස්ම ගන්න එක විතරක් උනාට අලියන් එයින් කොතරම් ප්‍රයෝජන ගන්නවද කියල දැන් ඔබට තේරෙනවා ඇති නේද


: චතුර නානායක්කාර

No comments :

Post a Comment